අනුරපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගියකු දිවා කාලයේ හීනෙන් හූ කීම නිසා එම ස්ථානයට ළඟාවූ කාර්ය මණ්ඩලය ඇතුළු රෝගීහු විනෝදයට පත්වූහ. දිනය පස්වැනිදාය. අනුරපුර රෝහලේ වාට්ටු අංක 18ය. රෝගියා තඹුත්තේගමට ආසන්න ගමක වෙසෙන්නෙකි. එදින මෙම රෝගියා රෝහලෙන් පිටත්වීමට නියමිතව සිටියේය. දහවල් 11.30 පමණ තවත් රෝගීන් කිහිප දෙනෙකු රැඳී සිටි ස්ථානයට ඔහු පැමිණියේය. එම ස්ථානයේ කතා බහට ලක්වුයේ මත් වතුර බොන අයට නම් කිසිම පපුවේ අමාරුවක් හැදෙන්නේ නැහැනේ යන මාතෘකාවයි. ඒ අවස්ථාවේ මේ රෝගියා ”මම නම් හොඳට ගහනවා. අද යනකොටත් ෂොට් එකක් දාලා තමයි යන්නේ” යනුවෙන් කියන්නට විය. මේ කතාව බොහොම අපුරු ලෙස විවිධ උපමා උපමේය තුළින් පටන් ගෙන කතාව හමාර විය. ඉන්පසු මොහු නින්දකට සුදානමින් ඔහුට අයත් ඇඳට ගොඩ විය. විනාඩි 10ක් ගතවීමටත් මත්තෙන් අංක 18 වට්ටු දෙවනත් වන අයුරින් ඔහු දෙවතාවක් හූ හඬ තලන්නට විය. එතැනට පැමිණියේ වාට්ටුවේ රැඳී සිටි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ඇතුළු හෙදියකි. ඔහුගෙන් තතු විමසීය. ”මං හීනයක් දැක්කා සර්” කියමින් කතාව හමාර විය. එය අසා සිටි කිහිප දෙනෙක් සිනහ මුසු මුහුණින් ඉන් ඉවත්ව ගියහ. ඉන්පසු සිහිනය දුටු අය කලින් කතා බහේ නියැලූණු මිතුරන් කිහිප දෙනා අතරට පැමිණියේ ලැජ්ජාව තුරුලූ කරගෙනය. පසුව ඔහු සැබෑම තොරතුරු හෙළිකරන්නට විය. ”මචං මං මාර හීනයක් දැක්කේ. මං ෂොට් එකක් දාන්න ගියා. පොලීසිය මගේ පස්සේ පැන්නුවා. දැන් දවස් දෙක තුනක් ගත්තෙත් නැහැනේ. ඇඟට පණ නැති නිසා දුවගෙන යන්න බැරිව ගියා. ඒ නිසා ළඟම ඇති බැම්මක් උඩට නැග්ගා. අනේ මං ඇදගෙන වැටුණා. ඔළුව පහළටත් කකුල් දෙක උඩටත් හිටින විදිහටයි වැටුණේ. මං ඒකට බයවෙලයි කෑගැහුවේ” යැයි පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝෂයටත් බොනවා, දුකටත් බොනවා. මොකක්ද මේකේ තේරුම? (නි)
මෙතන බීලා ඔහොම නම්, වෙන තැනක බිවුවොත් ඔලුව නැතුව පහළට ඇදගෙන වැටෙයිද දන්නේ නැහැ. (නි)
සපුමල් මෙතනදී වැරදියි (නි)
අනේ අනිච්චං .(ස)
මේ මනුස්සයගේ ඔලුව තියෙන්නේ කොහෙද දන්නේ නෑ..ඒ නිසා මෙහෙම වැටුනට හූ කියන්න ඕන නෑ...(ස)
නියම බොනපාට් කෙනෙක්...(ස)
ඔය මනුස්සයට මොකද නිදා ගන්න දුන්නේ. අනික මහදවාලක...(ස)
කමල්ගේ කතාවත් නියමයි. (නි)
ප්‍රවීන්, නියම කතාව ප්‍රවීන්. මමත් මේ එහෙම කියන්න හැදුව විතරයි. (නි)
බොන අය වැඩිහරියක් කියන්නේ බොරු.. මේකත් බොරුවක්ද දන්නේ නැහැ...!(නු)
අනේ අපෝ බොන්නම් එපා . හීනෙන් බිව්වාට කමක් නැහැ (ස)
දැන් ඔය කාටද හූ කියල තියෙන්නේ?(ස)
ලස්සන හීනයක්..(ස)
මෙහෙම කතා පලකරනඑක හොදයි. අපේ ඇගේ ලේ පිරිසිදු වෙනවා.(ස)
පව්කාරයෝ අපායට වැටෙන්නෙත් ඔලුව පහලට කකුල් උඩට බව බුදුන් වහන්සේ දෙශනා කොට තිබේ. (උද්ධ පාදා අවංසිරා) මේ ආකාරයට අපායට වැටීම ඉතාම දරුණු වැටීම ලෙසයි හැදින් වෙන්නෙ.(ස)
සෑහෙන්න බොන්න ඕනෑ ප්‍රශ්නයක්නේ. (නි)
කතා වෙච්ච දෙයක් විනාඩි ගණනකදි සිහිනෙන් දැක්ක සිදුවීමක් ඇහුවමයි. හීනත් දැන් ක්ෂණික වෙලා. (නි)
දැන් හීනයට බයේ බීම නතර කරයිද? (නි)
රැට දකින්න හීන ඉතුරුවෙලා නැතිව ඇති (දී)
අනේ පව් . හීනෙන් උනත් ඔය විදිහට වැටෙන්න නරකයි . බලන්න අතගාල ඔලුව තියනවද කියල . (දී)
රෝගීන් විතරක් නොවෙයි ලෙඩක් නැති අපිත් දැන් ගැස්සී ගැස්සී ඇහැරෙනවා (දී)
මටත් හුඋවක් කියන්න හිතෙනවා (දී)
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමී. (නි)
හැමදාමත් බීපු කෙනාට අපාය හැබැහින් පේනවා ...ඒත් ඉතිං කෝ ??? බීම නතර කරනවද ?? බිව්වට පස්සේ සමහර මිනිස්සු අන්තිමයි. ඒ වෙලාවට අපි තමයි අපාය දකින්නේ..(ස)
අපිටත් පිස්සු වගේ දැන්නම් (දී)
ඔලුව පහලට කකුල් උඩට හිටින්න වැටුනට කමක් නෑ...හැබැයි ප්‍රතෝ එහෙම වෙනවනම් සරම ඇදන් එහෙම බොන්න එපා..(ස)
එක එක නම් යොදාගෙන එක එක කියුම් කියාගෙනම මත් පැන් පානය කරනවා. කොහොමත් බොන අයට පපුවේ අමාරු හැදෙන්නේ නැති ලු.... රෝග සියයක් හැදිලා එකක් වැළකුනාම හොදද...? ඉන්නකම් හොදට බීලා ඊලග පරම්පරාවටත් පුරුදු කරලා යන්න. එතකොට ඒ පරම්පරාවේ අයත් බීලා උපයන පව් වලින් වැඩි හරියක් ඔබට ලැබෙයි එතකොට අපායේ වැඩි කාලයක් ඉන්න පුළුවන් වේවි..... රෝහලෙන් නේවාසිකව බෙහෙත් අරන් පිටවෙන කොටත් බොන්න ඕනද? (ස)