දරුවන් කුඩා වියේ දීම තම සැමියා මළ නිසා වැන්දඹුවක් වූ ඇය තම දුවත් පුතාත් ලොකු මහත් කළේ අමාරුවෙනි. අතරමග පාසල් ගමන කඩාකප්පල් කරගත් පුතා රැුකියාවකට දැමීමට යැයි කියා දුර ඥාති මාමා කෙනෙක් දරුවා කැඳවාගෙන ගියත් පසු කලෙක ඔවුන් පිළිබඳව කිසිදු ආරංචියක් නොවීය.
පසු කලෙක දරුවා කැඳවාගෙන ගිය ඥාතියාගේ දුරකතන අංකය ලැබී ක‍්‍රියාත්මක කළත් පිළිතුරක් ආවේ නැත. ඒත් පසුගිය දා ඔහු දුරකතනයට සම්බන්ධ විය.
”අනේ අයියේ පුතාට කතා කරන්න පුළුවන්ද?” ඇය ඇසූ විට මොහොතක් නිහඬව සිටි ඔහු ”කතා කරන්නෙ කොහොමද? එයා පොළෙව යට” කීවේය. ”හත්දෙයියනේ” ඇයට කියැවිණ.
මේ ගැන ඇසූ දියණිය ද අන්ද මන්ද වූවාය.
පැයකට පමණ පසු යළි දුරකතනය නාදවිය. කතා කළේ පුතාය. ”මං මෙහේ මැණික් පතලක වැඩ කරන්නෙ. අංකල් පණිවුඬේ කිව්වාම උඩට ආවෙ” ඔහුගේ කීමෙන් ඇගේ ඇඟට ලේ පොදක් ඉනුවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්නේ නැතුව තියෙයිද එහෙම කිවුවහම? (නි)
කියවාගෙන යද්දී මමත් ගල්ගැහුනා (නි)
උතුම් අම්මාවරු එහෙම තමයි. රෝම කූපයක් ගානේ තිබෙන්නේ දරු සෙනෙහස
දරුවාගේ අම්මාට මෙතරම් ගින්දරක් නොදී මේ ආරංචිය කියන්න තිබුනා නේද මේ මනුස්සයට? (නි)
සැබෑ මවු සෙනෙහස එහෙම තමයි (නි)