සැමියාගේ පුරසාරම් හේතුවෙන් බිරියට රැකියාව අහිමිවීමේ පුවතක් වයඹ පළාතෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ඔහුගේ බිරිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරයි. ඔහු එදිනෙදා ලැබෙන කුලී වැඩවලින් ලැබෙන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් මත්පැන් සඳහා වැය කරයි. ගම පුරා කරක් ගසමින් පුරසාරම් දොඩමින් සිට හැන්දෑ වනවිට හිමිහිට ගෙදර එන ඔහු බිරියගේ අතට කීයක් හෝ දී විහිළුවක් කර ෂේප්වීමේ කලාව හොඳට දැනගෙන සිටියේය.
පසුගිය දිනක බිරිය ඔහුට පවසා තිබුණේ ලබන සෙනසුරාදා වැඩපළේ කෙල්ලෝ කට්ටියක් කෑමට එනවා අපේ පැණි වරකා ගහෙන් ගෙඩියක් කඩන්න. එදාට එක එක මලජරාවල් බොන්නේ නැතිව හොඳ සරමක් ඇඳගෙන පිළිවෙළට ඉන්න කියාය.
සෙනසුරාදා දින උදාවිය. සිය බිරිය දියණියන් දෙදෙනාද සමඟ දහවල් ආහාර පිළියෙළ කරමින් සිටින අතරතුර සැමියා හිමිහිට නිවෙසින් මාරුවිය. ගමේ හොර සුරා පොළට වැදී ෂොට් එකක් දමාගෙන නිවෙසට පැමිණ බුලත්විටක්ද කා නිදා ගත්තේය.
දහවල් වනවිට බිරියගේ මිතුරියෝ පිරිස වෑන් රථයකින් පැමිණියහ. ඔවුහු කෑම කෑවෝය. ‘ඔයා හැමදාම වර්ණනා කරන පැණි වරකා ගහෙන් අද කන්නම ඕනෑ’ යැයි කීහ.
මිතුරියන්ගේ ඉල්ලීම අනුව බිරිය වහාම නිදා සිටි සැමියා ඇහැරවා ‘තම මිතුරියන්ට වරකා කන්න ආසලූ ඔයා පරෙස්සමට ගහට නැගලා ගෙඩියක් කඩන්න’ යනුවෙන් ඉල්ලා තිබේ.
තරමක් වෙරි මතිනුත් සිටි ඔහු වහා සරම කැසපොට ගහගෙන කොස් ගහට නැග්ගේය. අනේ අයියේ බලාගෙන වැඩිය උඩට නගින්න එපා වරකා නැතිනම් බහින්නැයි මිතුරියෝ ආයාචනා කළහ.
නංගිලා බයවෙන්න එපා මෙහෙම උඩද මම නැගලා තියෙන්නේ නේද? යනුවෙන් බිරියගෙන්ද ඇසුවේය. එසේ කියමින් වැඩිදුරක් ඔහුට නගින්න සිදුවූවේ නැත. එකවරම අතෙහි වැදි දිමි ගොටුවක් කැඞී ඇඟ පුරා විසිරීමෙන් ඇඳ සිටි සරම කඩා වැටිණි. ඊයා අපෝ යනුවෙන් කෑගසමින් මිතුරියෝ පිරිස දුවගොස් පැමිණි වෑන් රථයට ගොඩවූහ. බිරිය දියණියන් දෙදෙනාද ඇදගෙන නිවෙසට දිව ගියාය.
දැන් ඉතිං ඔක්කොම දේවල් වෙලා ඉවරයි සිතමින් හිමින් සීරුවේ ගසෙන් බැස බිරියගේ හා දරුවන්ගේ මුහුණ බැලීමට බැරි නිසා පොඞ්ඩක් හීනියට අරගෙන හැන්දෑවේ ගෙදර එනවා හිතමින් ඔහු යන්නට ගියේය.
වෙරි පිට ගෙදර එනවිට බිරිය දරු දෙදෙනාද රැගෙන ඇගේ ගෙදර ගොසිණි. දින ගණනාවක් ගතවිය. බිරිය එන පාටක් නැත. නැවත කිසිදා නොබොන බවට පොරොන්දුවී බිරිය දරුවන් තම නිවෙසට කැඳවාගෙන ආවේය. බිරිය ලැජ්ජාව නිසා දැන් වෙන ඇඟලූම් ආයතනයක රැකියාවට යයි. දැන් ඔහු මත්පැන් තියෙන දිහාවකින් යන්නේද නැත. නමුත් මග තොටේදී හමුවන මිතුරන් අහන්නේ සරම තවම ගහ උඩද? යනුවෙනි.
(බන්දුල පී. දයාරත්න)
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පැණි වරකා කඩන්න ගිහිං සරම ගැලවී ජංජාලයක්
himal Wednesday, 06 December 2017 07:52 AM
මේ පුවතේ මුලින් කියන්නේ සැමියා පුරසාරම් කිව්ව බව. ඒත් අන්තිමේදි කියලා තියෙන්නේ බිරිඳ. ඒක නිසා බිරිඳට රැකියාව අහිමි වුණා කිව්වට, බිරිඳම තමයි වෙන තැනක වැඩට ගිහින් තියෙන්නේ. දවල් හොරෙන් බීලා නිදාගත්තා කිව්වට, අර යාළුවො දවල් ඇවිල්ලා කාලා ඉවර වෙනකන් සැමියා නිදි. බිරිඳ දන්නෙ නෑ සැමියා බිව්වා කියලා. මුලින් පුද්ගලික ආයතනය, පස්සේ වෙන ඇඟලුම් ආයතනයක්ලු. පටලැවිලි ගොඩක් තියෙන්නේ කතාවේ භාගයක් ගොතලා නිසාද?
abaranWednesday, 06 December 2017 06:44 PM
මේ ලෝකේ කතන්දර කියන හැම දෙයක්ම ගොතපුව තමයි..හරියාකාරව ගොතා ගත්තොතින් ගොඩේ ගොඩ..
terrance Wednesday, 06 December 2017 07:39 PM
තදින් මත්වතුර වලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට මේවා හොඳ පාඩම්.
pitigala Thursday, 07 December 2017 03:12 AM
කතාවේ හැටියට ඒ මිනිහා පව්. හොඳ මිනිහෙක්. බිරිඳට එ්ක වටහා ගන්න බැරි වෙලා. දිමි ගොට්ට ඉහිරුනාම ඒ මිනිහා ගහෙන් නොවැටී හිටිය එකම මදිද? ඕක නිකම් විහිළුවක් වගේ හිතුවානම් ඔච්චර දෙයක් වෙනවද? ඕක සුළු දෙයක්. ඒ මිනිහා ලොකු ළමයි ඉන්න තාත්තා කෙනෙක් නේ?
janahitha Friday, 08 December 2017 04:23 AM
ඔය වගේ දේවල් වෙනවා හදිස්සියට ගියහම. එච්චරට ගණන් ගතයුතු නැහැ. ඔය සමහරු අනුන්ගේ ගෙවල් වල සරම දාල දුවන්නේ කලබල යට.