(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
පේනයක් හරි හැටි කිය වූ අයුරු හරියටම දැන ගැනීමෙන් පසු ආයතන ප්‍රධානියා මැදිහත් වී හදිසි මාරුවීමක් ලැබූ කාර්යාල කාර්ය සහයකයකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
සේවකයන් රැසක්ම සේවය කළ ආයතනයකි. කාර්යාල කාර්ය සහයකයෝද කිහිපදෙනෙක් ද ඒ අතර වූහ.
මේ අතරින් දෙතුන් දෙනෙක්ම ආයතන ප්‍රධානියා ළඟින්ම ඇසුරු කරමින් විවිධ වාසි ලබා ගනිමින් සිටියෝය. මෙම කාර්යාල කාර්ය සහායක මේ ආයතනයට පැමිණියේ මේ මෑතකදීය. ඔහුද සිය ආයතන ප්‍රධානියාට ළංවීමට මාන බලමින් සිටියහ. ඒ හුදෙක්ම පොඩි පොඩි වාසි ලබා ගැනීමටය.
ආයතන ප්‍රධානියාගේ නිවෙසේ රන් ආභරණ තොගයක් අතුරුදන් වන්නේ මේ අල්ලපනල්ලේය. එය ආයතනයේ ප්‍රසිද්ධ රහසක් වූයේ එය සොයා ගැනීමට ආයතන ප්‍රධානියා දැරූ ප්රයත්නය නිසාමය. එහි සුලමුල හෙළිකර ගැනීමට අදාළ අංශවලට ද නොහැකිවී තිබිණ. ඒ නිසාම ඔහු පේන කාරයන්ගේ උදව් ලබා ගැනීමට සිතූවේය. මෙය අලුත් කාර්යාල කාර්ය සහායකගේ කනට ද වැටිණි.
‘‘කිරි ගහට ඇන්නා වාගේ පේන කියන ප්‍රසිද්ධ තැනක් තියෙනවා සර් කැමැතිනම් මට පුළුවන් ඒ සඳහා උදව් කරන්න’’ යැයි ඔහු කීවේය. දියේ ගිලුණු මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්න බලන්නාසේම ආයතන ප්‍රධානියා ද ඊට එකඟ වූයේ ඊට මේ වනවිටත් කළ යුතු වෙනත් දෙයක් නොවූ නිසාය.
කාර්යාල කාර්ය සහයකයා සිය ආයතන ප්‍රධානියා පේනකරු ළඟට එක්කාගෙන ගියේය. නිවෙසට යන පාර මෙන්ම සොරාගත් රන් බඩු තොගය හා ඊට සැකකරන පුද්ගලයා ගැන ද පේනකරු කීවේ හරියට බලාගෙන සිටිනවා සේය. පේනකරුගෙන් හරියටම පේනය ඇසූ ආයතන ප්‍රධානියා ද ඉන් ලොකු සතුටකට පත් වූයේය. ඒ විතරක්ම නොව පේන කරු අල්ලා දුන් සේවකයාට ද හොඳින් සැලකුවේය.
මේ පේනකරු ගැන ඇති වූ පැහැදීම නිසාම ආයතන ප්‍රධානියා නිවාඩු දිනක සිය යහළුවකු සමග පේනයක් බැලීමට ගියේ ඔහුගේ හපන්කම් ගැන කියමිනි. ඒ ස්ථානයට යන විට තමා දන්නා හඳුනන කෙනෙකු පේනකරු සමග ලොකු කතාවක් දාගෙන සිටින බව දුටු ඔහු ඒ පිළිබඳව විපරම් කළේය. ‘‘දෙයියනේ මේ අපේ කන්තෝරුවේ පියන්නේ, යයි කියමින් ඔහුට හා හූ ගෑවිණි.
තමාගේ පේනය හරියටම පේනකරු කියූ රහස දැනගත් මේ ආයතන ප්‍රධානියා පේනකරු අල්ලා දුන් කාර්යාල කාර්ය සහායකයාට දුරකට හදිසි ස්ථාන මාරුවීමක් ලබා දීමට කටයුතු කළාලු.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පේනයේ රහස අහුවෙලා: පියන් ඈතකට මාරු කරලා