(කමල් ශ්‍රී ලියනගේ - කොස්ගොඩ)
නිවෙසින් හොරාගත් ගල් වංගෙඩිය ලැබුණු හෝඩුවාවක් අනුව සොරාගත් පුද්ගලයාගෙන්ම වෙනත් අයකු ලවා රු. 500ක් දී ආපසු ලබාගත් ගෙහිමි කාන්තාවක් පිළිබඳ පුවතකි.
ඇය පදිංචිවී සිටින්නේ කොස්ගොඩ ප‍්‍රදේශයේය. කුස්සියේ තිබූ ගල් වංගෙඩිය පසුදා බලන විට දක්නට නොවීය. ඒ ගැන ආරංචි කර බැලූ විට අසල්වාසී අයකු සොරකම්වලට සම්බන්ධ වූ කෙනකුට ගෙන යාමට උදව් කර තිබූ බව කාන්තාවට දැන ගැනීමට හැකිවිය.
ඇය සහසුද්දයෙන්ම වංගෙඩිය හොරා ළඟ ඇති බව අනුමාන කළාය. ඒ අනුව වෙනත් අයකුට රුපියල් 500ක් දී වංගෙඩිය කුස්සියෙන් පන්නාගෙන යාමට උදව්කළ අයගෙන් වංගෙඩියක් ඉල්ලා සිටින ලෙස දැනුවත් කළාය. මේ තැනැත්තා රුපියල් 500 ගෙන හොරාට එය දී ඉල්ලූ අයට ආපසු වංගෙඩිය දුන්නේය. ඔහු යළිත් ගෙහිමි කාන්තාවට වංගෙඩිය ගෙනවිත් භාර කළේය.
හොරාගත් වංගෙඩිය හොරාටම රුපියල් පන්සියයක් ගෙවා, ගැනීම තමාගේ හපන්කමක් බව මේ පුවත හෙළි කරමින් ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද කියන්නේ ගැහැනුන්ගේ මොලේ හැඳිමිටේ දිග කියලා. මේ පොඩි හොරකමට පොලිසි උසාවි ගියානම් 500 ට 5000ක් වියදම් කරන්න තිබ්බා.කොහොමද ටිකිරි මොලේ?(හේ)
ගල් වංගෙඩි හොරා දැන් කව්රුත් දැනගනී. (නදී)
කොහොමද ටිකිරි මොලේ. හැඳි මිටට වඩා දිගයි. මෙත් වඩන්න. පොලිසි එපා. (නදී)
බුද්ධිමත් කාන්තාවක්. (ස)
ඇත්තටම රුපියල් 500ක් වගේද, කෙතරම් බුද්ධිමත් කාන්තාවක්ද? (ර)
අම්මෝ.... කාන්තාව ලොකු දෙයක් කරලා තියෙන්නේ. වෙන කෙනෙක් නම් හොරා දැන ගත හැටියේ මරා ගන්නවනේ.(ස)
අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවට තමයි (නදී)
වැඩේ පොලිසි නොගිහින් බේරාගත් එක ලොකු දෙයක්. හොරා ගල් වංගෙඩියක් උස්සගෙන ගියේ කටු ගෙට විකුනන්නද දන්නේ නැහැ. මේ කාලෙ කවුද ගල්වන්ගෙඩි පාවිච්චි කරන්නේ. ඔය මොඩයා ඔය වෙච්ච මහන්සිය වෙලා කුලී වැඩක් කලානම් රුපියල් දාහක් හමාරක් හොයාගන්න තිබුනා (නදී)
සහතික ඇත්ත ඔය මහන්සියෙන් කුලියක් කළා නම් දාහක් හොයා ගන්න තිබුනා .(හේ)
මෙයා ගල් වන්ගෙධියට මර ආදරෙයිනේ. (ස)
මහත්තයාගේ පොකට් එකෙන් පන්සීයක් ගහගන්න හොරා සමඟ එකතුවෙලා මේ කාන්තාවම කළ දෙයක්ද කවුද දන්නේ? (නි)
කොස්ගොඩට පිට ගමකින් ඇවිත් පදිංචි වුන කෙනෙක් වෙන්න ඇති නැත්නම් ඔච්චර ලේසියෙන් ඕක අරින්නේ නැහැ හොරාවත් වන්ගේදිඩියටම දාලා කොටනවා මිසක්.(හේ)