මෙය දකුණු පළාතේ සිදුවීමකි. තම කුඩා පුතුගේ උපන් දිනය ඉහළින්ම සැමරීමට දෙමව්පියෝ තීරණය කළහ. ඥාති මිත‍්‍රාදීන්ට ආරාධනය කර උදව්වට නැගණියද ගෙන්වා ගත් දරුවාගේ මව එළවළු පිළියෙළ කිරීම නැගණියට සහ අන් අයට පවරා මස් මාළු කැපීමේ කාර්යය තමාම භාරගත්තාය. ලොකු මාළු කුට්ටියක් පිහියෙන් කැපූ ඇය කුකුළු මස්ද කපන්නට වූවාය. මස් ශීතකරණයේ තැබීම නිසා කැපීමට අපහසු වූ බැවින් ”මන්නා පිහියක්” භාවිත කිරීමට සිදුවිය. කුකුළකු කැබලිවලට කැපූ ඇය තවත් කුකුළකු රැගෙන පිහිය ඔසවා වේගයෙන් ගැසුවාය. අවාසනාවකි. පහර වැරදී ඇයගේ වම් අතේ මාපටඟිල්ලේ අග පුරුකේ කොටසක්, නියපොත්තේ කොටසකුත් සමග වෙන්වී ගියේය. වහාම ඇය රෝහලකට ගෙන ගිය අතර සිද්ධිය දුටු ඇයගේ නැන්දනිය අනතුරට මුහුණ පෑ අයගේ නැගණිය අමතා ”දුවේ මසුත් කාලා හමාරයි නොවැ”යි පැවසුවාය. පැය කිහිපයකට පසු අවශ්‍ය ප‍්‍රතිකාරයෙන් පසුව දරුවාගේ මව නිවෙසට රැගෙන ආවාය. සාදයේ වැඩ කටයුතු අන් අය සූදානම් කර තිබිණි. සියල්ලෝම දිවා ආහාරයට වාඩිවූහ. උපන් දිනය සැමරූ පුතාට බත් කවන ලද්දේ පුංචි අම්මාය. ආහාර අනුභව කරන අතරේ පිඟානේ තිබූ දෙයක් දරුවා පෙන්වීය. එය පරීක්ෂා කැරිණි. දරුවාගේ මවගේ වෙන්වුණු ඇඟිලි කැබැල්ල එය බව දැකගත හැකි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසැලකිල්ලෙන් වැඩ කරනකොට ඔහොම ටමයි . කොහොමද මේ වගේ දෙයක් හොටෙල් එකක උනානම් එහෙම . පත්තර වල යයි මිනි මස් උයන හොටෙල් එකක් හමුවෙයි කියල ...!!!
දකුණු පළාතෙන් ඇහෙන්න්නේ හරි පුදුම දේවල් මේ දවස් වල.
මේක නම් බොරුවක්ද කොහෙද? මොකද අවුරුද්දක පොඩි එකෙකුට ඔච්ච්ච්ර දැනුමක්? (වෙන් කර හදුනාගැනීමට පාට ,සතුන් , මල් , පුද්ගලුන් වැනි දේ ).පොඩි එකෙක් මිරිස් සැර කන්නේ නෑ.ගොඩක් වෙලාවට මස් හෝදලා වගේ දෙන්නේ.මේ කතාවේ හැටියට පුංචි අම්මගේ ඉදන් මේ මුළු පවුල අන්ධයි.
කතාව නම් හොදයි. හැබැයි අස්වාභාවිකයි.
කිරිඅප්පට බල්ලෝ පැනපි කිවුවලු
බොරු ප්‍රබන්දයක්ද මන්දා
බොරු එපා හොදද?
වැඩේ ඇත්ත වගේ කියල තියෙනවා
උපන් දිනය දවසේත් සතුන් මරා ගෙන මස් කෑම හොඳද ඒ අහිංසක සතුනුත් ජීවත් වෙන්න ආසයි. උපන් දිනේට පැළයක් රෝපණය කරන්න පුළුවන් නම් ආගමික කටයුතු වල යෙදෙන්න පුළුවන් නම් ඔයිට වඩා කොපමණ හොඳද
අද කාලෙ හැටි....
රජ කෙප්පයක්
අප්‍රියෙල් 1 වෙනිදාට නෙමෙයි නේද?
අන්තිමේදී අම්මගේ මසුත් කන්න උනානේ ... අනේ අපොයි (දී)
කවුද මේ කතාව ලිවුවේ ඇත්තටම? (නි)
ළමයට අමතක නොවන දවසක්. අම්මගේ මසුත් ඉව්වනේ (දී)
මිනි මසුත් කාලද (දී)
පොඩි එකා රහස් පොලිසියේ වෙන්න ඇති, ඇගිලි කෑලි අදුර ගත්තේ. (නි)
මමනම් හිතන්නේ හැමදේටම මුල නොසැලකිල්ල...(ස)
මමනම් හිතන්නේ නොසැලකිල්ලෙන් වැඩකර නිසා තමයි මේ සෑම විපතක්ම......(ස)
මේකනම් ලොකු බොරුවක් .
මගේ දෙයියනේ...
අනතුරක්... අහඹු සිදුවීමක්.... මස් මාලු කෑමත් එපා වෙනවා නේද? කණගාටුයි.
මස් හෝදලා නෙමෙයිද හදලා තියෙන්නේ? හේදුවා නම් ඇගිල්ල අහු වෙනවනේ.කමක් නැහැ ඉතිං.දෙකම මස්නේ.
මේකනම් වෙන්න බෑ...
දැන්වත් අහිංසක සත්තුන්ගේ මළකුණු කන්නේ නැතුව හිටියොත් ඒකත් මදෑ
ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම කියලා.තමන්ගේ දරුවගේ උපන්දිනේට කරන්න ඕනේ හොද ආදර්ශමත් වැඩක් නේද?
මෙයාගේ බොරුද කොහෙද?
මට නම් හිතාගන්න බැරි කොහොමද පුතාටම හම්බ වුණේ? මතක් වෙද්දිත් අප්පිරියයි.
ඕක පට්ටපල් බොරුවක්
අනේ..............අනේ.....?
ඇත්තමද මේ ???
පළමු උපන්දිනේට මස්ද කට්ටියට දෙන්න හැදුවේ.....
පිළිගන්නත් අමාරු සිදුවීමක්...අනේ මන්දා.....
අවුරුද්දක දරුවෙකු කොහොමද ඇගිලි අදුනා ගන්නේ?
දෙයියෝ සාක්කි! මෙහෙමත් කතා...!
එහෙම වෙන්න පුලුවන් වුණත්, පොඩි එකාටම ඇගිල්ල හම්බ වෙච්ච එකනම් පිළිගන්න බැහැ.
පරිස්සමින් වැඩකල යුතුය....
ලංකාවෙ අයට මේවා ඇත්ත.