කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
සිය බාල පිරිමි දරුවාට කතා කර තිබුණු මනාලිය බැලීමට නිවෙසට ගිය අවස්ථාවේ දී මනාලියගේ මවගේ දුරකතන අංකය ඉල්ලා ගෙන ඇය සමග අනියම් සම්බන්ධතාවක් ඇති කරගෙන ඇතැයි කියන සිව් දරු පියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල නගරයේ සිට කිලෝමීටර් 15 ක් පමණ ඈතින් පිහිටි තරමක් දුෂ්කරතා රැසක් ඇති ගම්මානයකි. ආරක්ෂක අංශයක කාලයක් සේවය කර දැනට විශ්‍රාම ලබා ඇති 55 හැවිරිදි පියෙක් මෙම ගම්මානයේ පදිංචිව සිටියි.
මෙම සිව් දරු පියාගේ බිරිය කලකට ඉහත දී මිය ගියේය. වැඩිමහල් පිරිමි දරුවා විවාහ වී බිරියගේ නිවසේ පදිංචිව සිටියි. දෙවැනි හා තෙවැනි පිරිමි දරුවන් දෙදෙනා විවාහ ගිවිසගෙන පියා පදිංචිව සිටින නිවෙසට ආසන්නයේ නිවාස තනාගෙන පදිංචිව සිටිති.
බාල පිරිමි දරුවා 26 හැවිරිදිය. ඔහු ද උතුරු නැගෙනහිර ප්‍රදේශයේ රාජකාරි කටයුතුවල නිරතව සිටියි.
බාල පිරිමි දරුවාගේ ද විවාහ කල වයසත් සම්පූර්ණ වී සිටියත් පෙම්වතියක නොමැති බව පියා කලක සිට දැනගෙන තිබුණි. අල්ලපු ගමේ පදිංචි කපු මහත්මයකු දිනක් කඩමණ්ඩියේ දී පියා මුණගැසී කියා ඇත්තේ බාල පිරිමි දරුවාට ගැළපෙන කෙල්ලක සිටින බවත් කැමැති නම් කතා කර දිය හැකි බවත්ය.
එක හෙලාම කපු මහතා ගෙනා යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කර ඇති විශ්‍රාමික පියා කලින් සැලසුම් කරගත් ආකාරයට කපු මහතාත් විශ්‍රාමික පියාත් ඔහුගේ බාල සහෝදරියකුත් මීට මාස තුනකට පමණ ඉහත දී මනාලියගේ නිවෙසට ගියහ.
මනාලියගේ මව ආගන්තුක තිදෙනා පිළිගත්තාය. මනාලියගේ මව නිවෙසට ගිය තිදෙනාට තේපැන් සංග්‍රහයක් භුක්ති විඳීමට අවස්ථාව උදාකර දී මනාලිය ද කාමරයෙන් තේපැන් මේසය අසලට ගෙන්වා ගත්තාය.
“කපු මහත්තයා මගේ සැමියා රිය අනතුරකින් මිය ගියා. මට ඉන්නේ පුතයි දුවයි විතරයි. පුතා විවාහ වෙලා ඉන්නේ. මේ ඉන්නේ පුතයි, ලේලියි, මුණුපුරයි මනාලියගේ මව පවුලේ තොරතුරු කපු මහතා දෙස බලා පැවැසුවාය.
හොඳයි මට පේන්නේ මේ දුව මගේ පුතාට හොඳට ගැළපෙනවා වගේ වැඩි කාලයක් යන්නේ නැතිව විවාහය ලියාපදිංචි කරන්න කතා කරලා බලමු කෝ යැයි මනාලයාගේ පියා මනාලියගේ මව දෙස බලා ගෙන පැවැසීය. “මට දෙන්නකෝ මනමාලියගේ අම්මාගේ දුරකතන අංකය ඉදිරි කටයුතු ගැන කතා කරලා කියන්න” යැයි පවසා දුරකතන අංකය ද ගෙන යළි තිදෙනා සිය නිවෙස් බලා පැමිණියහ.
දින සති ගෙවී ගියේය. කපු මහතා දිනක් පෙරවරුවේ විශ්‍රාමික පියාගේ නිවෙසට පැමිණ මංගල යෝජනා සම්බන්ධයෙන් විමසීමක් කළේය.
“කපු මහත්තයා කෙල්ල ගැන මගේ කොල්ලට කිව්වේ නෑ මොකද ඒක වෙන එකක් නෑ වගේ. මොකද එදා අපි ගිය ගෙදර මනමාලියගේ තාත්තා නෑ මැරිලා මගේ බිරියත් මැරිලා සෑහෙන කාලයක් වෙනවා. මනමාලිගේ අම්මා එක්ක දැන් මම සම්බන්ධකමක් පවත්වාගෙන යනවා. ඒ කාන්තාවගේ අසරණකම මට තේරෙනවා. මගේ අසරණකමත් ඒ කාන්තාවට තේරුම් ගිහිල්ලා තියෙනවා.
කාන්තාව මාත් එක්ක ඉදිරියේ දී අපේ ගෙදර එන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. තව ඉදිරියේ දී සිදු වෙන දේවල් සම්බන්ධයෙන් කපු මහත්තයාට කියන්නම්. එතකම් මේ රුපියල් 25000 තියා ගන්නකෝ යැයි විශ්‍රාමික පියා කපු මහතාගේ අතේ රුපියල් 5000 කොළ 5ක් තබා පවසා ඇත්තේ සිනාමුසු මුහුණින් වුවත් කපු මහත්මයා අන්දමන්ද වී කල්පනා කළේ අවුරුදු 40 ක කපුකම් ඉතිහාසයේ මෙවැනි සිද්ධියකට මුහුණ දී නොතිබූ හෙයිනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුතුට මගුලක් බලන්න ගියාම තාත්තාට මනාලියගේ අම්මා දපනේ වැටිලා
දිමුත් Wednesday, 09 November 2022 12:15 PM
අනේ වාසනාවන්...!