IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නවාතැනට බාධා කළ මීයාගෙන් ගෘහණියට පාඩමක්

තම නිවසේ රෙදි සෝදන යන්ත්‍රයට වැඩි ආරක්ෂාවක් සැපයීමට යාමෙන් එයට ඇතුල් වූ මීයකු විසින් ගෙහිමි කතට කදිම පාඩමක් ඉගැන්වීමේ සිදුවීමක්  මහනුවර නගරයේ පිහිටි ගම්මානයකින් අසන්නට ලැබිණි.


සිද්ධියට මුහුණ පා සිටි පුද්ගලයාගේ නිවසට තම බිරිඳගේ මව එනම් නැන්දනිය පැමිණියේ ටික දවසකට තම දරුවන් බලා ගැනීමේ අරමුණ ඇතිවය.


එසේ පැමිණි ඇය නිවසේ රෙදි සෝදන යන්ත්‍රයට ආරක්ෂාව මදි යැයි සිතා මීයන්ගෙන් ආරක්ෂා වීමට එයට ඉහළින් රෙද්දකින් වැසුවේ වැඩි ආරක්ෂාවටය.


 පසු දිනක රෙදි සේදීමට යාමේ දී එය ක්‍රියා විරහිතව ඇති බවත් වැඩිදුර සොයා බැලීමේ දී එහි මීයකු රිංගා සිටින බවත් දක්නට ලැබිණි.
රෙදි සෝදන යන්ත්‍රයේ සිටි මීයා එයින් එළවීමට සුදුසු අවියක් සෙව්වත් එවැනි යමක් සොයා ගැනීමට නොමැති හෙයින් කොස්සෙන් පහර කිහිපයක්  ගසා  මීයා ඉවත් කිරීමට උත්සහ කළේය.


නිවස අතුගෑමට අලුතින්ම ගෙනා කොස්සට රුපියල් පන්සියක මුදලක් වැයකර තිබූ අතර මීයා එළවීමට ගැසූ පහරකින් කොස්ස බිදී ගියේය.


කොස්ස බිඳි ගියත් මීයා තවදුරටත් රෙදි සෝදන යන්ත්‍රය තුළ සිරවී සිටින බව දැක ගන්නට ලැබුණු අතර එදින දවස පුරාම උත්සාහ කළත් මීයා රෙදි සෝදන යන්ත්‍රය තුළින් එළියට ගැනීමට නොහැකිවිය.


අවසානයේ දී මීයා ඉවත් කිරීමට කාර්මිකයෙකුගේ සහාය ලබා ගැනීමට තීරණය කළ අතර ආසන්නයේ ඇති එවැනි උපකරණ අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයකට රැගෙන ගියේය. එය පරීක්ෂා කර බලා මියා ඉවත් කර යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා සති දෙකක කාලයක් පමණ ගතවන බවට කාර්මිකයා සඳහන් කළේය.


නිවෙස් හිමියාට හා භාර්යාවට දෛනිකව රාජකාරීයට වාර්තා කිරීමට ඇති බැවින් රෙදි සේදීමේ කාර්යයෙන් වැඩි කොටසක් සති දෙකක කාලයක් පමණ නැන්දනියට පැවරුණේ  නිරායාසයෙනි. ඒ හේතුවෙන් ඔවුන්ගේ දෛනික වියදම ද ඉහළ ගියේ නැන්දනිය නිවසේ  නතර වූ නිසාවෙනි.


පසු දිනයක රාජකාරි නිමවී රෙදි සෝදන යන්ත්‍රය රැගෙන ඒම සඳහා කාර්මිකයා වෙත ගිය  රෙදි සෝදන යන්ත්‍රයේ හිමිකරු, අලුත්වැඩියාව සඳහා වැය වන මුදල විමසුවේය. ඒ සඳහා රුපියල් දොළොස් දහසක මුදලක් අවශ්‍ය බවත් ප්‍රවාහනය සඳහා රුපියල් දෙදහසක මුදලක් වැයවන බවත් කාර්මිකයා සඳහන්  කළේ හිමිකරුගේ ඉහ මොළ රත්කරමිනි. කෙසේ හෝ අදාළ මුදල ගෙවා සිතේ අමාරුවට අතරමග දී ඉතිරි මුදලින් අඩියක් ද ගසා රෙදි සෝදන යන්ත්‍රය නිවසට ගෙන ආ ඔහු ගෙදර කොස්සට පන්සියයි, අලුත්වැඩියාවට පහළොස් දාහයි, පරිස්සමට ගිහින් හොඳ ගානකට තට්ටු උනා යැයි උස් හඩින් පැවසුවේ නැන්දනියට ඇසෙන්නටය.

කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ



අදහස් (0)

නවාතැනට බාධා කළ මීයාගෙන් ගෘහණියට පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 783 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site