කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ඉන්ධන අර්බුදයෙන් මිදීමට තරුණයකු දුන් ගුරුකමක් එහෙමපිටින්ම ගිල අලි අමාරුවක වැටුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
කිලෝමීටර් පහක් හයක් දුරින් සිටින සිය පෙම්වතිය සමග යතුරු පැදියෙන් යාමට තරුණයාට තිබූ එකම බාධකය වූයේ ඉන්ධන ය. දින සති ගණන් පෝලිමේ සිට ඉන්ධන ලබාගැනීමට තිබූ අකමැත්ත නිසාම ඔහුගේ යතුරුපැදියේ ඉන්ධන බින්දුවක් නොතිබුණේය. මේ නිසා ඔහු දේශපාලනඥයන් සමග සිටියේ බද්ධ වෛරයකිනි. ඔවුනට දොස් පවරමිනි.
ඉන්ධන වෙනුවට ආදේශකයක් යොදා යතුරු පැදි ධාවනය කිරීම පිළිබඳව ඔහුගේ සිතේ තිබූ අදහස සිය යතුරුපැදියෙන් අත්හදා බැලීමට බියවූවේය. එය වැරදුණොත් යතුරුපැදියට හානිවේ යයි ඇති සැකය නිසාය. තමා දන්නා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ඉන්ධන නොමැතිව යතුරුපැදිය ධාවනය කරනු ලබන බව දැනගන්න ලැබෙන්නේ මේ අතරේදීය. ඒ අනුව තරුණයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හමුවී පවසන්නේ ‘මන්ත්‍රීතුමා යතුරු පැදියට දාලා ධාවනය කරන්න පුළුවන් හොද දෙයක් තියෙනවා බඩුනම් ෂුවර් බව’ ය.
දියේ ගිලෙන මිනිහාට පිදුරු ගහත් මහමෙරක් මෙන් ‘හා මොනවාද මල්ලි ඒ’ මන්ත්‍රීවරයා තරුණයාගෙන් නොඉවසිල්ලෙන් ඇසීය. ‘මන්ත්‍රීතුමා ටර්පන්ටයින් ඒකට කියාපු දේ’ යයි කොල්ලා මන්ත්‍රීට කියා යන්න ගියේය.
සිය නිවසේ බිම පින්තාරු කිරීමට ගෙනා ටර්පන්ටයින් බෝතලයෙන් භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බව මන්ත්‍රීගේ මතකයට ආවේය. මන්ත්‍රී සිය යතුරු පැදියට ටර්පන්ටයින් දමා යතුරු පැදිය පණ ගැන්වීමට කටයුතු කළේය. එක පාරින්ම යතුරු පැදිය පණ ගැන්වුණේ මන්ත්‍රීගේ සිතේ සතුට දෝරේ ගලමින්ය.
යතුරු පැදිය වෙනදාටත් වඩා හොඳින් ධාවනය කිරීමට මන්ත්‍රීට හැකිවිය. ‘මල්ලි නියමයිනේ උඹේ බෙහෙත හරි. අපිට දැන් සෙඩ් ගානේ පෝලිම්වල ඉන්න ඕනෑ නැහැ, මිනිස්සුන්ගෙන් බැනුම් අහ අහා’ යයි මන්ත්‍රී කොල්ලාට කීවේය. තමාගේ විකල්පය හරි යයි කොල්ලාද සතුටු විය.
ගතවූයේ ටික වේලාවකි. ‘අනේ මල්ලි බයිසිකලේ නතර කරලා ආයිත් ස්ටාට් කරන්න පටන් ගත්තා, දැන් ස්ටාට් වෙන්නේ නැහැනේ’ මන්ත්‍රී කොල්ලාට කෝල් කළේය. කොල්ලාට ඒ ගැන දුකක් නොව සතුටක් ඇතිවූයේ රටට තෙල් නැතිවුණේ මේ මන්ත්‍රීවරුන් කඩේ ගොස් බලයට පත් කළවුන් නිසා නේදැයි මතකයට ආ නිසාය. ‘ඕකුන්ට ඔහොම වෙලා මදි. කමක් නැහැ මගේ ආදේශකය වැරදුණාට’ යයි කොල්ලා සිතුවේය, සිත සතුටු වූයේය. මන්ත්‍රී යතුරු පැදිය කිලෝමීටර් ගණන් තල්ලු කොට යතුරු පැදි අලුත්වැඩියා කරන තැනකට ගෙන ගියේය. එය යළි සක්‍රිය කිරීමට විශාල මුදලක් යන බව එහිදී හෙළිවී මන්ත්‍රී තමා කළ මෝඩකම ගැන තවමත් පසුතැවිල්ලෙන් ඉන්නවා ලු.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෙට්‍රල්‍් වෙනුවට ටර්පන්ටයින් දාලා පලා බබෙක් මෝටර් සයිකලය කඩාගෙන