(හාරිස්පත්තුවේ මොහොමඞ් ආසික්)
අනතුරුදායක තත්ත්වයක් නිසා ආරක්ෂිත ස්ථානවලට යන්නැයි කීවාම අනතුරක් නැතිවම සැමියා තම හිතවත් කාන්තාවකගේ නිවෙසට ආරක්ෂාව සොයා යාමේ පුවතක් වාර්තා වෙයි.
තිදරු පියකු වූ ඔහු ජීවත් වූයේද නායයෑම් අවදානමක් සහිත ගමකය. මධ්‍යම පළාත පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නිතරම අවදානම දැනුම්වත් කරනු ලැබ තිබේ. පසුගිය දිනක ඔහු හදිසියේම අතුරුදහන් විය.
භාර්යාව විසින් ඥාතීන් එදින දවස පුරා ඔහු සෙව්වද ඔහු සොයාගත නොහැකි විය. සවස්වීගෙන එද්දී ප‍්‍රදේශවාසියකුගෙන් ලද තොරතුරක් අනුව ගමේ කෙළවරක පිහිටි නිවෙසක සිටිය දී ඔහු සොයා ගනු ලැබ තිබේ. එම නිවෙස ඔහුගේ හිතවත් කාන්තාවකගේ නිවෙසයි. ඔහුගේ භාර්යාව ඔහු සොයාගත් පසු ඔහු ඇයට ප‍්‍රකාශ කර ඇත්තේ මේ දිනවල නායයෑම් අවදානමක් පවතින බැවින් ආරක්ෂාව පතා එම නිවෙසට පැමිණි බවයි. එතකොට දරුවන්ට මොනවද වෙන්නේ යැයි ඔහුගෙන් විමසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ,එම ගෙදර පුරුෂයා ආවා නම් නාය විතරක් නොවෙයි පොළොවත් පළාගෙන යන්න වෙනවා. (නි)
තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සළසාගත යුතුයි (නි)
දරුවන් නාය යන ගෙට අහු වෙනවටම අකමැති ඇති මෙයා. අනේ පවු. (බ)
බේරෙන්න කියල ගිහින් තියෙන්නේ මාරයාගේ කටටමනේ. (ර)
තම තමන්ගේ ආරක්ෂාව තම තමන් බලා ගත යුතුයි කියලානේ කියා තියෙන්නේ.(හේ)
නැව ගිලුනත් බෑන් චුන් කියල මිනිහට හිතෙන්න ඇති. මෙහෙමත් තාත්ත කෙනෙක්. (ර)
සැබෑවටම මෙයා පියෙක්ද? (නි)
මේ එක්කම එයාගේ පවුලත් නායයන්න ඇති. (නි)
එහෙම බැලුවොත් නම් එන්න එන්නම නාය යෑම් අවදානම වැඩිවෙනවා වගේම රටේ සෑම ප්‍රදේශයකම නාය යෑම් අවදානම තියෙනවා.(හේ)