මෙයට දශක ගණනාවකට පෙර අද මෙන් මංමාවත් තබා රථවාහන වලින් ගමන් පහසුවක් ද තිබුණේ නැත. තිරික්කල හා බරකරත්ත තිබුණත් වැඩිදෙනා තම ගමනක් බිමන් පා ගමනින්ම යාමට පුරුදු වී සිටියහ. දිනක් තමාගේ හදිසි කටයුත්තක් සඳහා සැතපුම් ගණනාවක් ඈත නගරය කරා යෑමට අවශ්‍ය වූ තෙපානිස් එදින පාන්දරින්ම අවදිවී නගරය කරා යෑමට පිටත්විය. ඔහු නගරයට සේන්දු වෙන විට මධ්‍යහ්නය ද ඉක්ම ගොස් තිබුණි. ලහි ලහියේ තම වැඩකටයුතු කර ගත් තෙපානිස් ආපසු තම ගම්බිම් කරා එන විට අතරමඟදීම බිම් කළුවර වැටුනෙන් තමා දන්නා හඳුනන අයෙකු වූ මාටින් අයියාගේ නිවසෙහි එදින රාත‍්‍රියේ ලැගුම් ගත්තේය. ඔහුගෙන් ආගන්තුක සත්කාර ලබා තෙපානිස් නින්දට වැටුනත් තමාට නුහුරු නුපුරුදු තැනක් වූ බැවින් නින්ද ඔහු අහලකටවත් පැමිණියේ නැත. එබැවින් බලා ඉඳීමෙන් කිසිම තේරුමක් නැති බව වැටහුන තෙපානිස් තම මිතුරාගේ කොරටුවෙන් සනීපෙට වැඩුන කුකුල් නාම්බෙක් අල්ලාගෙන දෙපා ගැටගසා තම මල්ලට දා ගැනීමට ද අමතක කළේ නැත. කලබලේට ලක ලැහැස්ති වූ තෙපානිස්ගේ සද්ද බද්ද වලට හදිසියේ ඇහැරුන මාටින් අයියාගේ මායියා තෙපානිස්ගේ කඩිමුඩිය හා මල්ලේ දමා සිටි කුකුලා දැක කෝපයට පත්වී, ”ඈ බං තොපානිස්, උඹට ඉන්න හිටින්න උපකාර කරලත් මේ කුකුලව අරන් යන්නේ අහවල් එකටදැ”යි විමසුවාය. ‘‘වෙලාවක් දන්නෙ නැහැනෙ හාමිනේ ඒකයි කුකුලා ගෙනියන්නේ, ඌ මගදි හඬලයි! යනුවෙන් කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුකුල උස්සල හොරා වෙනවට වඩා මාටින්ගේ නෝනත් ඇහැරුණු එකේ ළඟට වෙලා ඉන්න කීවානම් ඉවරයිනේ ආයුබෝවන් (අ)
රුපියල හරි මගට වැටුණා - අපි මහා මගට වැටුන වගේ දෙයක් තමයි දාන්න තිබුනෙ. මොකද ඒක අහපු ගමන් දෙයියෝ සාක්කි කියල කිය වෙනවනේ.. (ස.වි)
එතකොට කවුද මෙතන කුකුලා ???????? (ස.වි)
මේ කිතුලට නැග්ග තෙපානිස්ද? (ස.වි)
කතාව හරියට හරි භාතිය. (අ)
හරිම කම්මැලියි.....අලුත් දේවල් මොනවද තියෙන්නේ........(සවි)
තව දවසක් තෙපානිස්ට ඔය වාගේ වැඩක් වුනා. තෙපානිස් පාන්දර අවදීවෙලා දෙමංහන්දිය නමැති ගමේ ඉදලා තම රැකියාව සදහා මීගමු නගරයට යන්නේ පයින්මයි.ඒ දවස්වල බස් හුගක් අඩුයි. ඒයාගේ පුරැද්දක් තිබුනා යන ගමන් සුරැටිටුවක් පත්තුකර ඒය උරමින් යෑමට.මෙදිනද තම සුරැටිටුව පත්තුකලත් සුලග නිසා ඒය පත්තුකිරීමට අපහසු විය. ඔහු ගමන් කරපු දිසාවට නොව විරැද්ධදිසාවට හැරී සුරැටිටුව පත්තුකර නැවත ගමන ආරමිභ කලාලු. දෙයියෝ සාක්කි ඒයා ආපසු ඇවිදින් තියෙන්නෙ තමාගේ ෙග් ලගටමයි. බැලින්නමි ෙමාකද වෙලා තිෙයන්ෙන් කලුවර නිසාත් නගරයට යෑමටගිය ගමන ආපසු හැරී සුරැටිටුව පත්තුකල නිසාත් ඔහුට මග වැරදී අැත. පසුව ඒ අවට කාඅතරත් මෙය ප්‍රසිද්ධවිය. ගමේ උදවිය තෙපානිස් මීගමු යනවාදැයි ඇසූවිට හොද දෙයක් අහගන්න පුලුවන්ලු. (නු)
ජෝන් මාමේ . හෙට වහිනවලු නේද (දී)
"ජෝන් මාමේ . හෙට වහිනවලු නේද (දී)" ----------------------------- මගේ පුතාට කුකුලද කියුවේ (දී)
තෙපානිස් ගොයියෝ, ඔයාටත් හොද ගම් කුකුලෙක් හොයල දෙන්නද (දී)
මම හිතුවේ "දෙය්යෝ සාක්කිවල" දමන්නේ ඇත්තට සිදුවුන සිදුවීම් විතරය් කියල...මේක පැරණි විහිළුවක් නේ....????! (නු)
අලිබබා , මෝඩ විහිලු කරන්න එපා (දී)
දෑන් ඉන්න කුකුලොත් නෑගිටින්නේ එලාම් එක තියල ....ඈහිල නෑද්ද බෑට්රි බෑහෑපු එලාම් තියපු කුකුලෝ දවල් වෙලා නෑගිටල උදේ 8.30ට විතර හඩලනවා...(ස)