IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


නවයේ ගමන් ගාස්තුවට දාහක් දික් කරලා

රුපියල් නවයේ ටිකට් පත‍්‍රය වෙනුවෙන් රුපියල් දහසේ නෝට්ටුවක් පෞද්ගලික බස් කොන්දොස්තරවයකුට දීම නිසා කඳුරට ප‍්‍රදේශයේ බස් රථයක පසුගියදා මහත් ගාලගෝට්ටියක් හට ගත්තේය.

සිද්ධිය සැකෙවින් මෙසේය.
එය කඳුරට ප‍්‍රදේශයේ කුඩා නගරයකි. බස් රථ අඩුවෙන් ධාවනය වන නිසා ධාවනය වන බස් රථ කිහිපය නිතර මගීන්ගෙන් පිරී පවතී. පසුගිය දිනෙක මෙම මාර්ගයේ ධාවනය වන එක් පෞද්ගලික බස් රථයකට මැදි වියේ පුද්ගලයෙක් ගොඩ විය.

බස් රථයට නැගුණු ඔහු ”මල්ලි නවයේ එකක්” යැයි කියමින් රුපියල් දාහේ නෝට්ටුවක් කොන්දොස්තර මහතා වෙත දික් කළේය. එම රුපියල් දහස දුටු කොන්දොස්තරවරයාට කර කියා ගත හැකි දෙයක් නොවීය.

”මහත්තයා රුපියල් නවයට දාහක් මාරු කරන්න කොහෙද තියෙන්නේ, සිල්ලරවලින් රුපියල් නවයක් දෙන්න” යැයි ඉල්ලීය. ”සිල්ලර නෑනේ, තියෙනව නම් දෙනවනේ. මේකෙන් මාරු කරල ගන්න” ආදී වශයෙන් මගියා කියද්දී දෙන්නා අතර වාග් ප‍්‍රහාරය එන්න එන්නම වැඩි වන්නට විය. මේ අතරතුර අදාළ මගියා බසයෙන් බැසිය යුතු ස්ථානයත් ළං විය. ”මං ඔය ඉස්සරහ බහිනව, ඉක්මනට ඉතිරි සල්ලි දෙන්න” යැයි නැවතත් ඔහු ඉල්ලීය. රුපියල් දාහේ නෝට්ටුව අතේ තියාගෙන සිටින කොන්දොස්තරවරයා සතුව ඔහුට ඉතිරි මුදල් දෙන්නට තරම් මුදලක් නැත. මගියා ළඟ ද රුපියල් නවයක් දෙන්න සිල්ලර මුදල් නැත. මෙම උභතෝකෝටික ප‍්‍රශ්නය විසඳීමට ඉදිරිපත් වූයේ බස් රථයේ ගමන් කළ මගියෙකි. ඔහු මගියාගේ ටිකට් පතේ ගාස්තුව වන රුපියල් නවය ගෙවා සිද්ධිය සමථයකට පත් කළේය.



අදහස් (0)

නවයේ ගමන් ගාස්තුවට දාහක් දික් කරලා

පද්මේ Tuesday, 28 January 2014 09:10 AM

සෙලිනා, රුපියල් 9 කට වංචා කලත් ලක්ෂයකට වංචා කලත් පව පවමයි. මගියා කට්ටකමක් කලානම් ගෙවන්න වෙයි. (නදී)

:       0       0

සෙලිනා Monday, 27 January 2014 06:50 PM

පද්මේ ඔයා හරි, රුපියලකින් දෙකකින් කවුරුවත් පොහොසත් වෙන්නේ නැහැ මෙතන සිද්ධිය දිහා බැලුවම පෙනෙන දෙයක් තමයි මගියා කපටි කමට මාරු සල්ලි නැහැ කියපු බව කෙසේ හෝ දාහේ නෝට්ටුවත් අරන් බස් ගාස්තුවත් පිරිමහන් ගෙදර ගියානේ කොහොමද මොලේ (අ)

:       0       0

අජිත් Monday, 27 January 2014 07:08 PM

හැබැයි ඉතින් රුපියල් නවය වගේ දසගුණයක් ඔහුට පසුව පොලිත් එක්කම ගෙවන්න වෙයි (අ)

:       0       0

චින්තක කසුන් වනසූරිය Tuesday, 28 January 2014 12:53 PM

මොනව වුණත් මේ මගිය කරපු වැඩේ වැරදී.(දිල්)

:       0       0

ශාන්ති Monday, 27 January 2014 10:52 PM

මටත් හිතුනේ මගියා කපටි අයෙක් කියලා.(නදී)

:       0       0

අනූ Tuesday, 28 January 2014 04:09 PM

සල්ලි දීල රණ්ඩුව විසදපු කෙනා ගැන හිතන්න කොච්චර හොද මනුස්සයෙක්ද. (නදී)

:       0       0

භාණු Monday, 27 January 2014 11:36 AM

ඔය මගියා කපටියෙක් පාටයි (අ)

:       0       0

අමිල සිංග Monday, 27 January 2014 11:39 AM

පෙර ගෙවුම් ප්‍රවාහන කාඩ් පත ඉක්මනටම දිවයින පුරා ක්‍රියාත්මක කල යුතුය! (අ)

:       0       0

ශ්‍යාමන් Monday, 27 January 2014 11:43 AM

කොන්දොස්තරලගේත්,මගියන්ගේත් දෙගොල්ලන්ගේම ඔය කපටි වැඩ සිද්දවෙනවා. ඔය 1000 නෝට්ටුව දුන්න වගේම රුපියල් 10ක් දුන්නමත් ඉතිරි රුපියල දෙන්න එයාලට මාරු නැහැ.ඉතිරි රුපියල මගියෝ ඉල්ලුවොත් කොන්දොස්තර බල්ලන්නේ හරියට හිඟමන් ඉල්ලුව වගේ.මගියත් දැනගන්න ඕන ඔය වගේ කපටි වැඩ නොකර ඉන්න, (අ)

:       0       0

අසාද් Monday, 27 January 2014 12:41 PM

ප්‍රයිවෙට් බස්කාරයො මහ ජරාම ජාතියක්.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 28 January 2014 03:23 AM

අසාද්, සාමාන්යෙන් පුද්ගලික බස් කොන්දොස්තරලා අසාදාරන වුන පලියට හැම සිද්දියක්ම ඔවුන්ගේ ගිණුමට බැර කරන එක වැරදියි. ඔබ මේ කොන්දොස්තර නම් රුපියල් නවසීය අනූ එකක් ඉතුරු සල්ලි ප්‍රශ්නයක් නැතුව දෙනවද? (නදී)

:       0       0

සුරේෂ් Tuesday, 28 January 2014 09:00 PM

මඩ ගොඩේ පිපුණු සුපිපි නෙළුම දුටු හා අපට පෙන්වූ අනුට ස්තුති මෙවැනි අයුරින් පුවත් දෙස බැලීමෙන් අප ලේ පිරිසිදු වෙනවා පමණක් නොව අපව හොඳ දේ කිරීමට පෙලම්බවිමක්ද සිදුකරයි (අ)

:       0       0

පද්මේ Monday, 27 January 2014 02:56 PM

මෙතන නම් සම්පුර්ණ වැරැද්ද මගියාගේ. තමන් ළඟ මාරු නැත්නම් කරුණාවෙන් ඒක කොන්දොස්තරට කියන්න තිබ්බා. මමත් සැහෙන්න කාලෙකට පස්සේ තිබුන කාර් ඒක විකුණලා අනික් ඒක ගන්නකන් සති දෙකතුනක් බස් එකේ ගියා. ගොඩක් හොඳ කොන්දොස්තරලත් හම්බවුනා. මාරු නැහැ මල්ලි තියන විදිහට ඉතුරු සල්ලි දෙන්න කිව්වම හරියටම ඉතුරු දුන්නා. සමහරු නම් රුපියල දෙක දුන්නේ නැහැ. සමහරු රුපියල දෙක ගත්තෙත් නැහැ. රුපියලකින් දෙකකින් මම දුප්පත් වෙන්නෙත් නැහැ. කොන්දොස්තර පෝසත් වෙන්නෙත් නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 449 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 575 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1058 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 891 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2345 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 816 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 269 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 244 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site