බදුල්ල-කොළඹ බසයට ගොඩවූ මගියකු සිය ගමන් මල්ලද බස්රථයේ රාක්කයේ තබා ආසනයක් ලැබෙන තුරු බලංගොඩ දක්වාම හිටගෙන පැමිණියේ කෙසේ හෝ පසුදින සිය පුද්ගලික ආරක්‍ෂක සේවා රාජකාරියේ යෙදිය යුතුම නිසාවෙනි.
බසය බලංගොඩදී තේ බීමට නතර කොට කොන්දොස්තර මහතා විසින් මගීන්ට නියෝගයක් කළේ විනාඩි විස්සකින් නැවත බසය ධාවනය වන බවටය. එම කාලය ප්‍රයෝජනයට ගෙන එම සිකියුරුටි මගියා අසල තිබූ කුලී රථයක නැගී කොහෝ දෝ ගොස් පැමිණියේ කොන්දොස්තරගේ නියෝගය පිළිපදිමිනි. බසය පනගන්වන්නට පෙර පසුපසට ගොස් තමන් ගෙනා බෝතල් භාගයක තිබූ යමක් ඔහු විනාඩි දෙකක් පමණ කාලයක් තුළ ෂොට් දෙකතුනක් කටේ හලාගත්තේය. වැඩිදුරක් නොයාම එම මගියාගේ ඉරියව්, කතාබහ, වෙනස් විය.
කොන්දොස්තර අමතා මෙසේ කීය. මල්ලී තමුසෙ මා බසයට නගිනකොට කිව්වේ මගදී සීට් දෙන්නම් කියලා. තාම නැහැ. සීට් එකක් ලැබෙන තුරු මං පාපුවරුවේ වාඩිවෙලා යන්නද? බැහැ බැහැ වැටිලා මැරුනොත් අපට වගකියන්න බැහැ.
යකෝ ........ බොරු කියලා මිනිස්සු රවට්ටලා සීට් දෙන්නම් කියලා මෙහෙම අමාරුවේ දාන්න එපා.
“පූජ්‍ය පක්‍ෂයට” “අබාධිතයන්ට” “ගැබිනි මව්වරුන්ට” කියලා සීට් වෙන්කරලා තියනවා නම් බස් එකේ බේබද්දන්ට කියලත් සීට් එකක් වෙන්කරනවා. මම බිව්වෙ හිටගෙන යන්න බැරිකමට. තමුසෙට මේක උගන්වන්නයි.”
කොළඹ ආසන්නයට යනතුරු මගීන් ගන්නට බසය නතර කරන හැමවිටම එම මගියා පාපුවරුව අසල සිට මෙසේ මගීන්ට කියා සිටියේය.
“සීට් නම් ඉඩ නැහැ. හිටගෙන යන්න පුළුවන්නම් බසයට ගොඩවෙන්න.”
(ඕපනායක ඩබ්ලිව්.ජේ. මුණසිංහ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමටත් බදුල්ල-කොළඹ දුවන්නේ ගාට ගාටා යන "අර්ධ සුඛෝපභෝගී" බස් නේද? ලංගම බස් තව කීපයක් දාමුද. (නි)
අද කාලේ බස් එකකට නැගලා පොඩ්ඩක් නොගෙන හිටියොත් පිස්සු තමයි. දන්නෝ දනිති! (නි)
නුවරින් පිටත්වන අවසන් රාත්‍රී බස් රථ සියල්ල බේබදු සේවා. ඒවගේ ඉන්න ඔක්කොම බේබද්දෝ .(බ)
බිල වුනත් කොන්දොස්තර මහත්තයට නියම පාඩම (බ)
රියදුරු ආසනය වෙන් කර තිබෙන්නේ බේබද්දන්ටයි (බ)
‘මම බිව්වේ හිටගෙන යන්න බැරි කමට' කියල තියෙන එක ගැන තවත් වාරයක් අපි හිතන්න ඕනි. (බ)
මම නම් කියන්නේ බීමත්ව බසයට නඟින අයට ආසනයක් වගේම නොමිලේ චුයින්ගම්, සෙන්ට් එකක් දියයුතුයි. ඒ මොකද? ළඟින් හමන දුගඳ නිසා (නි)
නන්දලාල්,ඔච්චර වද වෙන්නේ මොකටද? බෙබේලා කට ගොන්නක් බීලා බස් එකට නගින එක නවත්වන්න කොන්දොස්තරට කොන්දක් තියෙන්න ඕන. (බ)
සවස් කාලයේ, බෝතල් හිස්වී, අඩි පෙනෙන විට, මේ අයට පුළුවන් නම් නිවෙස් බලා යාම සඳහා විශේෂ බස් සේවා දමන්නට බැරිද ?\ පාසල් සේවා,ඇඳුම් කම්හල් සේවා,මෙන් මෙම සේවය, හිස් බෝතල් සේවය කියල නම් කරන්න..(බ)
මේ මනුෂ්‍යයා කියන දේ කාටවත් නොතේරෙන පාටයි. කොන්දොස්තරලට ඕනෑ කොහොමහරි සාඩින් පුරෝලා වගේ මිනිස්සු ගෙනියන්න. සල්ලි මතම යැපෙන ලෝකයක මනුස්සකම නැහැ. මමත් රැකියාව කරන කාලේ මරදානෙන් බස් එකට නැඟලා බදුල්ලට ගිහින් තියනවා හිටගෙන. බෑග් එකත් එල්ලගෙන ලංගම බස් එකේ. ටික වෙලාවකටවත් කවුරුවත් ඉඳගන්න දුන්නේ නැහැ. ඒ මනුස්සයා කියන්නේ සිදුවූ අමාරුව හැරගන්න කටයුතු කළබවයි. මම මේක අනුමත කරනවා නොවෙයි. එ්ත් ඔය කවුරුවත් පස් වැනි සිල්පදය නොබිඳපු අය වගෙයි කතාකරන්නේ. (නි)
මට පෙනෙන හැටියට නම් බේබද්දන්ට ආසන වෙන්කරලා හරියන්නේ නැහැ. ඔවුන්ට වෙනම බස්රථ සේවයක් පටන්ගත්තා නම් හරි. එතකොට අනෙක් අයට කරදරයක් නැහැ. (නි)
මොනවා උනත් උදේම හිනා ගියා ඇත්තටම \(රේ)
එහෙනම් ඉතින් බස් එක බේබද්දන්ගෙන් පිරිලා යයි. සීට් එකක් හින්ද කට්ටිය බී ගෙනම බස් එකට නගින්න පටන් ගනීවි.(රේ)
\"බෙබේලට\" වෙන්කරන ආසනය බසයේ අන්තිම පේලියේ හැදුවොත් හොඳයි. එතකොට ඔවුන් එලියට දමන මත්පැන් ජරාව පිටුපස සිටින මගීන්ට නාන්න වෙන්නේ නැහැ. ජනේල වල වීදුරු ගලවා, මේ අයට අවශ්‍ය වූ බඩ හිස් කිරීමේ පහසුව සලසා තබන්න. ගුවන් යානාවල මෙන් වමනේ මලු ඉදිරිපස අසුනේ එල්ලා තබන්න ඕනත් නැහැ මේ ක්‍රමය නිසා.......(රේ)
බෙබේලට වෙන්කරන ආසනය බසයේ(රේ)
අනේ මෙහෙමත් ගොන් කොමෙන්ට්...? ලංකාවේ ඉන්න බේබද්දන්ගේ ප්‍රතිශතයේ හැටියට ආසන දෙන්න ගියොත් හොඳට හිටී.ගැබිණි මවකටවත් ආසනයක් දෙන්නේ නැති නරුමයන් ඉන්නා රටකට මෙව්වා තමයි අඩු.....?(රේ)
බේබද්දන්ට ආසනයක් ,හෝ නිදාගැනීමට තැනක් බසය තුල ලබාදීම කාලෝචිත බවයි මගෙත් හැඟීම (රේ)
අද ලංකාවේ බස්වල වැඩි දෙනෙක්ම ගමන් කොරන්නේ,කසිප්පු බීල අශීලාචාර විදිහටය,එමනිසා ඔවුන්ටත් \"බේබද්දන්ට පමණි\"කියල සීට් ටිකක් වෙන්කෙරුවොත්නම්,සද්ද නැතුව වාඩිවෙලා බුදියගෙන යයි නේද ?(රේ)
කථාව ඇත්ත . (රේ)
බේබද්දන්ටත් ආසනයක් වෙන් කරන එක කාලෝචිතයි.(රේ)
බීල හරි මිනිහ හරි දේ හොඳට කියල දීල තියෙනවා ගූඩ් ඔහොම යන් (රේ)