දේශපාලනඥයන්ගේ පසුපස ගොස් කාර්යාලයක ඉහළ තනතුරක් ලබාගත් පුද්ගලයකු පසුගිය දිනෙක දේශපාලනඥයා හමුවීමට ඔහුගේ නිෙවසට ගොස් සිටියදී ඔහුගේ වාහනයේ අරගලය පිළිබඳ පෝස්ටරයක් ප්‍රදර්ශනය කර තිබෙනු දුටු දේශපාලනඥයා එක්වරම යක්ෂාවේශ වී ඔහු එළවා ගත් පුවතක් දකුණේ වියළි දේශගුණයක් ඇති ප්‍රදේශයකින් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු එක්තරා පක්ෂයකට ධනය වැය කරමින් දේශපාලනය කර තමා කඩේ ගිය පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ආයතනයක ඉහළ පුටුවකට ගිය අයෙකි. පසුගිය වකවානුවේ ඇති වූ සිද්ධීන්වලදී ආයතනයේ සේවකයන්ට තම මතය පිළිගන්නා ලෙස බල කළ අතර එය පිළිනොගන්නා නිලධාරීන්ගෙන් පළිගන්නා නිලධාරියකු වූ බැවින් සේවකයන් වැඩි පිරිස ඔහුට හිතවත්කම් පෙන්වූයේ මූනිච්චාවට මුහුණ ඉදිරිපිට දී පමණි.
කෙසේ වුවද පසුගිය වකවානුවේ ඇතිවූ විරෝධතා රැල්ල නිසා මහත් සේ කම්පාවට පත්ව සිටි ඔහු මෙම විරෝධතාවලට නොයන ලෙස ආයතනයේ නිලධාරීන්ට බලපෑම් කළ අතර නිලධාරීන් ද ඒවාට සහභාගී වූයේ හොර රහසේය.
දිනක් කාර්යාලයේ නිලධාරියකු අසල තිබූ විරෝධතාවයකට සහභාගි වී රැගෙන ආ විරෝධතා පෝස්ටරයක් හොර රහසේම ලොක්කාගේ කාරයේ පසු පස එල්ලා තිබුණි.
එදින දහවල් කාලයේ තමා හමුවන ලෙස දේශපාලන ලොක්කාගෙන් ඇමතුමක් ලැබුණි. ප්‍රමාද නොකළ ඔහු වහාම දේශපාලනඥයාගේ නිෙවසට යනවිට දේශපාලන බලවතා නිෙවසේ නොසිටි බැවින් අමුත්තන් සඳහා තිබූ ස්ථානයට ගොස් වාඩි වී සිටියේ ඔහු එනතුරුය. මේ අවස්ථාවේ දේශපාලනඥයා නිවසට පැමිණෙන විට මිදුලේ නවතා තිබූ වාහනය හඳුනාගත් අතර එහි එල්ලා තිබූ පෝස්ටරය දැක යක්ෂාවේශ වී ලොක්කාගේ ඇඟට කඩා පැන්නේ තමුසේ නම් මහ බල්ලෙක් හෙටම ගෙදර යවනවා යැයි ගුගුරවමිනි. කිසිවක් නොදත් ලොක්කාට හීන් දාඩිය දැමූ අතර ඉතා යටහත් පහත්ව පැවසුවේ මෙසේ බෙරිහන් දීමට හේතුව කුමක්දැයි නොදන්නා බවය.
‘‘තමුසේ විරෝධතාවලට යනව මදිවට මගේ ගෙදරටත් රජයේ වාහනෙන්ම බැනර් ගහගෙන එනව. ලැජ්ජ නැතුව.’’ යනුවෙන් කීවේ නිලධාරීයාට යමක් කීමට ඉඩක් නොතබමිනි.
පසුව සිද්ධිය දැක නොවඳිනා වැඳුම් වැඳ තමා මේ ගැන කිසිත් නොදන්නා බවත් මෙය කවුරුන් විසින් හෝ කරන ලද අලුගුත්තේරු වැඩක් බවත් පවසා දේශපාලනඥයාට බැගෑපත් වී ඔහුගේ නිෙවසින් පිටත්ව ගොස් ඇත්තේ මෙය කළ අයට හොඳ පාඩමක් උගන්වන බවද පවසමිනි.
කෙසේ වුවද පසුව දේශපාලන හිතවතුන් අතරටත් කාර්යාලයේ අයටත් සිද්ධිය දැනගැනීමට ලැබී ඇති අතර මේ වන විට ආයතන ලොක්කාගේ සැර බාල වෙලාලු.
කෙසේ වුවද හිතමිතුරන් මේ ගැන විමසන විට ලුණු ඇඹුල් ඇතිව දෙකක් කියනවලු. කෙසේ වුවද මෙය තාමත් ප්‍රසිද්ධ රහසක්ලු.
රජ්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පන්දමාගේ අරගල පෝස්ටරය දුටු දේශපාලකට නහුතෙට නැගලා