සිය සැමියා යයි සිතා වෙනත් පුද්ගලයකුගේ යතුරු පැදියකට ගොඩ වූ කාන්තාවකට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් පසුගියදා දකුණු පළාතෙන් වාර්තා විය.
ඔහු විශ‍්‍රාමිකයෙකි. සිය දරුවාගේ උපකාරක පන්තිය පිහිටුවා තිබුණේ දකුණේ නගරයකය. දරුවාට උදෑසන 5.00ටද උපකාරක පන්තියකට සහභාගිවීමට නියමිතව තිබිණි. සිය බිරිය හා දරුවා සමග විශ‍්‍රාමිකයා උදෑසන 4.30ට පමණ උපකාරක පන්තිය අසලට පැමිණියේය. ඒ වනවිටත් එම ස්ථානය කළුවරව පැවතිණි.
බිරිය දරුවා සමග උපකාරක පන්තිය පවත්වන දෙමහල් ගොඩනැගිල්ල වෙත පිටත්ව ගියාය.
සුළු වේලාවක දී කාන්තාවක් පැමිණ විශ‍්‍රාමික රජයේ සේවකයාගේ පිටට අත් දෙක තබා ගෙන යතුරුපැදියට නැග හරියැයි කිවාය. ඒ සමගම විශ‍්‍රාමික සේවකයා යතුරුපැදිය පණ ගන්වා නිවෙසට යාමට පිටත්ව ගියේය. හන්දියක් පසුකරන විටම එහි පිටුපස ගිය කාන්තාව මහ හයියෙන් කෑ ගසා බයිසිකලය නවතා ගත්තාය.
සයිකලයේ පසු සිටියේ විශ‍්‍රාමික සේවකයාගේ බිරිය නොව වෙනත් කාන්තාවකි. ඇය එසැනින් බැස්සාය.
ඇබැද්දිය කළුවරේදී සිදුවූ බව ඇයටද වැටහිණි. ඉන් අනතුරුව විශ‍්‍රාමික සේවකයා උපකාරක පන්තිය අසලට යනවිට ඔහුගේ බිරිය පාර අසලටවී සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තාත්තා හරි උනන්දුලු පුතාව පාන්දර උපකාරක පන්ති අරන් යන්න.(නදී)
මේ ඔය පන්තිය කොහෙද තියෙන්නේ? මොකද මටත් තියෙනව දෙන්නෙකුට යන්න පුළුවන් යතුරු පැදියක්. මමත් විශ්‍රාමිකයෙක් . (දී)
පාසල් වල උගන්වන වෙලාව වැඩිකරොත් හොදයි එත කොට අමතර පන්ති යන්න ඕන නැහැනේ (දී).
අජිත්, ඒ කාන්තාව වැරදීමකින් මෝටර් සයිකලයට නැගලා තියෙන්නේ. ඔයා ගියා කියලා එයා ආයිමත් ගොඩවෙන්ට එන්නේ නෑ. (ස)
කාන්තාව ඕනවටම නැගලා යං කිව්වද දන්නේ නැනේ! ටික දුරක් යනකොට තේරෙන්න ඇති විශ්‍රාමිකයෙක් කියලා! ඊට පස්සේ කෑගහන්න ඇති! (ස)
උදයම නැගිටිමි. දත කට නමදිමි. දෙගුරුන් නමදිමි. ටියුෂන් වෙත යමි. (ස)
අඬලා හිනා වෙන්නද නැත්නම් හිනාවෙලා අඬන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ මම. (ස)
විවෘත ආර්ථිකයට මේ ප්‍රශ්නය ගාවා ගන්න එපා. හැම ලෙඩේම විවෘත ආර්ථිකය නිසා නෙමෙයි ඇතිවෙන්නේ. (නි)
ලංකාවේ මෙහෙම දේවල් උනාට ඒ තරම් ගණන් ගන්න එපා (දී)
ඒකත් දකුණේ .......... (ස)
මේ වගේ දේවල් වලට හිනාවෙන්න බැහැ. අවාසනාවට හෝ වැරදීමකින් හරි අනතුරක් වුනා නම් පවුල් දෙකක් විනාශ වෙන්න තිබුනා. මොකද එතකොට ඔය වැරදීම් ගැන පිළිගන්නේ නැහැ. (නි)
සෙනරත්, එහෙමම කියන්න එපා. මෙයාට ආයිත් වරදින්න බැරි නැහැ. (දී)
මටත් හවසට ගෙදර කියලා අල්ලපු ගෙදරට යැවෙනවා !!! (ස)
සියලු කාන්තාවෝ සුවපත් වෙත්වා. (නදී)
ඔය පළාතේ කට්ටියගේ වැඩ කටයුතු සියල්ලම ඔය වගේ තමයි. කිසිදෙයක් දුර දිග කල්පනා කරලා නෙමෙයි කරන්නේ. නැත්නම් ඔහොම නගිද? අනික නැග්ග කෙනාව ඔහොම අතරමගින් බස්සයිද? (නි)
ඕන් අටක නාටක.(නදී)
අනිත් ළමයා වෙනත් ටියුසන් පන්තියකට යවන්ඩ කලබලේට නැගලා ඇති අපේ සමහර අම්මලාට ටියුසන් කිව්වොතේ ගෙදර මනුස්සයත් අමතක වෙනවා නේද!! (අ)
වසන්ත ඔය විදියට ලියන්නේ විවෘත ආර්ථිකේ නිසා නේද වැරදිලා තියෙන්නේ. අපිට හරි සිස්ටම් එකක් නැති නිසා අපි ඔක්කොම එකතු වෙලා ඒකට විසදුමක් හොයමු.(නදී)
සිද්ධිය සුළු වුණත් අපේ පාඨකයා හිතන විදිහ හරිම වැරදියි. (නි)
මේ කාන්තාවට පයින් යන්න බැරි නිසා කරපු කපටි වැඩක් වගේ !! පව් එහෙම කියනවද දකුණේ අක්කලාට චන්දි නගෝ. . (ස)
ඇත්තටම !!! අපේ රටේ දරුවන් ගැන පුදුම කල කිරීමක් ඇති වෙන්නේ.., මොකද මේ තරම් මහන්සි වෙලා නිදි මරාගෙන පාඩම් කරලා කීයෙන් කී දෙනාද විභාගේ පාස් වෙන්නේ !!! බලන්න මේ රටවල්වල ටියුෂන් පන්ති ඇත්තෙම නැහැ ඒත් ඒ වුනාට කොච්චර හොඳට ළමයි ඉගෙන ගන්නවද? එහෙමත්ම ළමයෙක් තමයි පේල් වෙන්නේ. අනේ මන්දා රටේ දරුවන්ගේ ඉදිරි අනාගතේ මොනවා වේවිද කියලා. (ස)
කටා මාමේ.., මම පැත්ත ගියත් ඇත්ත කියන කෙනෙක් !!! දකුණ.,උතුර.., බස්නාහිර කියලා නැහැ. කපටි වැඩ කරන ගැහැණු ..,මිනිස්සු කොහෙත් ඉන්නවානේ (නැද්ද මං අහන්නේ) (ස)
ධම්මික, ඔයා හිනා වෙලා අඩන්නත් එපා..,අඩලා හිනා වෙන්නත් එපා!!!! දෙයියනේ !! කියලා හිනා වෙලාම ඉන්න ඉතාකොට ජිවිතේ හරිම ලස්සනයි!!! (නදී)
චන්දිත් එක්ක එක දවසක් එක තැනකට වෙලා හිනා වෙන්න ඇත්නම් කියලා හිතෙනවා. (ස)
ට්‍රයි දීල බලන්න., බැරි වෙන එකක් නැහැ !!! මමත් ඉරිදට යහළු යෙහෙලියන් සමග එකතු වෙලා ගොඩක් හිනා වෙනවා .,එතකොට ඇගේ ලේත් පිරිසිදු වෙනවා. එදාට මව් බිමට ගිය වගෙයි දැනෙන්නේ(ස)
අපේ සරත්ගේ පරණ මෝටර් සයිකල් කටුව කියලා හිතාගෙන ගොඩ වුණේ.ඉදිරියෙන් තිබෙන බෝක්කුව ළගින් බෙල්ලවත් මිරිකන්නම් කියලා හිතාගෙන, පස්සෙයි දැක්කේ අනේ අප්පේ....! අසරණ විශ්‍රාමිකයෙක්. පස්සේ කෑගහලා බිමට පැන්නා. (නි)
මම බ්යිසිකලේ විකුනනවෝ. කව්රුවත් මේකට නගින්නෙත් නැහැ. බලන්න චන්දි, රූපා, කුමාරි, මනෝරි බලන්න අනේ.(නදී)
පාන්දර 04,30 ට උපකාරක පන්ති? අයියෝ කාට කියන්නද මේවා? මට හිතෙන්නේ පන්තියේ ඔක්කොම නිදි ඇති (නි)
ගෑනු ඔහොම්මමයි . (ස)
එතකොට ඒ කාන්තාව ආවේ කා එක්කද ...?මෙහෙමත් වැරදෙනවාද..? මන් හිතන්නේ මේ කාන්තාවට පයින් යන්න බැරි නිසා කරපු කපටි වැඩක් වගේ !! (දී)
මේ නම් අපේ රූපවතී අක්කම වෙන්න ඕනේ! හොඳ වෙලාවට ගෙදරට යන්න ඉස්සර හන්දියේදී දැනගත්තේ!ඒත් කමක් නෑ විශ්‍රමිකයෙක්නේ! (ස)
ඔඉන් ගීයා මදැයි අතක් පයක් නොකැඩි (දී)
කාන්තාවන්ගේ ඔලුවේ දහසකුත් වැඩ තියාගෙන තමා දවස ගත කරන්නේ .ඒ අයට අනුකම්පා කල යුතුවෙනවා .(දී)
අවරුදු කීයක් පවුල් කාලද දන්නේ නැහැ නේද,, මොකද තමන්ගේ බිරිඳගේ බර ,, උණුහුම,වගේ දේවල් පිටිපස්සේ වාඩි උනහම දැනෙන්න ඕන,,,, එක නොදනී වෙන කෙනෙක් දාගෙන ගියානම් හොඳ ස්වාමි පුරුෂයෙක් නොවෙයි (දී)
මොහිනිද දන්නේ නැහැ (නි)
අනේ මන්දා මෙයාලත් කරගන්න දේවල්? (නි)
ගද සුවද දන්නවද ? (නි)
අනිත් කාන්තාව හිතාමතාම යතුරු පැදියට නැග්ගද කියො කවුද දන්නේ? (නි)
උපකාරක පන්ති යන වයසේ ඉන්න දරුවෙක් ඉන්න විශ්‍රාමිකයෙක් ? කියන හැටියට පොඩි දරුවෙක් වෙන්න ඕනෑ. නැත්නම් තුන්දෙනාම කොහොමද මෝටර් බයිසිකලේ ගියේ. (නි)
අපරාදේ ගෙදර එක්කගෙන යන්න තිබුණනේ (නි)
මේවා හිනාවෙන්න ඕනෑ දේවල් නෙමෙයි. අනාගත පරපුර වෙනුවෙන් අඩන්න වෙන දේවල්. පාන්දර 5 ට උපකාරක පන්ති. ඇත්තටම මේ විදියට ළමයි පාසල් යවන එකේ තේරුමක් තියෙනවද? ඉස්කෝල වල උගන්වන්නේ නැත්නම් ගුරුවරුන්ට පඩි ගෙවන්නේ මොකටද? මම නම් කියන්නේ ඔය සේරම ටියුෂන් පන්ති තහනම් කරන්න කියලා. අපි පාසල් යනකාලේ පන්තියේ ළමයෙක් ටියුෂන් ගියා නම් ගුරුතුමියගෙන් හොදට බැනුම් අහගන්න වෙනවා. (නි)
මනුස්සයෝ ජීවත් වෙන්නේ මෙලෝ සිහියකින් නෙවේ ...? විශ්‍රාමික අපේ සිරිපාල මාමා,,, වගේ කෙනෙක් නිසා ඒ නැන්දා බේරුනා ..?හමුදාවේ කෙනෙක් හෙම උනානම් දෙවි පිහිටම තමයි ....? (ස)
කුඩා දරුවෙක් පාන්දර උපකාරක පන්ති යාමත්, එතරම් කුඩා දරුවෙකුට විශ්‍රාමික පියෙක් සිටීමත් නොගැලපෙනවා වගේ. (නි)
අසෝක. ඔබට මෙන්ම මටද දැනුනු සංවේගය කියා නිමකළ නොහැක. අපේ රට යන අත දෙස බලා හුල්ලනවා හැරෙන්නට කළ හැක්කක්ද නොමැත. කුඩා දරුවන්ව කාලකන්නි (සමා වෙන්න) මුල්‍ය පරමාර්ථවලට යොදාගැනීම පිළිකුල් සහගතව හෙලා දැකිය යුතුවෙයි. කියන්නට බොහෝ දේ ඇතත් ප්‍රශ්නයක් පමණක් අසමි. ඒ මෙවැනි පුද්ගලයනට අවැසි අතට රට ගෙන යාමට හැකි නම් අපිට රට පාලනයට රජයක් කුමටද යන්නයි. (අ)
කෝපි කෝප්පයක් සමග සුළු කෙටි ආහාරයක් ගත්විට නිදිමතක් ඇති නොවේ.එහෙත් පොඩි දරුවෙක් නම් පව් තමයි. (නි)
ඒ එහෙම වෙනවද අයියෝ (අ)
අප්පච්චිත් 55 පනින තුරුම උපකාරක පන්ති ගියාද? (අ)
අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්නට කාලය ඇවිල්ලා කියලා බලවතුන්ට තේරුනොත් හොදයි. නැත්නම් බවලතුන්ට මේ වගේ අකරතැබ්බ වන එක නවතන්න බැරිවේවි. (නි)
මේ ප්‍රශ්නයට වග කියන්න ඕනේ විවුර්ත ආර්ථිකයයි (දී)
අසෝක, සමන් ඔබ හරි . දැන් උපකාරක පන්ති වලින් ගුරු හොරු මහා පරිමාණයෙන් මුදල් හම්බ කරනවා . උසස් පෙළ පන්ති වලින් එක ළමයකුට උගන්නන්න්න 2500 ගන්නවා.(අ)
උදැසන 5 ට උපකාරක පන්තිය පටන් ගන්නේ?. අහෝ ඛේදයකි ! (නි)
අමරේ, බලවතුන්ට කියලා විතරක් මදි. අන්තරේටත් කියන්න ඕනි. හැමදාම අධ්‍යාපනය වෙනුවෙන් කෑ ගහන ඒ උදවිය මම දන්නා තරමින් ටියුෂන් වලට විරුද්ධව කථා කරලා නැහැ. ඒ අයගේ පරමාර්ථ අවංක නම් අපි මේ තරමට පිරුහුණු ජාතියක් නොවෙන්න තිබුනා. (දී)
සමන්, අන්තරේ ගාවගත්තොත් ප්‍රශ්න වැඩි වෙන එක තමා වෙන්නෙ... (නි)
මම නම් ඔහොම අවස්ථාවක් ආවා නම් නෝනට පන්ති ඉවර වෙනකම් පන්තිය ළඟ ඉන්න කියලා අලුතෙන් නැග්ග කෙනාව ගෙදරටම එක්ක ගිහින් පස්සේ කොහෙට හරි ඇරලවනවා. (නි)