බළපිටියේ - එස්.ඒ.වයි. ද සිල්වා
වංචා ලෙස රක්ෂණ වන්දි මුදලක් ලබාගැනීමේ වුවමනාවෙන් වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට ව්‍යාජ පපුවේ අමාරුවකට රෝහලට ඇතුළත් වූ අයකුට ශල්‍යකර්මයක් කිරීමට සිදු වූ පුවතක් ගාලු දිසාවෙන් වාර්තා වේ.
මොහු ප්‍රකට හෝටලයක වැඩ පරීක්ෂකවරයෙකි. හදිසි වුවමනාවකට මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වී කිහිප දෙනකුගෙන් අතමාරුවට ඉල්ලා සිටියත් මුදල නොලැබිණි. මේ පිළිබඳව නිවෙසේ දී සාකච්ඡා කරන විට දී රක්ෂණ කටයුතු පිළිබඳ දැනුමක් ඇති බිරිඳ අලුත් යෝජනාවක් ඉදිරිපත් කළාය.
“දැන් අපි කිහිප දෙනකුගෙන්ම සල්ලි ටිකක් ඉල්ලුවත් සොයාගන්න බැරි වුණා. අපි දෙන්නගෙම නෑයන්ට සල්ලි තිබිලත් අතමාරුවක් කර ගන්න බැරි වුණා. මෙහෙම නෑයෝනම් ඇති වැඩක් නෑ. ඔයාගේ හෝටලයේ ඉන්න යාළුවකුගෙන් අතමාරුවක් ගන්න බැරිද ?”
“පිස්සුද අනේ. උනුත් හිඟන්නෝ වගෙයි. සර්විස් චාර්ජ් එක ගන්න දහ වැනිදා එනකම් බලාගෙන ඉන්නවා.”
“ඔයත් රස්සාවක් කරනවා. මමත් ෆීල්ඩ් එකේ ගිහින් හම්බ කරනවා. දුවත් රස්සාවක් කරනවා. එහෙම තියෙද්දී මේ මිනිස්සුන්ට අපිට ණයක් දෙන්න බැරි වුණා.”
“මම කියන්න ද හොඳ වැඩක්...” බිරිය එකවර දෙයක් මතක් වූ ආකාරයෙන් කීවාය.
“හරි.. හරි.. කියන්නකෝ හොඳ වැඩේ.”
“දැන් ඔයා ඉන්ෂුවරන්ස් වෙලා අවුරුදු ගාණක් වෙනවා. අපි සල්ලි දානවා විතරයි. කිසිම වන්දියක් අරගෙන නැහැ. අපේ යාළුවෝ කිහිප දෙනෙක්ම වන්දි අරගත්තා.”
“කොහොමද එහෙම ගන්නේ...”
“බොරුවට පපුවෙ අමාරුවක් කියලා ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙනවා. ඉස්පිරිතාලෙ නැවතුණ එකට රිපෝට් එක අරගෙන ගිහින් සල්ලි ගන්නවා...”
“හැබැයි ඒකනම් හොඳ අයිඩියා එකක්. යෝජනාවනම් මල් හතයි. මට හෙට ඩබල් ඕෆ් එකක් තියෙන නිසා ඉස්පිරිතාලෙ ගිහින් නවතින්නම්.”
ඔහු පසුවදා රෝහලට ගොස් පපුවේ අමාරුවක් යැයි කියමින් රෝහලට ඇතුළත් විය. රෝහලේ දී කළ යුතු පරීක්ෂණ කඩිනමින් සිදු කළේය.
“ඔයාගේ පපුවේ වෑල් එකක අප්සට් එකක් තිබෙනවා. තව පරීක්ෂණ කරන්න තියෙනවා කියල ලොකු ඩොක්ටර් කිව්වා. ඒ නිසා සතියක් විතර ඔයාට ඉස්පිරිතාලෙ ඉන්න වෙනවා...”
සවස වෛද්‍ය වාර්තාවකුත් රැගෙන පැමිණි හෙදියක කී කතාවෙන් ඔහුට තරු විසි වෙන්නට විය. බිරිය සවස කෑමත් රැගෙන පැමිණි විට මේ ගැන කී විට ඇය ද අඬන්නට වූවාය.
“මදැයි රිපෝට් එකක් ගන්න ඇවිත් වෙච්ච දේ. දැන් ඉතිං මොනව කරන්නද?” බිරිය ඇසුවාය.
“ඔයාගේ මෝඩ යෝජනා නිසා මමත් අමාරුවේ වැටුණා. මට නිවාඩුත් නැහැ. සතියක් ඉදිද්දි නෝපෙ තමයි යන්න වෙන්නේ. තව මාස අටකින්ලු ඔපරේෂන් කරන්න වෙන්නේ. එතකම් ලිස්ට් එකේ ඉන්න වෙනවලු. පුළුවන් තරම් ඉක්මනින් කර ගන්න කියලත් කිව්වා. ප්‍රයිවට් කරන්න ගියොත් මාර වියදමක් කරන්න වෙනවා. අපට කොහෙන්ද ඔච්චර සල්ලි.? සුළු මුදලක් සොයා ගන්න ගිහින් වෙච්ච වැඩේ. වැඩි මුදලක් වියදම් කරන්න සිදු වුණා...” කියමින් බිරියට දොස් පවරන්න විය.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොඩි ගානක් හොයා ගන්න ගේමක් ගහලා ලොකු ගානකට අතින් කයිට්
fairoos Wednesday, 04 October 2023 02:05 PM
ඉතින් රක්ෂණයෙන් කරගන්නනේ තියෙන්නේ...!
himal Thursday, 05 October 2023 10:01 AM
මේ කෙනා රජයේ රෝහලකින් නම් පරීක්ෂා කරගත්තම ඇත්තටම අමාරුවක් කියලා හෙළි වෙලා. ඉතින් ඒකට මෙඩිකල් එකක් දාලා නිවාඩු ඉල්ලන්න තියෙන්නෙ. ඔය සැත්කම පුද්ගලික රෝහලකින් කරගෙන රක්ෂනයෙන් බිල ගෙව්වාම හරි.
pakeer Friday, 06 October 2023 10:18 PM
මේ යකා හරි වාසනාවන්තයි... එහෙම කරපු නිසා... බේරුණා. නැතිනම් මේ යකා ... මග මැරෙනවා හාට් ඇටෑක් ඇවිල්ලා.
සෙල්වරාජා තිශාන්නි කුමරි Thursday, 02 May 2024 03:46 AM
රොහලේ වියදමට