(උණවටුන – ඩී.ජී. සුගතපාල)
ඇය දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයක රජයේ කාර්යාලයක රැකියාවක් කළාය. එහෙත් පදිංචිය එම නගරයේ සිට සැතැපුම් හැට හැත්තෑවක් දුරිනි. ඒ නිසා ඇය රැකියාව කළ අවටින් නවාතැනක් සොයා ගත්තාය. කාර්යාලයේ ඇය සේවය කළ කුඩා කොටසේ සිටියේ තුන් හතරදෙනකු පමණක් වූ අතර ඇය බොහෝවිට තනිවම සිටීමට කැමැත්තක් දැක්වූවාය.
ඒ නිසාමදෝ අනෙක් අය ද ඇය සමග එතරම් සුහදතාවක් නොවීය. සමහර අවස්ථාවල ඇය තනියම තේ සාදාගෙන බිව්වාය. එපමණක් නොව දිනක් රයිස් කුකරයක් ගෙනැවිත් බතක් ද සාදා ගත්තාය. විශ්‍රාම යෑමට තවත් වසර දෙකක් තිබුණත් එයට පෙර විශ්‍රාම යෑමට ඇය තීරණය කළාය. නිවසේ සහ දරුවන්ගේ කටයුතු සොයා බැලීමට අවශ්‍ය නිසා විශ්‍රාම යෑමට තීරණය කළ බව ඇය අනෙක් අයට පැවැසුවාය. ඇයට තවත් ගැටලුවක් වූයේ ඇයගේ තනතුර ගම් ප්‍රදේශයේ කාර්යාලයක නොතිබීමය.
ටික දිනකින් විශ්‍රාම ගැන්වීමේ ලිපිය ලැබිණ. එය දැක ඇය ඉතා සතුටට පත්වූවාය. ඇය බාරයේ තිබූ සියලුම භාණ්ඩ අලුතෙන් පැමිණි නිලධාරිනියට බාර දුන් ඇය වෙළෙඳසලකට ගොස් අයිස් ක්‍රීම් ලීටරයක් ගෙනැවිත් බෙදාගෙන කන ලෙස එහි සිටි තුන් හතරදෙනාට කීවාය.
සියලු කටයුතු අවසන්වීමෙන් පසු පස්වරු හතර වනවිට ඇය විසිහත් වසරක රජයේ සේවයට සමු දුන්නාය. බෑගය අතට ගත් ඇය කබඩ් එක උඩ තිබූ අයිස් ක්‍රීම් ලීටරය බැලුවාය. එහි අඩු වී තිබුණේ ඉතා සුලු ප්‍රමාණයකි. ඒ වනවිට එය තරමක් දුරට දියවී තිබිණ. එහෙත් එය තබා යෑමට ඇය අකැමැති විය. එනිසා පොලිතින් බෑග් එකකට අයිස් ක්‍රීම් බඳුන දමා ගත්තේ ගෙදර ගෙන යෑමටය.
ඇය එක් අතකින් අත් බෑගය ද අනෙක් අතින් අයිස් ක්‍රීම් බෑගය ද එල්ලාගෙන බසයට ගොඩවූවාය. පැය තුනක ගමනින් පසුව ඇය බසයෙන් බැස්සේ ගෙදර යෑමටය. ඇය මඳක් ඔසවා අයිස් ක්‍රීම් බෑගය බැලුවාය. ඇය දුටුවේ පොලිතින් බෑගයේ පිරී තිබුණ අයිස් ක්‍රීම් හොද්දකි. ප්ලාස්ටික් බඳුනේ පියන ගැලවී එය බෑගය පුරා දියරයක් ලෙස පිරී තිබිණ.
කරගත් මෝඩකම ගැන ලජ්ජාවට පත් ඇය අසල තිබූ කසළ බඳුනකට අයිස් ක්‍රීම් බෑගය දමා ත්‍රිරෝද රථයකට ගොඩවූයේ නිවසට යාමටය.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පැන්ෂන් ගිය කත අයිස් ක්‍රීම් හොද්දක් ගෙදර ගෙනිහින්