(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
පුතු ලියා තිබූ වාක්‍ය රචනාවෙන් මවකගේ අනියම් සම්බන්ධතාවක් පිළිබඳ ඉඟියක් ලැබුණු බව කියැවෙන රසවත් පුවතකි මේ.
වයඹ පළාතේ ගම්මානයකින් මෙය වාර්තා වේ.
එම පුවත සැකෙවින් මෙසේය.
වෘත්තියෙන් පෙදරේරුවෙකු වූ ඔහු එක්දරු පියෙකි. ඉතා රූමත් කාන්තාවක වූ ඔහුගේ බිරිය ඔහුට වඩා අවුරුදු 10කින් පමණ බාලය මව්පියන්ගෙන් උරුම වූ ඉඩමක නිවසක් තනා සිය බිරිය හා දරුවා සමග ඉතා සතුටින් ජීවත් වූ ඔහු සුරා සූදුවෙන් තොර දැහැමි ජීවිතයක් ගතකරන අයෙකි.
කොරෝනා වසංගතය නිසා රටේ ඇඳිරි නීතිය පැවතීම හේතුවෙන් පසුගිය කාලයේ මාස කීපයක්ම හරි හැටි වැඩක් කර ආදායමක් උපයාගැනීමට නොහැකි වූ ඔහු ප්‍රදේශයේ හිතවත් පෙදරේරුවන් දෙදෙනකුද සමග කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක් ඉදිකිරීම සඳහා ගොස් මාස එකහමාරක පමණ කාලයක් එහි නැවතී වැඩකර නිවස බලා පැමිණියේ පසුගිය දිනකය.
කොළඹ සිට නිවස බලා පැමිණෙමින් සිටි ඔහුට ගමට ආසන්න නගරයේදී මුණ ගැසුණ ඔහුගේ මිතුරකු පැවසූ ප්‍රවෘත්තිය මහත්වූ සිත් තැවුලට හේතුවක් විය.
මිතුරා ඔහුට පැවසුවේ සිය බිරිය යාබද ගමේ මුරකරුවෙකු ලෙස සේවය කරන කඩවසම් තරුණයෙකු සමග සම්බන්ධයක් ඇතිකරගෙන ඇති බවත් නගරයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිට මෙම තරුණයා සමග කතා බහ කරමින් සිටින අයුරු තමා දින දෙක තුනක් දුටු බවත්ය.
සති හයක පමණ කාලයක් නිවසේ නොසිටි නිසා නිවසට පැමිණීම සිය එකම පුතුගේ සතුටට හේතුවූ අතර පියා නිවසට ගොඩවූ වහාම දරුවා පියා ළඟට පැමිණ ඔහුට පෙන්වූයේ නිවාඩු කාලයේ ගෙදර වැඩකළ ඔහුගේ පොත්පත්ය.
තාත්තා අදනම් කොහෙවත් යන්න එපා. මාත් එක්කම ඉන්න ඕනෑ. මේ සැරේ මගේ උපන් දිනයදාත් තාත්තා ගෙදර හිටියේ නෑනේ. මම අපේ ටීචර් දුන්න ගෙදර වැඩ සේරම කළා. රචනා 20ක් ලිව්වා.
දරුවා සිය රචනා පොත පියා අත තැබීය. ලස්සන අකුරින් සිය පුතු ලියා තිබූ රචනා එකින් එක කියවමින් සිටි ඔහුගේ නෙත ගැටුණේ මා මගේ උපන් දිනය සැමරූ අයුරු යන මාතෘකාව යටතේ දරුවා ලියා තිබූ රචනාව වෙතය.
එය ඔහු කියවූයේ මහත්වූ ආසාවකිනි.
පසුගිය ඉරිදා මම උපන් දිනය සැමරුවා. තාත්තා ගෙදර නැති නිසා මට එදින එතරම් සතුටු දවසක් නොවෙයි. අම්මා උපන් දින කේක් එකක් හැදුවා. අම්මා මට අලුත් කමිසයක් හා කලිසමක් උපන් දින තෑග්ග ලෙස ගෙනාවා. මුර මාමත් අපේ ගෙදර ආවා. එයා මට ලොකු චොකලට් එකක් ගෙනාවා.
රචනා පොත පසෙක තැබූ ඔහු දුරකතන ඇමතුම් ලබාදී බිරියගේ මව්පියන්ට හා ඔහුගේ මව්පියන් එදින රාත්‍රියේම නිවසට කැඳවා ඔවුන් ඉදිරියේම බිරියගේ අනියම් ඇසුර පිළිබඳව ඔවුනට පැවසීය.
දරුවෙක් නොසිටියා නම් මෙයාව මං එක දවසක්වත් ගෙදර තියා ගන්නේ නෑ. මේ දරුවා නිසා මට ඒක කරන්න බෑ. මේ ගැන ගමේ දෙතුන් දෙනෙක් මම ගමට ආව දවසෙම මට කීවා. මේ සිද්ධිය ඇත්තක් පුතාගේ උපන් දිනයදා ඒ ඔය මිනිහ මේ ගෙදරට ඇවිල්ලා තියෙනවා. මේ ඇසුර අදින් පස්සේ නතර කරන්න ඕනෑ. එහෙම නොවුණොත් මම මගේ තීරණය ගන්නවා.
සියල්ලන් ඉදිරියේ ඔහු පැවසුවේ මහත් වූ වේදනාවකිනි.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුතාගේ රචනාවෙන් තාත්තා හොල්මන්වෙලා