කඳුරට රජයේ කාර්යාලයක සේවයෙහි නිරත මොහුට මධුවිත තොල ගෑමට ඇත්තේ අපමණ ගිජුකමකි. මේ බව පවුලේ උදවියත්, අසල්වාසීනුත්, සේවා ස්ථානයේ අයත් හොඳ හැටි දනිති.
ගම්බද ප‍්‍රදේශයක සිට නරගයේ රැුකියාවට පැමිණෙන මොහු රැුකියාව දෙවැනි තැන තබා මත් වතුර පානයට මුල් තැන දී කටයුතු කරන මැදි වයස ඉක්ම වූ අයෙකි. එදා වැටුප ලැබූ දවසයි.
කාර්යාලයේ සේවා නිමාවෙන් පසු ඔහු මිතුරන් හා එක්ව රිසි සේ මත් වතුර පානය කළේ නගරයේ ඒ සඳහාම වෙන් කර තිබූ ස්ථානයකය. මත්පැන් පානයෙන් රතු ඉර ඉක්ම වූ ඔහු සිය යහළුවන් පිරිවරා බස් නැවතුම්පොළට පැමිණියත් ගමට යන අවසාන බසය ද ඒ වන විට පිටත්ව ගොස් ඇති බව ආරංචි විය. මිතුරෝ එක්ව සිය මිතුරා ත‍්‍රිරෝද රථයකින් මැදියම් රැය ඔන්න මෙන්න කියා තිබියදී නිවසේ අයට හොරා ඔහුගේ නිවෙසට ගෙනයාමට කතිකා කර ගත්හ.
ඒ මිතුරාගේ බිරිය සිය ස්වාමිපුරුෂයාට පමණක් නොව මිතුරන්ට ද දෝස් මුරේ දැමීම දන්නා බැවිනි. නිවැසියන්, අසල්වාසීන්ටත් නිවසේ ඇති කරන සුනඛයාටත් හොරා නිවෙසෙහි පිටුපස මුළුතැන්ගේ පිලෙහි ඇති තරමක උසකින් යුතුව සාදා ඇති මිරිස් අඹරන ගල රඳවා ඇති බැම්මට සිය මිතුරා නොවැටෙන ආකාරයට හේත්තු කළ ඔවුහු පිම්මේ තුන්රෝද රථයෙන් පිටවූහ. මත්පැන් පානය කළ අය අලූයම් කාලයේ හැමූ සිසිල් සුළඟ ගත දැවටී අවදි විය. මේ වන විට වෙරි මත ගතිය ද ඔහු කෙරෙන් තරමක් පහව ගොස් තිබිණි.
ඔහුට පෙර දින රාත‍්‍රියේ බස් නැවතුම්පොළට පැමිණි වග සිහිපත් විය. ඔහුට තැන නොතැන මතක නැති විය. මල්ලියේ, රත්තොටට යන බස් එක ගියා දැයි කීප වරක් කෑ ගසන්නට විය. නිවෙස තුළ නිදා සිටි බිරියත්, දරුවනුත් නින්දෙන් අවදි වී ඔහු නිවස තුළට ගත්හ. මොහු නිවසට පැමිණි ආකාරය දැනගත්තේ සෑහෙන කාලයකට පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ජයා මෙච්චරම ගැහැණු එක්ක තරහා? (නි)
සුරාවෙහි අගයත්.. එහි ඇති මිහිරි රසයත්... එය බොන අය මිසක්..... නොබොන අනුවණ දනෝ නොදනිත් කිව්වලු. (නි)
අනේ ඔහේ ඉඳලා හිටලා බීලා මැරෙන්න ට්‍රයි එකක් දැම්මහම මොකද වෙන්නේ? (නි)
හුඟ දෙනෙක් බොන්නේ කෑදරකමට (නි)
මූඩියක් පෑගිලා වෙන්න ඇති.(හේ)
බොන්න ඕනේ ප්‍රමාණයකට පෙරේත කමට බීපුවම ඔය වගේ දේවල් වෙනවා.(හේ)
අයියෝ පව් මෙයා.(හේ)
මොකක්ද මේ පිටබැද්දර ජයාට වෙලා තියෙන්නේ? (නි)
පිටබැද්දර පැත්තේ පිරිමින්ට කිවිසුමක් ගියත් ඈනුමක් ගියත් බඩේ අමාරුවක් හැදුනත් ඔක්කොටම පලි බවලත්තු තමයි. අපොයි මෙහෙමත් මහත්තුරු. ! (කෞ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ඒ කෙනා බොන එකේ නියම සතුට ගන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ. තමන්ගේ තරම දන්නේ නැතිවුණාම ඔහොම තමයි. (නි)
සිල්වත් ගුණවත් තැන්පත් බිරිඳක් ඉන්න ස්වාමියෙක් නම් කවදාවත් ඔය ජරා වතුර නම් කටේ තියන්නේ නැහැ , (හේ)
නොබොනවානම් හොඳයි,බොනවානම් ඊටත් වැඩිය හොඳයි.(ම)
දවසේ වෙහෙස සුවසේ නිවාගන්න ඉඳල හිටලා අපිත් හීනියට අඩියක් නම් ගහනවා. උම්බලකඩ කෑල්ලක්, රතු ලුණු ටිකක් ලියලා, ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා, දෙහි ඇඹුල් ටිකකුත් කලවම් කරගෙන එහෙම. හැබැයි ඉතින් මේ ගොයියා නම් බීලා තියෙන්නේ බිරිඳත් එක්ක තියෙන මොකක්දෝ නෝක්කාඩුවකට කියලා තමයි මට නම් හිතෙන්නේ. නැත්නම් කවුද අප්පා බීලා මැරෙන්න හදන්නේ? (නි)
මේ වාගේ දේවල් කරනකොට දුක්විඳින්නේ දරු පවුල මිස වෙන කවුරුන්ද? (නි)
ගෙදර හිටපු බල්ලත් පුදුම එකෙක්නේ. ඌත් පාඩුවේ ඉඳලා (නි)
මේක ඉතින් බොන හැමෝගෙම ගෙදර එන ක්‍රමයනේ (නි)
මට නිකම් මැවිලා පෙනෙනවා මේ පුද්ගලයා මිරිස් ගල් පිලට හේත්තු කරලා හිටපු විදිය. හොඳ වෙලාවට ගෙදර සුනඛයා අගුපිලේ නිදාගෙන නැත්තේ. (නි)
ජයරත්න මහතා දන්නා තරම තමා. (නි)
අනේ මාත් මේ පොඩි ෂොට් එකක් ගත්තු වෙලාවේ ජරා වතුර කියන්නේ (බ)
ජයරත්නෙත් නින්දෙන් නැගිටල වගේ (බ)