මගීන්ගෙන් පිරුණු බස් රථයකට නැග්ග කාන්තාවක් අත තිබූ බර බෑගයක් දුටු පිරිමියෙක් දෙන්න මම ඕක තියාගෙන බහිද්දී දෙන්නම් කියා ඉල්ලාගෙන පසුව ඒ තුළ තිබූ රන්මාලයක් පැහැරගත් සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
බස් රිය කොළඹ සිට දුර ප්‍රදේශයකට ගමන් කර තිබී ඇත. මගීන්ගෙන් පිරි තිබූ බස්රියට අතරමගදී කාන්තාවක් නැග තිබුණේ බඩු මලු දෙකකුත් රැගෙනය. ඇය අත වූ බඩු මලු අපහසුවෙන් එල්ලාගෙන සිටිනු දුටු අයෙක් එක් බෑගයක් ඉල්ලාගෙන තිබුණේ උදව් කරන අටියෙනි. බසයේ මගීන් ගණන වැඩි වී ඇති වූ තෙරපීම හේතුවෙන් සිටි තැනින් ඇය ටිකක් ඉදිරියට ගිය අවස්ථාවේ බෑගය ඉල්ලා ගත් පුද්ගලයා එහි පිටත කවරයක තිබූ රන්මාලයක් කාටත් හොරෙන් අරන් නිහඬව සිට අතරමගදී බැස ගත් කාන්තාවට බෑගය නැවත දී ඇත.
පසුව ඇය බසයෙන් බැස කරෙන් ගලවා බෑගයට දැමූ රන් මාලය සොයද්දී එය නැති වී තිබෙනු දැක ඇත. අනුමානයක් නෑ බසයේදී උදව්වට පැමිණි පුද්ගලයා එය සොරාගෙන තිබෙන බව වටහාගෙන දැන් ඉතින් මොනවා කරන්නද කියා පාඩුව විඳගෙන නිවසට පැමිණ ඇත්තේ මෙහෙමත් නරුමයෝ අප අතර ඉන්නවානේදැයි සිතමින්ලු.
(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ මිනිස්සු අද ඕන තරම්. පෙන්වන්නේ නම් උදව් කරන විදියට තමයි. අපේ නෑදෑයොත් ඔය වගේනෙ. (ර)
රන් මාල කවුද මලුවල දාන්නේ. හෑන්ඩ් බෑග් එකේ දාගන්න එයා දන්නේ නැද්ද (බ)
එහෙම දානවද රත්තරන් බඩු ප්‍රවේශම් නැතුව (නි)
මාලය කරේ දාගෙන නැග්ගොත් කඩා ගනීවි කියල හිතලා වැඩි පරිස්සමට මල්ලේ දාගන්න ඇති. (ම)
මට මතකයි මිට ටික දවසකට ඉස්සරවෙලා ඔයදේම කෙනෙකුට වෙලා, ත්‍රිවීලර් රියදුරු මහතෙකුගේ උදවුවෙන් හොයාගෙන තිබුනා. අතේ තියන ඒවා බැරිම විටකදී දුන්නත් එතනින් හෙල්ලෙන්නත් එපා. ඇස් දෙක වෙනතකට යොමු කරන්නත් එපා. (නි)
මල්ලට නොදා බිමට දැම්මද දන්නෙත් නෑ (ම)