දකුණු පළාතේ වෙරළබඩ උපනගරයකි. ග‍්‍රාමීය ප‍්‍රාදේශයක් කරා යාමට නියමිත බසයකට අවුරුදු අටක් තරම් වූ කොලූ ගැටයෙක් හා ඔහුගේ මව යැයි සිතිය හැකි කාන්තාවක් පසුපස දොරෙන් ඇතුළුවී ආසනයක වාඩි වූහ. දරුවා තදබල දත් කැක්කුමකින් පෙළෙන බව පෙනෙන්නට තිබිණි.
මොහොතකින් ඉදිරිපස දොරටුවෙන් ඇතුළු වූ තෙල් බේත් අලෙවිකරුවකු දත් කැක්කුමට ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධ තමා ළඟ ඇති බව කීවෙන් පසුපස අසුනේ සිටි කාන්තාව ඔහු කැඳවීය. ඔහු තම ඖෂධයෙන් මදක් දරුවාගේ දත්වල තැබීය.
මොහොතකින් දරුවාට පුදුම සුවයක් ලැබිණි. දරුවාගේ මව සතුටටත් විමතියටත් පත්වූ බව පෙනිණි. වටපිටවූවෝ එම ඖෂධය මිලදී ගත්තේ එහි ගුණය එතැනදීම පෙනුණ හෙයිනි.
වෙළෙන්දා සෑහෙන මුදලක් එකතු කරගෙන බැස ගියත් දරුවාගේ මව බෙහෙත් ගුණය ගැන කතා කරමින් සිටින විට පිටත බැලූ දරුවා කලබලයට පත්ව ”අම්මේ තාත්තා තව බස් එකකට නැග්ගා. ඉක්මනට නොගියොත් බැණුම් අහන්න වේවි” කීවෙන් මේ නාඩගමට රැවටුන අයට යකා වැහුනාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජීවත්වීමට වෙර දරන වෑයමක්. ඉස්සරත් ඉදලා තියෙනවා මේ වගේ අය. මම ෆිල්ම් වලින් දැකලා තියෙනවා.(නදී)
මන් ආයිමත් ඇරයුම් කරනවා ඇත්ත සමදරා අක්කට එන්න කියලා. ඇවිත් අපි ප්‍රවෘත්තියට අදාල හරවත් දේ ලියමු. (නදී)
පොඩි මල්ලි කිරි ඉල්ලා අඩන විටදී දුක හිතිලා. පොල් කිරි ටික මිරිකාලා මම අල්ලා පෙව්වා.(නදී)
අපි කොච්චර සතුටින්ද මෙතන හිටියේ. (නදී)
ජිවත් වෙන්න ඕනෑම දෙයක් කරන්න සුදානම් මේ මිනිස්සු පව් කියලත් හිතෙනවා (දිල්)
මේ කරපු දේ හොද දෙයක් නම් නෙමෙයි තමයි. ඒත් ජිවත් වෙන්න කරපු අහිංසක වැඩක්. මෙයිට වැඩිය හොර වැඩ කරන මිනිස්සුත් අපි අතර ඉන්නවා.(නදී)
දත් ගැලවෙන්න දෙන්න තිබුනේ.(නදී)
''දකුණු පළාතේ වෙරළබඩ උපනගරයකි''.කියන්නේ මාතර ගාල්ල පැත්තේ නේද ? (අ)
බෝතල් බෙහෙත් විකුනන්නේ ගොඩක් අසරණ වෙච්ච මිනුස්සු. මේ අයට මෙහෙම බොරු කලත් ඒ ලැබෙන මුදලවත් ජීවත් වෙන්න ප්‍රමාණවත් නැහැ. (නදී)
ලංකාවේ බොහෝ දේශපාලුවන් කරන්නෙත් මෙවැනිම දේ තමයි. ජනතාව රවටා තමුන්ගේ බඩ වඩා ගැනීම.(නදී)
මේ හැම දේම කරන්නේ ජිවත් වෙන්ඩ නේද ? පොඩි එකාට මොනවා තේරෙනවද ? (නදී)
පොඩි එකාට සුභ අනාගතයක් ! දත් දොස්තර කෙනෙක් කිරීමට දෙමව්පියන් ගන්නා උත්සාහයද සාර්ථක වේවා! (නදී)
මටත් මතක් උනා කතාවක්. දවසක් අම්ම කෙනෙක් පුතාවත් අරන් බස් එකට නැගලා පුතාට බාග ටිකට් එකක් ඉල්ලලා. කොන්දොස්තරපුතාගේ වයස ඇහුවම .පුතා කියලා තියෙනවා බස් එකට නගිනකොට 10 යි බස් එක ඇතුලේදී 6ක් කියලා.(නදී)
අනේ ඇත්තට , මෙහෙමත් වැඩ! (නි)
මේ පුවත කියවල මට තනියම හිනා ගියා. පොඩි ළමයින්ට වැඩිහිටියන්ට වගේ බොරු කියන්න පළපුරුද්දක් නැහැ. කුමක් හෝ කපටිකම් වලින් ජීවිතය ගැට ගහගන්න සමාජයේ මිනිසුන් පෙළඹී ඇත.(නදී)
ලොකු සමාගම් ලස්සනට ඇසුරුම් වල ලා රටපුරා පෝස්ටර් අලවලා. පත්තර පිටු ගණන්, ටීවී එකේ පැය ගණන් ඇඩ් දාල කරන බොරුවට වඩා මේක ගොඩක් අහිංසකයි. මේ සමාගම් කවන පොවන වස ගැන කතා කරන්න කිසිම කෙනෙක් නැහැ. සල්ලිවලට ඔක්කොම යටයි.(නදී)
හොරකම් මැරකම් නැතිව, කුඩු මත් ද්‍රව්‍ය නැතිව ජීවිත හානි කරගන්නේ නැතිව මේ විදියට ජීවත් වීමත් හොඳයි. විනෝදයකුත් තියෙනවනේ.(නදී)
රුවන්, මටත් බෝඩිම ටෙලි නාට්‍යය මතක් වුණා. සමාජයේ වැරදි අඩුපාඩු වලට හාස්‍යය හරහා පහරක් ගහපු රසවත් නාට්‍යයක්.(නදී)
නිලූ ඔයා කාලෙකින්. ඔයාගේ කතාව හරියටම හරි. ඒත් මේ අයට සාධාරණ ජීවිකාවක් කරන්න සිතුණේ නැත්තේ ඇයි කියලා තේරෙන්නේ නෑ. සමහර විට පහසුවෙන් සල්ලි හොයන්න පුලුවන් නිසා වෙන්න ඇති. (නදී)
බලන්නකෝ අද රටේ වෙන දේවල්... (නි)
එක තැන පල් වෙන අදහස් නොදැමීම හොදයි නේද? (නි)
මොන බොරුව කරලා හරි සල්ලි හොයන්න හදන්නේ දැන් අපේ රටේ මනුස්සයෝ. තව කෙනෙක් රැවටීම වැරදියි තමා ඒත් ජීවත් වෙන්න බැරිව සියදිවි හානි කර ගන්නවාට වැඩිය මෙහෙම හරි මනුස්ස ජීවිත රෑක ගන්න එක හොදයි කියලා හිතෙනවා. දැන් රටේ තියන තත්වේ බැලුවම හිනා නෙමේ මේවා අඩන්න ඕනේ දේවල් ඇත්තෙන්ම. (නදී)
ඉන්දු ,චන්දි අපිත් නත්තල් කාලේ මෙහෙම දෙයක් කළා නම් කීයක් හරි හොයා ගන්න තිබුනා.(නදී)
චාර්ලී චැප්ලින් මතක් වෙනවා. කුඩා දරුවෙක්ට කියල ජනෙල් වලට ගල් ගහල චැප්ලීන් ජනෙල් වලට වීදුරු අල්ලලා සල්ලි අරගෙන අහුවෙන හැටි.(නදී)
මේ වගේ කතාවක් රූපවාහිනියේ “බෝඩිම“ විකට ටෙලි නාට්‍යයේ තිබුනා. . ඒ ටෙලිය බලල තිබුන කෙනෙක් හිටියානම් මේ වගේ දේවලට රැවටෙන්නේ නැහැ. එම නාටකයේ බසයක් තුල රොඩ්නි වර්ණකුල මහතා කනේ අමාරුවකට දයා අල්විස් (හොර වෙදා) ගෙන් බේත් දෙන දර්ශනයක් රඟපෑවා. මතක් වෙනකොට දැනුත් හිනා.(නදී)