(ඌරුගස්මංහන්දිය - අමරසිරි රණසිංහ)
කසිප්පු පෙරන්න ගිහින් රජයෙන් ලැබුණු සහනාධාර මුදලත් අහිමිකරගත් තිදෙනෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ එක්තරා ගම්මානයකින් අසන්නට ලැබුණි.
තිදෙනාම කුලී වැඩ කරමින් දිවි ගෙවූ සමෘද්ධිලාභීහුය. එක් අයෙකුගේ නිවෙස ආසන්නයෙන් කුඩා දොළ පහරක් ගලා බසියි. හෙතෙම දොළ අසළ තමන්ට හිමි කුඩා ඉඩමෙහි සරුසාර මඤ්ඤොක්කා වගාවක් ද කරයි.
රජය මගින් පීඩාවට පත් ජනතාවට ලබා දෙන රුපියල් පන් දහස ලබා ගැනීම සඳහා පැමිණ සිටි පිරිස අතරේ මෙම සිද්ධියට අදාළ තිදෙනාද වූහ. නිලධාරි මහතා මුලින් පැමිණි අයට ගෙවීම් කරන තුරු අනෙක් අයට සමාජ දුරස්ථභාවය තබා ගනිමින් සිටින ලෙස උපදෙස් දුන් බැවින් යහළුවන් තිදෙනා අඹ ගසක් යටට වී සිටියහ.
තිදෙනා රටේ තොටේ තොරතුරු කතා බහ කරමින් සිටින අතරේ එක් අයෙක් මෙසේ පැවසීය. ‘‘මේ දවස්වල වියදමේ හැටියට රුපියල් 5000 හැරෙන්නත් මදි. මට හිතෙනවා මේ සල්ලි වලින් කසිප්පු වඩියක් පෙරාගන්න’’
‘‘බය නැද්ද පොලිසියෙන් ඇල්ලුවොත් හිරේත් යන්න වෙනවා’’ අනෙකෙක් එයට පිළිතුරක් දුන්නේය.
‘‘අපේ ගේ පැත්තට කවුරුත් වැඩිය එන්නෙ නැහැ. දොළේ වතුරත් තියෙනවා. මගේ මඤ්ඤොක්කා ගස් ටිකට ඒ පැත්තම වැහිලා තියෙන්නේ. මේ රහස පිට කාටවත් දැන ගන්න නම් අපි තුන් දෙනාගෙන් පිට වෙන්න ඕනෑ.’’
සැක හැරගත් පසු තිදෙනා මුදල් ලබා ගැනීමෙන් පසු කසිප්පු පෙරීමට අවශ්‍ය බඩු මිලදී ගෙන ත්රිවීලයකින් පැමිණියහ. ඔවුන් පෙරන කසිප්පු තොග වශයෙන් ලබා ගැනීමට හතර වැන්නෙකු ඉදිරිපත් වූ අතර ඔහුගේ ත්රිවීලයෙන් බඩු ටික නිවෙසට ගෙන ඒමට ලැබීම ද ඔවුන්ට සහනයක් විය.
තිදෙනා සමග බැරල් දෙකකට ගෝඩා මිශ්‍රණය සකස් කර මඤ්ඤොක්කා ගස් අතරේ සඟවා කොළ අතුවලින් ආවරණය කළේය.
‘‘අපි තුන් දෙනා මෙතන සිටියොත් දකින කෙනෙක් සැක කරන්න පුළුවන්. අපි මිදුලට ගිහින් ඉමු. රෑට ඇඳිරි නීතිය නිසා කවුරුත් එන්නෙ නැහැ’’
අඳුර වැටී ටික වෙලාවකින් තිදෙනා තම තමන්ගේ නිවෙස්වලට ගොස් නිදා ගත්හ. පසුදා රාත්‍රි නිදිවැරීමට තිබෙන බැවිනි.
පාන්දරම තිදෙනා එක්ව පල්වෙන්නට දමන ලද ගෝඩා බැරල් බැලීමට ගියහ. පෙරදින රාත්‍රි ඌරන් රංචුවක් පැමිණ මඤ්ඤොක්කා ගස් ටික පෙරළා කා දමා ඇති අයුරු හා මඤ්ඤොක්කා අල ගලවා ගැනීමට දැඟලීමේදී ගෝඩා බැරල් දෙකම ගඟට පෙරළී තිබෙනු දුටු ඔවුහු මුහුණට මුහුණ බලා ගත්හ.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පන්දාහේ සහනය අන්තිෙම් අසහනයක්