මවගේ දෙඇස් කළුවරේ සිය දෙඅත්වලින් වසා ඇයගේ ගෙල පැළදි රන්මාලය සොරකම් කළ පුතකු පිළිබඳ අපූරු පුවතක් දකුණු ලකේ නගරයකින් වාර්තාවේ.
ඔහු මත්ලොලියෙකි. ඔහුගේ වයස්ගත මව සිය පුතා මත්කුඩුවලට ඇබ්බැහිවී ඇති අයකු බව නොදත්තාය. ඒ ඇය ඒ පිළිබඳව නොදන්නාකම නිසාය. ඔහු ඒ සඳහා මිල මුදල් ලබා ගන්නේ ද සොරකම් කොටය. ඇඟට පතට නොදැනී දෙන ගේම්වලින්ය.
එදා ඔහුට මත්කුඩු ගැනීමට මොනම ක‍්‍රමයක්වත් උදා නොවුනි. අන්තිමේදී ඔහු අලූත් මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළේය. පස්වරුවේදී ගෙදරින් අතුරුදන් වූ ඔහු සිය මව කළුවර වැටීගෙන එනවිට නිවෙස ඉදිරිපිට ඇති රෙදි වැලට රෙදි ගැනීමට එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේය. කළුවර වනවිට අක්‍ෂි ආබාධය තවත් උග‍්‍රවන බව දත් ඔහු රෙදි වැලට පැමිණි සිය මව දෙසට පූස් ගමනින් පැමිණ ඇයගේ දෙඇස් ඔහුගේ අත් දෙකෙන් වසා ඇය ගෙල පැළදි රන්මාලය කඩාගෙන දිව්වේය.
මෙයින් කලබලවූ ඇය මෙන්න හොරෙක් මෙන්න හොරෙක් මගේ මාලය කඩා ගත්තා යැයි කෑමොර දී නිවැසියන් හා අසල්වාසීන් රැුස් කළ ද ඒ වනවිටත් ඔහු අන්තරස්දානවී තිබිණි. අන්තිමේදී මේ පැමිණිල්ල අදාළ බල ප‍්‍රදේශයේ පොලිසියට ද ගියේය.
මේ හොරකම වෙන කිසිවෙකු නොව ඇයගේම පුතා විසින් කරන්නට ඇතැයි පොලිසිය සැක කළේ ඔහු මත්ලෝලියකු බව පොලිසියට වාර්තා වී තිබු නිසාය. ඒ අනුව ඔහු වහාම සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී තමා මවගේ දෙඇස් දෙඅත්වලින් වසා මාලය කඩාගත් බව පොලිසියේ දී පිළිගත්තත් තමාගේ පුතා මෙවැනි සොරකමක් කළ බව මවට පිළිගැන්වීමට පොලිසියට මහත් පරිශ‍්‍රමයක් දරන්නට සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මගේ ආදරේ තමයි (අ)
අනේ ජනතිපති තුමනි. අපේ රටෙන් මේ මත් උවදුර නැති කරලා දෙන්න. ඔබතුමාට කරන්න පුළුවන් ලොකුම දෙයක් අපි වෙනුවෙන්. (අ)
මේ වාගේ මිනිසුන්ට දඬුවම් දීමෙන් කිසි සෙතක් වෙන්නේ නැහැ. පුනරුත්තාපනය කරලා යහ මගට හරින එක තමා තියෙන එකම මග. (අ)
ලැජ්ජයි මේ වගේ කතා අහන්න වෙන එක ගැන.(හේ)
දෙඇස් දෑත් වලින් වසා මාලය කඩාගත්තේ මොන විදියටද ? (නදී)
මත් කුඩු නැති කරන්න. මත් පැන් නම් යම් තරමකට තිබුනට කමක් නැහැ (නදී)
පුදුම වෙන්න දෙයක් නැහැ ඕක ඔය පළාතේ හුඟක් අයගේ පුරුද්දනේ. අම්මගේ දේ කඩා වඩා ගෙන කන එක. බැරිම උනොත් අම්මව විකුණගෙන හරි තමන් බැබලෙන්න ඕන කියලා හිතුනොත් එ්කත් කරනවා (නදී)
ඔය බිස්නස් එකේ ලොකු කට්ටිය අයින් කර දමන්න. අව නීතිය සමග ගනුදෙනු කිරීමේදී ප්‍රවේසම් වීම සහ මොලය පාවිච්චි කිරීම වැදගත්. කරුණාකර විවිධ පැති වලින් මෙයා සමග ගැටෙන්න අවශ්‍ය හොඳ මිනිස්සු ටිකකට මේක දෙන්න. පොරවල් වීමක් අවශ්‍ය නෑ. අප්‍රසිද්ධියේ තමයි මේ සෙල්ලම කරන්න ඕනා.(නදී)
මේ කතාව අහනවිට මට මතක් වෙන්නේ තවත් දකුණු පළාතේ සිද්ධ උන කතාවක් අම්ම්මට පුතා ගෙම්බෙක් පෙන්නු කතාවයි (නදී)
කවුද දෙවියනේ විශ්වාස කරන්න පුළුවන් අද කාලේ? අම්මලා තාත්තලා හඳුනන්නේ නැති දන්නේ නැති ලෝකෙක අපි ජීවත්වෙන්නේ. ඒත් හැමෝම මෙහෙම නැහැ (නි)
මෙහෙමත් ළමයි ඉන්නවනෙ?(අ)