(තිහගොඩ - උපසේන ලියනගම)
එකම ආයතනයක සේවය කරන මේ හිත මිතුරන් දෙදෙනාගෙන් එක් අයකු දකුණ ප‍්‍රදේශයේය. අනෙකා කන්ද උඩරටය.
පසුගිය අවුරුදු සමයේ කන්ද උඩරට මිතුරා දකුණේ මිතුරාගේ නිවෙසට ආවේ අවුරුදු අසිරිය විඳ ගැනීමටය. දින තුනක් එහි නතර වී සිටි ඔහු හතරවැනි දින උදෑසනම පැදුරටත් නොකියා ගොස් තිබුණි.
කරුණු සොයා බලන විට අනාවරණය වූයේ දකුණේ නිවසේ යහලූවාගේ බාලම දියණියද අතුරුදන් වූ බවකි. ගිනි පත්තු වූ මව තම අඩු වයස් බාල දියණිය පැහැරගෙන ගිය බවට තිහගොඩ පොලිසියට පැමිණිලි කිරීමට දිව ගියාය.
පොලිස් පරීක්‍ෂණ ඇරැඹිණි. සැකකරු අත්අඩංගුවට ගත් අතර බාල වයස් දියණිය පරීක්‍ෂණ කටයුතු සඳහා අදාළ අංශයට බාර දුන්නාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය උඩරට අයව විශ්වාස කරන්න හොඳ නෑ.(හේ)
සඳුන්, කතාවට කියන්නේ එහෙම තමයි ඒ වුනාට දැන් කී දෙනෙක් බිලිබා ගෙන තියෙනවද?(හේ)
මොකද සඳුන් එයාල මහා බ්‍රහ්මයාගේ ශ්‍රී මුකයෙන් ඇවිල්ලද?(නදී)
ආයේ මොනවා පරීක්ෂා කරන්නද? (බ)
දිලිනි, ලොකු වැරදීමක්. උඩරට ගෑනු, මැරෙන්න වැටුනත් දකුණේ මිනිස්සුන්ව අඬගහගෙන යන්නේ නෑ. ඒ ගෑනු ආඩම්බරයි. (නදී)
පැහැර ගත්තද ? කැමැත්තෙන් ගියාද ? බටහිර සංස්කෘතිය තියෙන රටවල දික්කසාද වීමේ ප්‍රතිශතය ,,හා ලංකාවේ දික්කසාද වීමේ ප්‍රතිශතය සංසන්දනය කරන්නේ නම් එය වැරදියි !!! (ත)
ඉස්සර දකුණේ පරණ බවලත්තු මෙහෙම කියනවා අහිකුන්ටක ගැහැනියක් නම් කඩුල්ලෙන් මෙහාට ගන්න එපා උඩරට ගැහැනියක් නම් උලුවස්සෙන් මෙහාට ගන්න එපා ඔය දෙන්නම භයානකයි යනකොට යන්නේ ගෙදර මිනිහත් අඬගහගෙන. පිරිමි ගැන නම් කියන්න දන්නේ නැහැ. (බ)
ඉස්කොලේ ගිහින් නැද්ද? (ත)
මේක මාර වැඩක් . පහත් වැඩේ කළ යාලුවට බනින අය අඩුයි. අර ලාමක වයසේ දරුවට බනිනවා. යාළුවෙක් ගෙදරකට ආවහම නින්දිත වැඩ කරනවද කියලා සැකෙන් බලා ඉන්න පුරුද්දක් අපේ නැහැ. ආපු මිනිහා වැඩිහිටියෙක් වශයෙන් දැනගන්න ඕනෑ පහත් වැඩ නොකර ඉන්න. කොහොමත් ඔය සමහර පළාත් වල අයගේ හොර ගති වැඩියි. කොහොමහරි බලන්නේ කාන්තාවක් දැලේ දාගන්න. (නි)
නියමෙට දරුවව හදලා තියෙනවා. දවස් 3 ට කෙල්ල අරන් පනිනකම් දන්නෙත් නැත්තේ මෙලෝ විචාරයක් නැති දෙමාපියො දෙන්නෙක් කියලා පෙනෙනවා. මෙතන දෙමාපියො දෙන්නයි, දුවයි, යාළුවයි හැමෝම වැරදියි. (නි)
ගෙදර ගෑණි විශ්වාස නැත්නම් යහලුවන් ගෙන්වන්න එපා හෑම දේටම වැරදි පිරිමින් විතරද (බ)
දුර සිටින සතුරාට වැඩ ලඟ සිටින මිතුරාගෙන් ප්‍රවේසම් වෙනු කියන උපදේශය දැනගෙන හිටියනනම් මේ දේ වෙන්නේ නැහැනේ (ම)
අනේ ගාල්ලගේ උන්නැහේ උඩරට අපි ඔය බෙන්තර ගගෙන් මෙහාට පුසෙක් වත් ගේන්නේ නෑ (බ)
ආප්පත් කාලද ගියේ (බ)
ඒක නම් ඇත්ත ගාල්ලගේ. ඒගොල්ලෝ තරම් මඟුල් තුලා වලදී බොරු කියන කට්ටියක් මේ රටේ කොහෙවත් නැහැ. මේ ළඟදි අපේ ඥාති පුතෙක් යන්තම් නුවර මර උගුලකින් ගැළවුණා. (නි)
ඇහැට කණට පෙනෙන බිරින්දෑවරුන්,දූවරු ඉන්න ගෙවල් වලට තමුන්ගේ මිතුරෝ කැන්දාගෙන එන්නේ ප්‍රවේශමෙන්.ඒ ඇවිල්ලා සූර්වන පාටි නොදා ඉන්න තරමට ඇඟට ගුණයි. (නි)
පැනල යන්න තරම් දුර දිග ගිය මේ හාදකම දවස් තුනකින් ඇති වුනා කියල හිතන්න අමාරුයි. ඊටත් කලින් මේ යාලුවා ගෙවල් පැත්තේ වන්දනා කරන්න ඇති. අනෙක එතකොට දැරියගේ තාත්තා මේ ආගන්තුක මිතුරා සමග ඔය දවස් තුනේ කාලය ගත කළේ නැද්ද ? එහෙම නම් මේ වගේ දෙයක් සිද්ධ වෙන්න යන බව ඉව වැටෙනවානේ. (බ)
චන්ද්‍ර වීරසිංහ , මේ ගෙදර ආගන්තුකයෙකුට අවුරුදු සමරමින් නවත්ත ගන්න තරම් ආර්ථික තත්වයක් තිබුන නම් ඔය කියන දරිද්‍රතාවය කොහොමද මේ සිද්ධ වුන දේට ආදේශ කරන්නේ. ? මේ ගෙදර වැඩිහිටියන්ගේ නොසැලකිල්ල හොඳටම පැහැදිලියි. (බ)
ඇත්තටම් මේ ගෙදර අම්ම සිහියකින් ඉඳල නැහැ වගේ. දවස් තුනකින් පැනල යන්න දුවව යාලු කර ගන්න කම්, දෙන්නා කතා බහ කරන කොටවත් සැකයක් ඇති වෙලා නැද්ද මේ බවලතාට ? (බ)
අපිට පිට මිනිස්සු හදන්නවත් ඒගොල්ලන්ගේ වගකීම ගැන මතක් කරලා දෙන්නවත් බැහැ. විශේෂයෙන් ගෘහ මූලිකයා හැටියට ගෙදර කාන්තා පාර්ශවයේ ආරක්ෂාව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඔහොම ඇවිල්ල ගෙට රිංගාගෙන දුව නෙවෙයි ගෙදර අම්මවත් අරන් ගිය යාළුවො ගැන මීට කලින් අපි අහල නැද්ද ?(බ)
පැනගිය දරුවාගේ මානසිකත්වය බොහෝදුරට දරිද්‍රතාවය හා ඉච්ඡාභංගත්වය නිසා පිරිහී තිබෙන්න ඇති (නි)
ඇයි මේ හැමෝම ගැහැණු දරුවාගේ පියාටම බනින්නේ? ඔය වැඩේ කළ නරුමයා වැරදි නැද්ද? යාලුවෙක්ගෙ ගෙදරට ඇවිල්ලා මේ වගේ වැඩක් කළ මිනිහාට නේද පළමුව දොස් කියන්න ඕනෑ?ඒ දරුවා අඩු වයස්කාරියක් නේද? එහෙම වුණාම යාළුවා සළකන්න ඕනෑ තමන්ගේම දරුවෙක් ලෙසට නෙමෙයිද? (නි)
ඔච්චර හරියක් වෙනතුරු ඔය ගෙදර අම්මා මොනවද කළේ කියන එකයි ප්‍රශ්නය. දවස් තුනකින් පැනලා යන්න පොළඹවාගන්න තරම් සෑහෙන කතාබහක් නැතුව කොහොමද ? මොකද අයි ලව් යු කියපු ගමන් පැනලා යන්න ගැහැණු ළමයෙක් සූදානම් පිට ඉන්නේ නැහැනේ. මට පෙනෙන හැටියට ගෙදර කාන්තාව දුව ඒ මනුස්සයාටම භාරදීලා පැය 24 ම කුස්සියේ උයමින් ඉඳලා වගේ (නි).
මේ ළමයාට තරුණ කොල්ලෙක් හොයාගන්න බැරිවුණාද? (නි)
ගැහැණු ළමයි ඉන්න තාත්තලා ගෙදරට යාලු මිත්‍රයන් ගේනකොට ප්‍රවේශම් වෙන්න ඕනෑ කියන එක මීට කලින් කීවතාවක් මේ රටේ ප්‍රසිද්ධ වුණාද? ඒත් තවම මිනිස්සු පාඩම් ඉගෙනගෙන නැහැ. අනෙක තමන්ගේ ගැහැණු දරුවන්ගේ පින්තූර ආදිය ඔය ෆේස් බුක් එකේ ප්‍රසිද්ධ කරනකොට තාත්තලා හරිම ප්‍රවේශම් වෙන්න ඕනෑ. අපේ කාර්යාල සගයෙකුගේ ඇහැට කණට පේන 15 හැවිරිදි දුවගේ ඡායාරූප මුහුණු පොතේ දැකපු 30 පැනපු අවිවාහක ෆේස් බුක් මිත්‍රයෙක් නිතර ගෙදරට යන්න එන්න පටන් අරන්. සගයාගේ බිරිඳ විමසිලිමත් වුණ නිසා ඒ දරුවා බේරිලා. (නි)
මේවා ගැහැණු දරුවන් ඉන්න කාටත් හොඳ පාඩම්. අපිටත් වයස 12 ක දුවෙක් ඉන්නවා. අපේ ගෙදර ඔය මිතුරු සමාගම් පවත්තන්නේ බොහොම කලාතුරකින්. එහෙම කළත් අපි පිටස්තර උදවිය කොච්චර හිතවත් වුණත් ගෙදර නවාතැන් දීලා සළකන සීමාවට යන්නේ නැහැ. පිට කෙනෙක් ගෙදරට ආවාම මම දුව ගැහැණු දරුවෙකු නිසා ආගන්තුක සත්කාරය පුරුදු කළයුතු බැවින් සංග්‍රහයේදී සහභාගි කරගන්නෙත් හොඳට ඇහැ ගහගෙන. යමක් වුණාට පසුව පිට මිනිසුන්ට දොස් කියලා වැඩක් නැහැ. (නි)
කාට කාටත් හොඳ පාඩම් (නි)
බාලම දියණියට ලැජ්ජා බයක් කියලා තිබුනේ නැද්ද තාත්තාගේ මිතුරත් එක්ක මේ විදිහට හොරෙන් පැනලා යන්න. (නි)
අපට හොඳ අවබෝධයක් තියෙන්නේ " මඟදී හමුවී කතාබහ කළයුතු යහළුවන් කවුද? කඩුල්ලෙන් ඇතුළට ගතයුත්තේ කවුද? ගෙදර සාලයේ තබාගත යුත්තේ කවුද? " යන්න...... ගෙදර පියාට මේ ඉව තිබිය යුතුමයි. (නි)