ඉඳහිට මධුවිත පානය කිරීම ඔහුගේ සිරිතය. දිනක් සේවය නිමාවී නිවෙසට යන ගමන් සුපිරි වෙළඳසලකින් මත්පැන් බෝතලයක් මිලදී ගත් හෙතෙම බිල ගෙවීමට යද්දී ඒ අසල තිබුණු බදින ලද කරවිල පෙති පැකට්ටුවක් දැක, කටගැස්මට සුදුසු බව පෙනී ගියෙන් එයද මිලදී ගත්තේය. නිවෙසට පැමිණි ඔහු ඇඟපත සෝදා ගැනීමෙන් පසුව මත්පැන් බෝතලය විවෘත කර වීදුරුවක් පුරවා එක හුස්මට බීවේය. පසුව කරවිල බැදුමෙන් කෑලි තුන හතරක් කටට දමා ගත්තේය. මත්පැන් වල සැරට වඩා කරවිල වල තිත්ත ඔහුට දැනුනි. ඔහුගේ මුහුණට විරූපී පෙනුමක් ලැබුණි. තවත් විදුරුවක් කටට වත්කර ගත් ඔහු කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි සුපිරි වෙළඳසල වෙත පයින්ම පැමිණියේය. ”මේ බලන්නකෝ මේකේ තිත්ත. කටේ තියන්න බැහැ” ඔහු කවුන්ටරය අසල සිටි තරුණයකුට තදින් පැවසීය. ”සර් මොකක්ද ප‍්‍රශ්නෙ” ඔහු ඇසීය. ”බලනවකෝ මේ කරවිල හරි තිත්තයිනේ. කන්න පුළුවන්ද. කාලා බලනවාකෝ” ඔහු කීය. ”ඉතින් සර් කරවිල තිත්ත රසනේ. පැණිරස නෙමෙයිනේ” තරුණයා නිවුණු හඬකින් පිළිතුරු දෙමින් පැවසීය. ” ඕක තමුසෙලාම තියාගන්නවා. මට බයිට් පැකට් එකක් දෙනවා” යැයි කියමින් ඔහු බයිට් පැකට්ටුවක් මිලදීගෙන කරවිල පැකට්ටුව කවුන්ටරය මත තබා පිටවිය. මෙය සිදුවූයේ කොළඹ පිහිටි සුපිරි වෙළඳසලකය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරවිල කොහේද අනේ තිත්ත? සීනිනේ තිත්ත. (නි)
අපි දැන් මතට තිතනේ. (නි)
බයිට් එකට වෙන මොනවත්ම තිබුණෙ නැතිද? බොන අයගේ නමත් කැත කරනවා මෙයා..!!(නු)
මරු බයිට් එක. (නි)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
අනේ මට බයිට් එකට ගන්න කරවිල පැකට් එකක් නැහැනේ. (නි)
කරවිල ගත්තේ බොන්න කලින්නේ. කවුද කරවිල බයිට් එකට ගන්නේ. (ත)
මෙයා කවදාවත් කරවිල බැදලා කාපු නැති කෙනෙක්ද කොහෙද? බයිට් එකට ඇපල් කන එකේ කරවිල නරක් වෙලාම තියෙයි? (නි)
අනේ බොරු කියන්න එපා. (නි)
මෙයට වඩා අඩු මුදලක් දී බියර් වීදුරැවක් බී බයිට් එක ගත්තානම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ. ජාඩියට මූඩිය වගේ ගැලපේ. දෙකම තිත්තයි. (ත)
එහෙනම් තාරක කියන්නකෝ අරක්කු මොන රහද කියලා? සමහරවිට තාරකට නම් මේක "අමෘතය" වගේද දන්නෙ නෑ. (ස)
ඉතින් අරක්කු ඔයිට වඩා තිත්තයිනේ...(ස)
ඔච්චර අමාරුවෙන් බොන්න ඕනද ??????.(ස)
අහිංසක සතුටක් ලබන්නයි ගියේ..පව්...(ස)
මේක කියවද්දි මගේ කටටත් තිත්ත රසයක් ආවා. (නි)
කෝ කොහෙද මේකේ හිනා යන කෑල්ල? (නි)
බැදපු කරවිල ඔය කියන තරමට තිත්ත නැහැ. (නි)
පව් අනේ දුක හිතෙන කතාවක්. (දී)
එහෙම තමයි 2 ක් දාගත්තහම (දී)
වරුණ අරක්කු බීලා තියෙනවද ? අරක්කු කරවිල වලට වඩා තිත්තයි කියන්නේ කොහොමද ? ඔයා බීලා ඇත්තේ කසාය....(ස)
මං වගේ කෙනෙක් වෙන්න ඇති...අලුත් ක්‍රම අත්හදා බලන්න....(ස)
ගිණිවතුර අමුවෙන් බොන්නට හැක, බදින ලද කරවිල කනු නොහැක ! .(ස)
කරවිල කවුද අප්පා බයිට් එකට ගන්නේ .(ස)