IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


නේවාසික රෝගියා දවල් හීනයක් දැක රෝහලටම ඇහෙන්න හූ කියලා

අනුරපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගියකු දිවා කාලයේ හීනෙන් හූ කීම නිසා එම ස්ථානයට ළඟාවූ කාර්ය මණ්ඩලය ඇතුළු රෝගීහු විනෝදයට පත්වූහ. දිනය පස්වැනිදාය. අනුරපුර රෝහලේ වාට්ටු අංක 18ය. රෝගියා තඹුත්තේගමට ආසන්න ගමක වෙසෙන්නෙකි. එදින මෙම රෝගියා    රෝහලෙන් පිටත්වීමට නියමිතව සිටියේය. දහවල් 11.30 පමණ තවත් රෝගීන් කිහිප දෙනෙකු රැඳී සිටි ස්ථානයට ඔහු පැමිණියේය. එම  ස්ථානයේ කතා බහට ලක්වුයේ මත් වතුර බොන අයට නම් කිසිම පපුවේ අමාරුවක් හැදෙන්නේ නැහැනේ යන මාතෘකාවයි. ඒ අවස්ථාවේ මේ රෝගියා ”මම නම් හොඳට ගහනවා. අද  යනකොටත් ෂොට් එකක් දාලා තමයි යන්නේ” යනුවෙන් කියන්නට විය. මේ කතාව බොහොම අපුරු ලෙස විවිධ උපමා උපමේය තුළින් පටන් ගෙන කතාව හමාර විය. ඉන්පසු මොහු නින්දකට සුදානමින් ඔහුට අයත්  ඇඳට ගොඩ විය.  විනාඩි 10ක්  ගතවීමටත් මත්තෙන් අංක 18 වට්ටු  දෙවනත් වන අයුරින් ඔහු දෙවතාවක් හූ හඬ තලන්නට විය. එතැනට පැමිණියේ වාට්ටුවේ රැඳී සිටි  ජ්‍යෙෂ්ඨ  වෛද්‍යවරයෙකු ඇතුළු හෙදියකි. ඔහුගෙන් තතු විමසීය. ”මං හීනයක් දැක්කා සර්”  කියමින් කතාව හමාර විය. එය අසා සිටි කිහිප දෙනෙක් සිනහ මුසු මුහුණින් ඉන් ඉවත්ව ගියහ. ඉන්පසු සිහිනය  දුටු අය කලින් කතා බහේ නියැලූණු මිතුරන් කිහිප දෙනා අතරට පැමිණියේ ලැජ්ජාව තුරුලූ කරගෙනය. පසුව ඔහු සැබෑම තොරතුරු හෙළිකරන්නට විය. ”මචං මං මාර හීනයක් දැක්කේ. මං ෂොට් එකක් දාන්න ගියා. පොලීසිය මගේ පස්සේ පැන්නුවා. දැන් දවස් දෙක තුනක් ගත්තෙත් නැහැනේ. ඇඟට පණ නැති නිසා දුවගෙන යන්න බැරිව ගියා. ඒ නිසා ළඟම ඇති බැම්මක් උඩට නැග්ගා. අනේ මං ඇදගෙන වැටුණා. ඔළුව පහළටත් කකුල් දෙක උඩටත් හිටින විදිහටයි වැටුණේ. මං ඒකට බයවෙලයි කෑගැහුවේ” යැයි පැවසීය.



අදහස් (0)

නේවාසික රෝගියා දවල් හීනයක් දැක රෝහලටම ඇහෙන්න හූ කියලා

නුවර දර්ශණ Saturday, 08 September 2012 08:43 PM

බොන අය ‍වැඩිහරියක් කියන්නේ බොරු.. මේකත් බොරුවක්ද දන්නේ නැහැ...!(නු)

:       0       0

මොහොමඩ් ‍- බේරැවල Friday, 07 September 2012 10:41 AM

එක එක නම් යොදාගෙන එක එක කියුම් කියාගෙනම මත් පැන් පානය කරනවා. කොහොමත් බොන අයට පපුවේ අමාරු හැදෙන්නේ නැති ලු.... රෝග සියයක් හැදිලා එකක් වැළකුනාම හොදද...? ඉන්නකම් හොදට බීලා ඊලග පරම්පරාවටත් පුරුදු කරලා යන්න. එතකොට ඒ පරම්පරාවේ අයත් බීලා උපයන පව් වලින් වැඩි හරියක් ඔබට ලැබෙයි එතකොට අපායේ වැඩි කාලයක් ඉන්න පුළුවන් වේවි..... රෝහලෙන් ‍නේවාසිකව බෙහෙත් අරන් පිටවෙන කොටත් බොන්න ඕනද? (ස)

:       0       0

සුමිත් Friday, 07 September 2012 05:52 PM

දැන් හීනයට බයේ බීම නතර කරයිද? (නි)

:       0       0

ප්‍රවීන් Friday, 07 September 2012 11:21 AM

ඔලුව පහලට කකුල් උඩ‍ට හිටින්න වැටුනට කමක් නෑ...හැබැයි ප්‍රතෝ එහෙම වෙනවනම් සරම ඇදන් එහෙම බොන්න එපා..(ස)

:       0       0

රාජා Saturday, 08 September 2012 11:47 AM

මෙහෙම කතා පලකරනඑක හොදයි. අපේ ඇගේ ලේ පිරිසිදු වෙනවා.(ස)

:       0       0

ලක්ෂ් Friday, 07 September 2012 06:47 PM

කතා වෙච්ච දෙයක් විනාඩි ගණනකදි සිහිනෙන් දැක්ක සිදුවීමක් ඇහුවමයි. හීනත් දැන් ක්ෂණික වෙලා. (නි)

:       0       0

වරුණ Friday, 07 September 2012 11:44 AM

අපිටත් පිස්සු වගේ දැන්නම් (දී)

:       0       0

ශ්‍රියානි Friday, 07 September 2012 11:50 AM

හැමදාමත් බීපු කෙනාට අපාය හැබැහින් පේනවා ...ඒත් ඉතිං කෝ ??? බීම නතර කරනවද ?? බිව්ව‍ට පස්සේ සමහර මිනිස්සු අන්තිමයි. ඒ වෙලාවට අපි තමයි අපාය දකින්නේ..(ස)

:       0       0

ජේසුස්මි Sunday, 09 September 2012 12:40 AM

ප්‍රවීන්, නියම කතාව ප්‍රවීන්. මමත් මේ එහෙම කියන්න හැදුව විතරයි. (නි)

:       0       0

කැළුම Saturday, 08 September 2012 12:28 PM

ලස්සන හීනයක්..(ස)

:       0       0

ජේසුස්මි Sunday, 09 September 2012 12:42 AM

කමල්ගේ කතාවත් නියමයි. (නි)

:       0       0

කමල් Saturday, 08 September 2012 01:00 PM

දැන් ඔය කාටද හූ කියල තියෙන්නේ?(ස)

:       0       0

ජනක Monday, 10 September 2012 09:12 AM

අනේ අනිච්චං .(ස)

:       0       0

අමිල කටුනායක Friday, 07 September 2012 09:08 PM

සෑහෙන්න බොන්න ඕනෑ ප්‍රශ්නයක්නේ. (නි)

:       0       0

ඩයස් Tuesday, 11 September 2012 11:28 PM

මෙතන බීලා ඔහොම නම්, වෙන තැනක බිවුවොත් ඔලුව නැතුව පහළට ඇදගෙන වැටෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

රොෂාන් Friday, 07 September 2012 09:22 PM

සන්තෝෂයටත් බොනවා, දුකටත් බොනවා. මොකක්ද මේකේ තේරුම? (නි)

:       0       0

සතිල් Saturday, 08 September 2012 03:00 PM

අනේ අපෝ බොන්නම් එපා . හීනෙන් බිව්වාට කමක් නැහැ (ස)

:       0       0

ච්නද්‍රසිරි Friday, 07 September 2012 01:32 PM

සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමී. (නි)

:       0       0

හර්ෂණ Friday, 07 September 2012 01:55 PM

මටත් හුඋවක් කියන්න හිතෙනවා (දී)

:       0       0

තිළිණ Tuesday, 11 September 2012 05:32 PM

සපුමල් මෙතනදී වැරදියි (නි)

:       0       0

හේමන්ත Friday, 07 September 2012 02:40 PM

රෝගීන් විතරක් නොවෙයි ලෙඩක් නැති අපිත් දැන් ගැස්සී ගැස්සී ඇහැරෙනවා (දී)

:       0       0

මනූ Sunday, 09 September 2012 11:26 AM

ඔය මනුස්සයට මොකද නිදා ගන්න දුන්නේ. අනික ‍මහදවාලක...(ස)

:       0       0

හරින් Sunday, 09 September 2012 12:03 PM

නියම බොනපාට් කෙනෙක්...(ස)

:       0       0

ලන්ඩන් Sunday, 09 September 2012 01:08 PM

මේ මනුස්සයගේ ඔලුව තියෙන්නේ කොහෙද දන්නේ නෑ..ඒ නිසා මෙහෙම වැටුනට හූ කියන්න ඕන නෑ...(ස)

:       0       0

ලලිත් කටාර් Friday, 07 September 2012 04:59 PM

අනේ පව් . හීනෙන් උනත් ඔය විදිහට වැටෙන්න නරකයි . බලන්න අතගාල ඔලුව තියනවද කියල . (දී)

:       0       0

පනාගොඩ Friday, 07 September 2012 04:58 PM

රැට දකින්න හීන ඉතුරුවෙලා නැතිව ඇති (දී)

:       0       0

සපුමල් Friday, 07 September 2012 10:35 AM

පව්කාරයෝ අපායට වැටෙන්නෙත් ඔලුව පහලට කකුල් උඩට බව බුදුන් වහන්සේ දෙශනා කොට තිබේ. (උද්ධ පාදා අවංසිරා) මේ ආකාරයට අපායට වැටීම ඉතාම දරුණු වැටීම ලෙසයි හැදින් වෙන්නෙ.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 209 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 459 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1005 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 876 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2315 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 804 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site