සෙංකඩගල පුරවරයට නුදුරු සුන්දර ගමකි. මේ පරිසරය තව තවත් විචිත‍්‍ර වූයේ ගම්මානය මැද පිහිටි පුදබිමකි.
ඉකුත් දිනෙක මේ විදු පියසේ දී ක‍්‍රීඩා උත්සවයක් පැවැත්විණි. මුළු ගමටම ආලෝකයක් ගෙන දුන් මේ පුංචි උත්සවයේ ‘‘මීටර් සියය’’ තරගය සිත් ගන්නා තරගයක් මෙන්ම මවිතයට පත් කරවන දර්ශනයක් ද ගෙන දුන්නේය. දුෂ්කර ගම්මානයට දහම් සිසිල බෙදා දුන් දිවයිනේ විචිත‍්‍ර ධර්ම කථික බහුශ‍්‍රැත යතිවරයාණන් වහන්සේ නමට මෙහි විනිශ්චය බාර විය.
දැන් මීටර් සියය පොඩිත්තන් සඳහා විවෘත විය. ක‍්‍රීඩා ලෝලීන් මෙන්ම නරඹන්නෝ හුරේ දමමින් පොඩිත්තන් දිරිමත් කරන්නට පටන් ගත්හ. අම්මලා තාත්තලා දුවේ පුතේ කියා කෑ ගසමින් දරුවන් උනන්දු කළත් පොඩිත්තන් රැුළම පිටිය මැද නතර වී උන්හ. නරඹන්නන්ට ප‍්‍රහේලිකාවකි. සිදුවී ඇත්තේ තවත් සංවේදී දෙයකි. මීටර් සියය තරගයට ඉදිරිපත් වූ 21 දෙනා අතරින් එක් පොඩිත්තෙක් කකුල නොණ්ඩි ගසමින් තරගයට ඉදිරිපත් වීමය.
එක, දෙක, තුන ලබා ගැනීම පසෙක දමා තම සගයා එන තුරු අනිත් පොඩිත්තෝ බලා සිටියහ.
අවසානයේ දී දරුවන් විසිඑක් දෙනාම එකට අත්වැල් බැඳගෙන දිනුම් කණුව අසලට පැමිණියේ ජයග‍්‍රාහක විලාසයෙනි.
කෙසේ නමුත් තරගයේ පළවැනියන් විසිඑක් දෙනකු තරුණේ කුළල් කා ගන්නා වැඩිහිටි සාමාජයට කදිම පාඩමක් උගන්වමිනි.
වස්සාන සමය වෙනුවෙන් දිවයිනේ සෑම විහාරයකම පවත්නා ධර්ම දේශනා මාලාවක දී උගත් විචිත‍්‍ර ධර්ම කථික හිමිනමක විසින් තම ධර්ම දේශනයේ දී මේ සිද්ධිය උවැස උවැසියන්ට දේශනා කළේ සුමධුර විලසිනි.
(රාගම හීන්කෙන්දේ ශීලා ජයසුන්දර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වැඩිහිටි අපට හොඳ අාදර්ශයක්. කෝ අපේ ජාතිවාදී අදහස් දෙන කට්ටිය. (ස)
ඉතා අශ්චර්යජනක සිදුවීමක් (නි)
අපේ පොඩි දරුවන් ශ්‍රේෂ්ඨයි! (නි)
පොඩිත්තන්ගේ ලෝකය ඉතා සුන්දරයි..... (ස)
ඇස් දෙකට කඳුලක් උනන විරල සිදුවීමක්.(අ)
කාලෙකින් අහන්න හම්බුනා හොඳ පුවතක්. සලිත් ඔයා ජාතිවාදී පිරිස් කියල අදහස් කලේ කව්රු ගැනද? (නදී)
කුඩා දරුවන්ගේ බොහෙමයක් ක්‍රියා දෙස බැලුවම දැන් කාලේ වැඩිහිටියන්ට ගත හැකි දේ බොහෝමයි (නදී)
දරුවන්ගේ සිත් වල කුහක කම ඊර්ෂ්‍යාව ආත්මාර්ථකාමය නෑ. ඒ අහිංසක සිත් කිලිටි කරන්නේ වැඩිහිටියන් වන අපියි. දරුවන් ඉදිරියේ තියාගෙන අපි කියන කරන දේවල් ඔවුන් ටික ටික ඉගෙන ගන්නවා. එයින් මුළු සමාජයම කිලිටි වෙනවා ඊට පස්සේ අපි අලුත් පරම්පරාවේ ළමයි අපේ කාලේ වගේ නොවෙයි හරි නරකයි කියනවා. ඇත්තෙන්ම එයාල හොඳ වෙන්නෙත් අපිව ආදර්ශයට අරන් නරක වෙන්නෙත් අපිව ආදර්ශයට අරන්. (නදී)
නුවර කොල්ලො එහෙම තමයි හලෝ...(අ)
ඇත්තටම හදවතට වදින විදිහේ ප්‍රවෘත්තියක් (නි)
මේ දරුවන් විදහා පෙන්වුයේ ඔවුන්ගේ වැඩිහිටියන්ගෙන් ලැබුණු ආදර්ශය නේද? අහවල් පළාතේ නම් මෙය මිට වඩා වෙනස් කතාවක් වෙන්ට තිබුනා. බදා ගන්නවට වඩා බෙදා ගැනීම උසස් බව මේ පැටව් ගෙන් ඉගෙන ගත්තොත් හොදයි (නදී)
අනර්ගයි පුතුනේ. (නදී)
ඇස් දෙකට කඳුලක් උනන විරල සිදුවීමක් (නදී)
කෙනෙක් කරදරයක වැටුනාම ඒ කෙනාට අතදීම මිනිස් ගුණ ධර්මයක්. ඒ දුලා පුතාලා කළදෙයින් අපට ඉගෙනගන්න පුළුවන් එයයි. (නි)
බොහොම හොඳ දරු පැටවූ ටිකක්. දැන් මොන්ටිසෝරි වල ඉඳල පොඩි උන්ට එකමුතු කමේ අගේ පහදලා දෙන්න ගුරුවරු දැන ගන්න ඕන.එතකොට එකමුතු ගම රටක් වේවි. (ස)(ස)
21 දෙනාම නැවතුනා නම් කලින් සැලසුම් කරන ලද්දක්.(හේ)