තම බිරිය නිවෙස අසල ළිඳට වැටුණා යැයි හදිසියේම සිය ජංගම දුරකථනයට ලැබුණු ඇමතුමකින් කලබලයට පත්වූ හෝටල් සේවකයකු හඬා වැලපෙමින් සේවා ස්ථානයේ හිමිකරු වෙත සිද්ධිය පවසා කලබලයෙන් නිවෙස වෙත ගොස් බැලූවිට තම බිරිය නිවෙස ඉදිරිපිට වාඩිවී සිටිනු දැක මවිතයට පත්වූ අයකු පිළිබඳ අපූරු පුවතක් පිළිමතලාව ප‍්‍රදේශයෙන් වාර්තාවිය. ඔහු විවාහක, හෝටල් සේවකයෙකි. උදේ පාන්දර සේවා ස්ථානයට පැමිණ, සේවය නිමාවීමෙන් පසු සවස 7ට පමණ නිවෙසට යාම දෛනික ක‍්‍රියාවලිය විය. ඉකුත් සතියේ දිනක ඔහු සුපුරුදු පරිදි සේවය සඳහා පැමිණ ගතවූයේ සුළු වෙලාවකි. ඔහුගේ ජංගම දුරකථනය නාද විය. ”අක්කා ළිඳට වැටුණා...” දුරකතනයෙන් ලැබුණු තොරතුර විය. ”අයියා...අපේ එක්කෙනා ළිඳට වැටිලලූ....මම යනවා...” හෝටල් සේවකයා ආපනශාලා හිමිකරු වෙත හැඬූ කඳුළින්, පවසමින් කලබලයෙන් නික්ම ගියේය. හෝටල් හිමිකරු සහ සෙසු සේවකයෝ නිවෙසට ගිය තම හිතවතාගෙන් තොරතුරක් ලැබෙන තෙක් නොඉවසිල්ලෙන් පසුවූහ. නමුත් තොරතුරක් නැත. පසුදාට එළිවිය. වෙනදා මෙන්ම හෝටල් සේවකයා සේවයට පැමිණියේය. ”මොකද නෝනට..? හොස්පිටල් ගෙනිච්චද? මෙච්චර එකක් වෙලා තියෙද්දී වැඩට ආවේ මොකද?” ”නෑ...අයියේ...මටයි වැරදුනේ...නෝන ළිඳට යනකොට පාරෙයි වැටිලා තියෙන්නේ. මට දුරකතනයෙන් කෝල් කරනවිට ඇහුණේ ළිඳට වැටුණා කියලයි...” සියල්ලන්ටම සිදුව ඇති දේ අවබෝ්ධ විය. එදා පටන් තම සේවා ස්ථානයේ හිතවතුන්ගෙන් ගැලවීමක් නැත. ”අද මොනවා කියලා කෝල් එයිද දන්නේ නැහැ. පණිවිඩය හොඳට අහගනිං” හෝටල් සේවකයාට ලැජ්ජාවෙන් ඇඹරෙනු විනා වෙනත් කළහැකි දෙයක් නොවීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝටල් සේවකයා කිව්වේ මෙහෙමයි..." අනේ මුදලාලි....බලන්නකෝ මේ ගෑනි ළිඳට වැටිල නැහැනේ "
මෙලෝ වැඩක් නෑනේ
අනේ අනේ ැදන් මේ පුවත් නැතිවද දාන ඒවා...!!
මට හොදටම හිනා .....
මෙලෝ රහක් නෑ
ලියන්න දේවල් නැතිවට ඔබ ලියන්නා... කියවන්න දේවල් නැතිවට අපි කියවන්නා... ලියන්න දේ නැති ඔබ හට මැසිවිලි අප නගන්නා... දෙයියො සාක්කී කියමින් අප අපටම කියන්නා...
මොනවද මේ වැඩක් නැති පුවත්...
මේ වගේ කතාවකට ලංකාදීපේ ඉඩක් ආවේ කොහොමද කියල මට නම් ප්‍රශ්නයක් ...
තොර ඕමාන්,වැඩි දවසක් යන්න කලින් ඔයාව ළිදට තල්ලු කරයි
බෙන්ටෙන් මීට වැඩ හොඳ කතාවක් නැද්ද කියන්න ?
මට පේන්නේ බෙන්-ටෙන් කියලා කමෙන්ට්ස් දාන්නේ එක්කෝ අලිබබා.නැත්නම් හොර දොස්තර
ඒ යෝධයා ගෙදර ගිහින් තියෙන්නේ සන්තෝෂෙට ෂොට් එකක් ගහන්න
දෙය්යෝ සාක්කි! මිනිස්සුන්ට හරියන්න කතාවක් ගොතා ගන්නවත් කෙනෙක් නැති වෙනවා
කොහොම උනත් බිරිඳට ආදරේ ස්වාමියෙක්....
මටනම් හිනා ගියේ "තෝර ඕමානය" කියපු කතාවට.
අනේ මන්දා, මෙයා කියන ඒවට නම් හිනහා යනවා
ෂික් අපේ ගැනී ලිදට වැටෙන් නෑනේ?
ලොවෙත් නෑ වසන්ත රත්නායක මහත්තයෝ. සිනාසෙන්න සිනා නොවී බැරිකමට..... මෙලෝ රහක් නැහැ..
කමක් නෑ අනේ ළිඳයි ,නෝනයි ඔක්කොම ශේප්නේ. පොඩි අප්සට් එකකට තියෙන්නේ කන තමයි...
අයියෝ ඕවත් වැඩද??
බෙන් ටෙන් - ඔය බෙන් ටෙන්ගේ අත්දැකීමක්ද ? නැත්නම් දෙයියෝ සාක්කි වගේ ගොතපු කතාවක්ද ?
බෙන්ටෙන්, ඒ කතාවට අපි හිනා වෙන්න ඕනද කියල කියන්න.
අපි කතාව මෙහෙම හදමු.... දකුණේ දුෂ්කර ගමකි. සිරියාවති සහ කමලා යහළුවන්ය. සිරියාවති කසාද බැද වසර කිහිපයක් ගතවිය. කමලාද කසාද බැන්දේ ලගදීය ඒ සිරියාවතිගේ ස්වාමියාගේ යහළුවෙකුවය. මේ දෙදෙනා රැකියාව වශයෙන් කළේ කුලී වැඩය. සිරියාවති සහ කමලා යහළුවන් වූවා සේම ඔවුන් දෙදෙනාගේ ස්වාමි පුරුෂයන් ද යහළුවන් විය. කුලී වැඩ කලේද එකටය. මෑතකදී කසාද බැන්ද කමලා ස්වාමියා වැඩට ගිය අවස්ථාවල පවා නිතර නිතර පෙම්බස් දෙඩූවේය. දිනක් කමලාගේ ස්වාමියා හා සිරියාවති ගේ ස්වාමියා කුලී වැඩකට ගියේ ය. එදින ඔවුන්ට හම්බ වූ වැඩය නම් ලිදක් හෑරීමය. ඉක්මණටම ලිද හෑරීමට පටන්ගත් දෙදෙනා ලිද අඩි පහක් පමණ හාරා ලිදට බැස හාරන්නට විය. ලිද තුළ කෙටි වේලාවක් වැඩ කළ ඔවුන් තේ පානය සදහා මදකට නතර කළේය. සිරියාවතිගේ ස්වාමියාට තේ පානය කිරීමට අවශ්‍ය වුවත් කමලාගේ ස්වාමියාට අවශ්‍ය වූයේ ලැබෙන කෙටි විවේකයේ දී කමලා සමග පෙම්බස් දැඩීමට ය. දුරකථනය අතට ගත් ඔහු ලිද තුළම සිට කමලාට ඇමතුමක් දුන්නේ ය. මොවුන් එදින කරන වැඩය කුමක්ද කියා නොදත් කමලා සුපුරුදු පරිදි කතා කරන්නට විය. එවිට සිරියාවතිගේ ස්වාමියා ලිද තුල සිට උඩට නැගීමට තැත් කරද්දි ලිද තුලටම වැටී තම මිතුරාගෙන් සහාය පැතීය. මිතුරා දුරකථනයෙන් කතා කරන නිසා කතාව නවත්වන තුරු ඔහු ලිද තුළ වැටුනු තැනම සිටියේය. එ විට කමලා ඇයගේ ස්වාමියගෙන් ''දැන් ඔයා කොහෙද ඉන්නේ '' දැයි විමසිය... එවිට මම දැන් ලිදේ කියා කියුවේය. එතකොට සිරියාවතිගේ ස්වාමියා කොහේදැයි විමසීය. එවිට 'ඔය ලිදේ වැටී ඉන්නේ'' යැයි කීය. කලබලයට පත් කමලාවති තම මිතුරිය වන සිරියාවතී වද කැදවාගෙන ලිද කපන ස්ථානය යන විට ඔවුන් දෙදෙනා ගිමන් හරිමින් තේ පානය කරමින් සිටියේය. ඉන් පසු ලිං හැරීම ඔවුන් දෙදෙනාට තම බිරින්දෑවරුන්ගෙන් තහනම් කරනු ලැබීය.
හෝටලේ කෑම කන අයට විරේක ඕනි නැතුව ඇති.ඔච්චර මොන්ගල් නම් උයන හැටි හිතා ගන්න පුලුවන්
මේක බලල අපේ හාමිනෙත් කෝල් කරයිද දන්නේ නෑ....
මේකනම් හිනායන දෙයියෝ සාක්කියක් .............