මුදල් ගනුදෙනුවක් බේරා ගැනීමට කාන්තාවකට ප‍්‍රසිද්ධියේ බුලත් කෙළ ගැසීමේ සිද්ධියක් දඹුල්ල පොලිසියෙන් වාර්තාවිය.
දඹුල්ල ප‍්‍රදේශයේ පෞද්ගලික ආරක්‍ෂක අංශයක සේවයකරන උසස් නිලධාරිනියක් දඹුල්ල පොලිසියට පැමිණිලි කොට ඇත්තේ තමන් සේවයේ යෙදී සිටියදී පුද්ගලයකු පැමිණ බුලත් කෙළ ප‍්‍රහාරයක් එල්ල කැර පලාගිය බවයි.
එම පුද්ගලයා හඳුනන බවද ඇය පොලිසියට කියා ඇත. ආරක්‍ෂක නිලධාරිනියට බුලත් කෙළ ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයාට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් ඔහු පොලිසියට පැමිණ නොමැත.
එම පුද්ගලයා අනෙක් ආරක්‍ෂක නිලධාරීන් හමුවී කියා ඇත්තේ බුලත් කෙළ ප‍්‍රහාරය එල්ල වූ කාන්තාව තමන්ට බලාපොරොත්තුවක් දී මුදලක් ලබාගෙන මාස කීපයක් ගතවී ඇතත් එම බලාපොරොත්තුව කඩ කළ නිසා ඇයට දෙන්නට තිබූ සුදුසු දඬුවම කෙළ ගැසී මහැර වෙනත් දෙයක් නොවන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලයා බුලත් කෙල ගහන්න තරම් ආරක්ෂක නිලධාරිනිය දුන්න පොරොන්දුව මොකද්ද දන්නේ නැහැ නේද? (බ)
මේකත් එහනම් කඩවූන පොරොන්දුවක් . ප්‍රධාන නළුවා පැනලා ගිහිල්ලා. (ර)
හික්...හික්...හික්...හික්..(නදී)