දකුණු පළාතේ පිහිටි ධීවර ගම්මානයකි. කාපට් යෙදු ප‍්‍රධාන මාර්ගය අයිනේ ඊට පහළින් තිබූ ළිඳක අඩි 02 ක් පමණ වූ ජල මට්ටම ක‍්‍රමයෙන් ඉහළ යන බව නිවැසියන් දැන ගත්තේ උදය වරුවේය. පැයක් දෙකක් තුනක් යන විට ජලය උතුරා යන්නට පටන් ගත්තේය. පළමුව අසල්වැසියන්ද, අනතුරුව ගමේ පමණක් නොව ප‍්‍රදේශය පුරා මෙම අරුම පුදුම අරංචිය පැතිර යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත.
මාස ගණනාවක් පවතින නියඟය නිසා ගමේ පිිහිටා තිබූ ළිං සිඳී තිබූ තත්ත්වයක් තුළ මෙම සිදුවීම සියලූ දෙනාටම මහත් ප‍්‍රහේළිකාවක් විය. පැය කිහිපයක් ගත වෙද්දී බොහෝ දෙනෙක් මෙම ආශ්චර්ය දැක බලා ගැනීමට පැමිණියහ. සමහරු පැවසුවේ පොළොව යටින් ජල උල්පතක් හදිසියේ මතුවීමෙන් මෙය සිදු වන්නට ඇති බවයි.
කෙසේ හෝ හාස්කමකින් මෙන් මතුවූ මෙම ජලය, පූජනීයත්වයෙන් සැලකීමටත් නිරෝගී සම්පත්තිය සඳහා පානය කිරීමටත්, මුහුණ සේදීමටත්, ඇඳ සිටි ඇඳුම් පිටින්ම ස්නානය කිරීමටත් පටන් ගත්තේ බොහෝ භක්තියෙන් යුතුවය. බෝතල්වලට පුරවා තම නිවැස්වලට රැුගෙන යන්නටත් ඇතමෙක් අමතක නොකළහ.
පසුදා උදේ වන විට ජලය උතුරා යාමේ රහස හෙළි විය. මාර්ගය අයිනේ නළ ජලය ගෙන යන ප‍්‍රධාන නළය වසා තිබූ පස් තට්ටුව මතට ජලය මතු වන්නට වීම එයට හේතුව විය.
අවසානයේ ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් පැමිණ පරීක්‍ෂා කිරීමේ දී ප‍්‍රධාන ජල නළය පුපුරා යාමෙන් මෙය සිදුවී ඇති බව හෙළි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් සේරටෝම පිස්සු.(ස)
සෑම් "කොළඹ සන්නිය " චිත්‍රපටය බලපු අය මෙතනට අදහස් දාන්නේ නැහැ. සද්ද නැතුව වෙන දේ බලා ඉන්නවා විතරයි.(මේ මං වගේ ) (නි)
මිනිස්සු මේ තරම් මෝඩද? (නි)
මටත් මතක් වුණේ කොළඹ සන්නිය චිත්‍රපටිය (නි)
කරපු දේවල් ගැන හිතල දැන් පසු තැවෙනවා ඇති...පව් අනේ ....!!! (දී)
අනේ මන්දා අපි කවද ගොඩ යයිද?? (ස)
මිනිස්සු පොඩි දේටත් රැවටෙනවා (දී)
සේනක, ඉස්සර කාලේ "හාස්කම්" සිද්ධ උනාද? දන්නේ නැති නිසයි අහන්නේ.(නදී)
අපේ කටුබැද්දේ ඔහොම උනා.. බිත්තියේ _මාගේ රූපෙ ඇදිල කියල ටීවී එකේත් පෙන්නුවා. මිනිස්සු ඒ ආස්චර්‍ය දකින්න වැලනොකැඩී ගියා. ඉස්සර ගරා වැටිල තිබුනේ දැන් මෙන්න අහල පහල ඉඩම් ඔක්කොම අරගෙන තට්ටු තට්ටු ගහනවා. මෝටර් බයිසිකලේ ගිය තුමා දැන් ලොකු වාහනේක ටටා කියාගෙන යනවා. හාස්කම් හාස්කම්....(නදී)
ඕව ඔහොම තමයි. ගානක් නැහැ. (ස)
ආසියාවේ ජීවත්වෙන ගොඩක් අය මේ වගේ විශ්වාස වල ඉන්නේ.ඒවා ජාන වලින්මයි එන්නේ.ඒක නිසයි කපටි දේශපාලුවන් අපිව හැමවිටම රවට්ටන්නේ (නි)
"අපේ මිනිස්සු මේ තරම් මෝඩද? " ඕක අහන්නත් දෙයක්ද? රටේ වෙන දේවල් දිහා බැලුවම. එහෙත් සමහරක් කියන්නේ අපේ බුද්ධිමත් ජනතාව කියලා. (නි)
බෙන්තර පාලමෙන් කොළඹ පැත්තෙන් මෙම ජලය මතුවී ඇත (නි)
සමන්ති මම දැක්ක ඉහතින් සදහන් වෙලා තියෙනවා ''බෙන්තර ගගෙන් එහා නම් කතා කරලා මක්කටද '' කියල .. ඔයා කියන සිද්දියත් අයිති ගගෙන් එහාටද...?අයියෝ සල්ලි කිවලු නේද..? (ස)
දෙයියෝ සාක්කි (ස)
මේ වගේ වැඩක් කොළඹ ඉඟුරු කඩේ හන්දියේදී අවුරුදු 10කට පමණ ඉහත සිදුවුණා.මිනිස්සු පාරේ නාන්න පවා ආවා. පස්සේ හොයලා බලනකොට මළ ජලය නලයක් පුපුරා ගිය ජල දහරක් (නි)
කොළඹ සන්නිය මතක් වෙනවා (දී)
දැන් කාලේ කොහෙද හාස් කම් වෙන්නේ (දී)
ඇත්තමයි සෑම් මහත්තයෝ ,මටත් මේ කතාව කියවද්දී මතක් උනේ කොලඹ සන්නිය චිත්‍රපටිය.(නදී)
මෝඩ මිනිස්සු. (ස)
"කොළඹ සන්නිය " චිත්‍රපටියේ ජෝ අබේවික්‍රම හාරපු ලිඳ මතක් වෙනවා. (දී)
සිද්ධ වෙන හැම දේම හාස්කම් කියල හිතන අයට මරු පාඩම. දැන් අර ගෙවල්වලට අරන් ගිය වතුර වලට මොකද දන්නෙ නැහැ කරන්නෙ. මිත්‍යාව පසුපස දුවනවා. (ස)
අපේ අය මවා පාන්න දක්ෂයෝ නේ. (ස)
බෙන්තර ගඟෙන් එහා නම් ඉතින්, කතා කරලා මක්කටද? (ස)
ලංකාවේ බුද්ධිමතුන්ගේ වැඩ තමයි. මොළ කාරයෝ ඔක්කොම ඔහේනේ ඉන්නේ. (ස)
ගඟෙන් එහා පැත්තේ මේ වගේ අය බහුලයි. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ. (ස)
දකුණේ ඉන්නේ මොලකාරයෝ කියන්නේ නිකන් නෙමේනේ. (ස)
අපේ මිනිස්සු මේ තරම් මෝඩද? (ස)