පොලිසියෙන් සපෝට් එකක් ගන්න බලාපොරොත්තුවෙන් පැන්ෂන් ගිය රාළහාමි කෙනකුට ”ෆන්” එකක් දුන්න අයකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ සිද්ධියක් ඉකුත් දිනක සබරගමු පළාතෙන් වාර්තා විය.
රාජකාරියේ නිරත වූ සමයේදී රාළහාමි මෙම පුද්ගලයාට පොලිසියෙන් සිදුවන ගැටලූවලදී සුළු සුළු උපකාර කර ඇත. ඒ වෙනුවෙන් මොහු විසින් රාළහාමිටත් යම් යම් ආකාරයේ උදව් උපකාර කර ඇත. ඒ නිසාම දෙදෙනා අතරේ සුහදත්වයක් ද ගොඩනැගී තිබිණි.
මීට මාස කීපයකට ඉහතදී රාළහාමි රාජකාරියෙන් විශ‍්‍රාම ගියේය. ඉන් මාස කීපයකට පසු හදිසියේම දිනක පෙරකී පුද්ගලයා රාළහාමි හමුවීමට නගරයට පැමිණියේය. එම අවස්ථාවේ රාළහාමි සිටියේ නගරයේ වෙළඳ සලක් ඉදිරියේ සිවිල් ඇඳුමෙනි.
රාළහාමි මුණ ගැසුණ මෙම පුද්ගලයා තමාට මෙවරත් පොලිසියෙන් වෙනදා මෙන් පොඩි සහයක් අවශ්‍ය බවත් එය ඉටුකර දෙන ලෙසත් රාළහාමිගෙන් ඉල්ලා සිටියේය.
ඊට කලින් අවන්හලකට ගිහින් මොනවා හරි කාලාබීලා ඉඳිමුයි රාළහාමිට සුහද ආරාධනාවක් ලැබිණි.
ආරාධනාව පිළිගත් රාළහාමි කිසිවක් නොකියාම ඔහු සමඟ අවන්හලකට ගියේය. මධුවිතෙන් සහ ප‍්‍රයිඞ්රයිස්වලින් සප්පායම් වූ රාළහාමි ගෙදර ගෙනියන්නත් තවත් ප‍්‍රයිඞ් රයිස් දෙකක් පාර්සල් කර ගත්තේය. දෙදෙනාගේ බිල රුපියල් 1750කි. එය ගෙවා දැමූ හෙතෙම තමා මුහුණ දුන් ගැටලූව ගැන රාළහාමිට විස්තර කළේය. ඕ.අයි.සී. මහත්තයට කියල කේස් එකක් නොවන විදියට වැඬේ ඉවර කර දෙන්නයි ඔහු රාළහාමිට පිං සෙණ්ඩු විය.
අයියේ ඔය කේස් ඉවර කරන එක මට සිම්පල්. හරිද ඒ වුණාට මම දැන් පැන්ෂන් ගිහින් මාස හය හතක් වුණා ඇවිත් ඉන්න අලූත් ඕ.අයි.සී. මම අඳුරන්නෙත් නැහැ. මිනිහ ටිකක් සැරයිලූ. ඒ නිසා සොරි අයිසේ මම ගියා කියූ ගමන්ම වැනි වැනී මද වැස්සේම ඔහු එතැනින් මාරු වී ගියේය.
සපෝට් එක ඉල්ලූ පුද්ගලයාගේ වෙරි හිඳිනි. රුපියල් 2000ක් විතර වියදම් කරල මම කන්න බොන්න අරන් දීල තියෙන්නේ ”එහෙනම් පැන්ෂන් ගිය රාළහාමි කෙනෙකුටනේ.” මම වගේ මෝඩ තකතීරුවෙක්.
මගේ ප‍්‍රශ්නෙ කෙළින්ම ගිහින් ඕ.අයි.සී. මහත්තයටම කිව්වනම් සමහරවිට සහනයක් ලැබෙන්නත් තිබුණා යැයි හෙතෙම තමාටම කියා ගත්තේලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලෝ..ඩාලින් ...පැටියෝ ...හලෝ...කෝ කතා කොරන්නකෝ...බත් ඉව්වද...(නදී)
ටර්බයින් හදන්න ගියාට කමක් නැහැ වන්නි කොලුවෝ නජිරියාවේ බින්න බහින්නේ නැතුව එන්න ඕනේ ඉකමනට. බුදු සරණයි අපි සෙට් එකම බලන් ඉන්නවා .හැකි විටක ලියන්න කාරුණික වන්න.(නදී)
දිසා මාමාගේ අවවාදය හිතට ගන්න. සුභ ගමන් තිලක් අයියේ... (නි)
වන්නි තිලක්ට ගරහන්න එපා. එයා ලංකාවටම ආඩම්බරයක්. හැබැයි අපේ රටට නොකර පිටරටවලට කරන එක තමයි ඉවසන්න බැරි (නි)
හොද වැඩේ වරදක් කරලා පොලීසියට සල්ලි කීයක් හරි දීලා ශේප් වෙනවට. ආයේ ඔහොම කරන එකක් නැහැ.(නදී)
මගේ වන්නියට මම කැමතියි. පිට රට ලෙඩ තියනවා වන්නියෝ (නදී)
අපේ ගම පොජ්ජට කැකුලි මනාප නෑ වගේ ආරච්චිල. ආඩම්බර බලා ඉන්ට ඉවර නෑ මන් යනවා කැලා පොජ්ජට වල් ඊරියෙක්ව කුදලන් එන්ට...(නදී)
වන්නි තිලක් අයියේ, ගමනට සුභ පැතුම්! යන කටයුතු සාර්ථකව කරගෙන එන්න. (නි)
අයියෝ සල්ලි. (නදී)
ඉහත සමදරා 2013-11-29 13:04:38 යනු මම දාපු කොමන්ට් එකක් නොවේ (නදී)
වන්නි ආව ගමන් අපි යනවා (අ)
වන්නිගේ අදහස් වලට මම කැමතියි (නි)
මේවා කාට කාටත් හොද පාඩම් (නි)
මගේ නමින් අදහස් දෙකක්ම දාලා කවුරුහරි (නි)
කේෂානි, ඔබ ඔය කියන්නේ වන්නි තිලක් ගැනද? (නි)
මට හරි දුකයි .මට කසාදයක් හරියන්නේ නැහැ .මේ තීරුවෙන් හරි මාව අමතන්න (නදී)
ශයන්, මගේ හිතට ආපු අදහස මම වචනවලින් කියන්ඩ හැදුවේ. අද හැම තැනම ඇහෙනවා බෙල්ල මිරිකුවා,කපල කොටලා මැරුවා දරුවෝ පොලේ ගහනවා. ඒවා අපරාද, ඒවාට වැරදි කියන්නේ නැහැනේ. ඔයාට පුලුවන්ද එහෙම කාටහරි පිහියකින් ඇනගෙන ඇනගෙන යන්න. මන්දා, අපිට බැරි උනාට ඒවගේ අය අද ගොඩක් ලංකාවේ ඉන්නවා. ඒ අය නමට මනුස්සයෝ තමා. ඒත් කිසිම ආගමකවත්, ලෝකේ කිසිම තැනකවත්, කවුරුවත් එක මනුස්ස වැඩක් කියල පිලිගන් නැ...ඒ මනුස්සය එක්කෝ අමනුස්සයෙක්...එක්කෝ මානසික ලෙඩෙක්.......තේරුනාද දැන් නැ මම කියන්න අදහස් කලේ එක.(නදී)
බත් නෙමෙයි මම ඉව්වේ තණ කොළ මිටි දෙක තුනක් පුන්නක්කුත් එක්ක හැදුවා. මෙතන ඉන්න හරක් ටිකට දෙන්න මගේ පස්සෙන් එන (නදී)
සමදරා 2013-12-01 14:02:26 යනු මගේ නොවේ (නදී)
06.30.19 මේ අදහස මගේ නෙමෙයි. මේ මා නමින් පෙනී සිටින බොරු සමදරා. මා හදාගත් නම විනාශ කරන්නේ කුහක කමට. ඒ අයටත් පුළුවන් මා වගේ අදහස් පලකරන්න. (නදී)
මේ සමදරාටයි ලන්ඩන් ඉන්දුටයි විතරයි හැමදාම එකම ප්‍රශ්නේ. මට හිතෙන්නේ ඒගොල්ලෝ ටිකක් පණ්ඩිත වැඩි හින්දා. (ස)
සංජු ඔයත් කාලෙකින් නේද ආවේ. මටත් හිතෙනවා. සමදරා නම් මෙලෝ වැඩකට නැති කොඩි විනයක් වගේ.(නදී)
ඉස්සරහින් එන අයට දීල ඔයත් බෙදාගෙන මේසෙටම එන්නකෝ.. (ස)
ඉහත සමහර අදහස් මාගේ නොවේ (නි)
දමයන්ති, මට හරි දුකයි (නි)
මටත් ඇඩෙනවා! (නි)
වන්නි තිලක් අයියේ, ඔයා මේ ඉරිසියාකාරයන්ගේ කතා ගණන් ගන්න එපා. (නදී)
මේ සිරිබිරිස් සහ සමදරා, එක් අයෙක්ද? (නි)
මොකද ප්‍රස්නේ ශාන්ති ඔයත් කල්ලියේද ?නිකන් වැඩක් බලාගත්තොත් නරකද ? මගේ ඒවා මම බලාගන්නම් කෙල්ලේ (නදී)
සමදරා, ඔයාට නම් හොදටම පිස්සු (නි)
පද හදන්න එපා. මේ අක්කි ගම කනවා...අපේ අම්මට ඇහුනා නම් මට ඉන්නත් නෑ..කන්නත් නෑ...අම්මට ඉන්න එකම පුතා මම විතරයි. (ස)
ඒ රාල හාමි හොඳයි. වැඩේ බාර අරන් සතියක් දෙකක් අන්තිමට මෙහෙම නොකියා නරකද කොයි කව්රුත් නීති ගරුකව ජිවත් වෙන්න උත්සහ කලොත්.?(නදී)
කතාවට නම් සිංහයා. උගුලට අහුවුනාම මනුස්සයා ගැන දුකයි. පහන් මේකට හොද අදහසක් දෙයි.(නදී)
පෙර ගෙව්ම් කරන විට මීට වඩා සැලකිලිමත් වියයුතුය. නිලදාරීන් වරදට පොළඹව ගන්නේද අපිමය. ඔවුනට පගා කාරයා කියන්නෙත් අපිමය. රටේ පාලකයන් දූෂිතයන් නිසා මෙහෙම වෙනවා කියන්නෙත් අපිමය. සියල්ලටම වැරදිකරු අපි කියා කියන්නෙත් අපිමය. අපි කියන්නේ කවුද. රාළහාමි,පගාව දුන් කෙනා,පාලකයන්,මම සහ ඔබ ඇතුලත් සමාජය නේද? (නදී)
බඩ කට පුරවා ගන්නකම්, නොකර ශබ්දව ඉදල පස්සේදී කිව්වා මම දැන් පැන්ෂන් ගිහින් කියලා. කොහොමද ටිකිරි මොලේ.(නදී)
ඕකනේ ඉතින් අපි කියන්නේ (නි)
කොහොම හරි බලන්නේ කීයක් හරි වියදම් කරලා කරපු වැරදි වහන්න ක්‍රමයක්. යසයි. වෙන්න ඕනෑ මේ වගේ දේවල් අපේ අය පාඩමක් ඉගෙන ගන්න.පොලිසියේ සමහරක් මේකටම පුරුදු වෙලා ඉන්නවනේ.බත් පැකට් එකටත් පැමිණිලි අහක දාන තරමට පහතටම වැටුණා එහෙනම් අපේ නීතිය. (නි)
අපේ තව් තිසාවෙ පොලිසියක් නැති නිසා පැන්ෂන් ගිය රාලහාමිලත් නැහැ. ශක්‍ර තුමා එක්ක ඕනෙ ප්‍රශ්නයක් කෙලින්ම කතා කරගන්න පුලුවන්. (නදී)
පෙත්තෝ ගෙදර එන්න. අම්මා අඹ අච්චාරු දැම්මා (නදී)
පොලිස් කියන වචනේ ඇහෙන කොටම මට නිකන් ඔක්කාරෙට එනවා චන්දි කෙල්ලේ (නදී)
පොලිසියේ රාළහාමිට බැනලා වැඩක් නැහැ.මිනිස්සු බලෙන් ජරාව දෙන්නේ (නි)
ජරාව කන්නේ කවුද කියලා ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ (නි)
රුපියල් 2000ක් ගියා නම් බීලා තියෙන්නේ අරක්කු වෙන්න බැහැ, වයින් හරි බ්‍රැන්ඩි හරි වෙන්න ඕනෑ (නි)
කට්ටියක් බනිනවා පොලිසියට පගාව ගන්නවා කියලා. ඒ වුණාට එයාලත් මොකක් හරි වැරැද්දක් වුණහම පගාව දීලා මාරුවෙන්න හදනවා.කවුද හරි? කවුද වැරදි? (නි)
රුපියල් 2000 ට ප්‍රයිඩ් රයිස් 4යි, මධුවිත බාගයයි. නරකම නැහැ (නි)
ඉෂාණි, එතකොට අපරාධ කරන්නේ කවුද? මට පැහැදිලි මදි ඔයාගේ කතාව (නි)
පැන්ෂන් ගියත් පොලිසියෙ තද තවම තියේ. පගා දීපු අය හැරිලත් බලන් නැතේ. ගත්තු පගා රොත්තත් අනෙ වතුරේ ගියේ. දත් හැලිච්ච කොටියව සිහි වෙනව වගේ.(නදී)
වැරදි අපරාද කියල 2 ක් තියෙනවා..අපරාද කරන්නේ මිනිස්සු කියල කියන්ඩ බැහැ මොකද අපරාදයක් කරන්න හිත හදාගන්ඩ මනුස්සයෙක්ට බැහැ. ඒත් වැරදි කරන්නේ මිනිස්සු. ඉතින් තමන් කරපු වැරද්දක් පිළිගන්න කවුරුත් බය වෙන්න ඕනේ නෑ. බයවෙන්න ඕනේ එකම වැරැද්ද 2 3 සැරයක් කරන තරමටම, තමාට තමාව පාලනය නැත්තම් නීතියෙන් බේරෙන්ඩ තව වැරද්දක් කරනවට වඩා අවංක වෙන්න ඒ කෙනා අන්තිමට හරි හිතපු එක හොදයි.(නදී)..
රසික ඔයා හරි. සමාජය නියෝජනය කරන සියලු දෙනාම එක එක මට්ටම් වලින් දූෂණයට හවුල් කරුවන්ය. සමාජ ශෝධනය සඳහා නීති රීති සහ ආගම් වලට විශාල කාර්ය භාරයක් පැවරී ඇත..(නදී)
සමාජය විෂමය - පුද්ගලයන්ද විෂමය- සිතීමේ හා ක්‍රියාකාරිත්වයද විෂමය. නිතිය එක ආචාර ධර්මයක් පමණි..(නදී)
අලුත් ටර්බයින් යන්ත්‍රයක් පරීක්ෂණ ධාවනය සඳහා මට නයිජීරියාවට යන්න වෙලා මාසයකට විතර. මීට කලින් ගිය වතාවේ අන්තර්ජාල පහසුකම් දුර්වල නිසා බොහෝ කරදර වුණා. සමහරවිට මට මේ පිටුවට ගොඩවෙන්න බැරිවෙයි. හැකිවිටක ලියන්නම්. අපේ ආදරණීය පුවත්පතට සහ මිතුරු කැළට ස්තුතියි. (නි)
බොරුවට ආයුෂ නොමැත (නි)
සුබ මංගල්ලයක් වේවා....දුර්වල නොවී සියල්ල සතුරින් ඉටුවේවායි පතමි...(නදී)
බොරුව කාලක් ක්‍රියා කරලා නිසා දොඩවනවා. බාගයක් ක්‍රියා කළා නම් වමනේ දානවා..(නදී)
රෙදි ජාර බාගයක් පිනට ලැබුනා. දැන් ලැජ්ජාව වහ ගන්න පුලුවනි...(නදී)
වන්නි තිලක් ,මට ඔයාගේ කොමෙන්ට් එක දැකල මගේ යාලුවෙක් මතක් උනා. එයා දවසක් කියනවා ,'බලන්ඩකෝ අනේ ඊයේ මට හරි වැඩේනේ උනේ .මම සිංගපුර් ෂොපින් කරලා එද්දී ඩ්‍රයිවර් මාව පික් කරන්ඩ ඇවිත් නැති නිසා මම කැබ් එකක් අරන් ගෙදර යද්දී මම ඈත තියාම දැක්කා හස්බන්ඩ්ගේ බි එම් ඩබ්ලිව් එක තියෙනවා. මම සතුටු උනා එයා ගෙදර ඇති කියලා. ගෙදරට යද්දී කව්රුවත් නෑ. සවන්ට්ල එක්කෙනෙක් වත් නෑ. ඔන්න එතකොටම ලන්ඩන් වල ඉන්න දුවගෙන් මගේ ඇපල් පෝන් එකට කෝල් එකක් දීල එයා කියනවා 'අම්මි, තාත්ති හදිසියේ කොන්ෆරන්ස් එකකට ලන්ඩන් අවා. ඔන්න මල්ලිත් නිව්සිලන්ඩ් වල ඉඳන් කෝල් එකක් දුන්නා ලබන සතියේ ලංකාවට එනවා කියලා. මම අප්සට් එකේ ඉද්දි සර්වන්ට්ල ඩ්‍රයිවර් එක්ක මගේ විට්ස් කාර් එකෙන් ෆිල්ම් එකක් බලන්ඩ ගිහින් එනවා.(නදී)
වන්නි අයියේ ඔබේ ගමනට මම සුබ පතනවා, පරිස්සමට ගිහින් එන්න හැකි සෑම විටම වදනක් හෝ ලියන්න අපිට.., ඔබට තුනුරුවන් සරණයි..!!!(නදී)
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්. (ස)
ලොකු නයෙක් ගියා.... හස්බන්ඩ් ගේ අලුත් පෝච් චාර් එක අයිනෙන් ගෙයි මැද සාලෙන් ..පෝටිකෝව යටින් රිංගලා ලේදර පුටු සැට් එකෙන් ටි වී එකට නැගල ...මගේ අම්මේ ඔක්කොම පූ චානම්..පම්පොරි..ඇති ඇති..නවත්ත ගන්නවා මැඩම්... (ස)
වන්නි තිලක් මේ නොරෝච්චලේ ඇවිල්ල හදලා දෙන්නකෝ (නදී)
වන්නි තිලක් ..ඔයාට සුභ ගමන් . සොයුර ..හැකි හැම වෙලාවකම අපිට යමක් ලියන්න ..? බුදු සරණයි ...? (ස)
වන්නි තිලක්, බොලා කොහේ ටර්බින් එකද බලන්න එන්නේ? අපි ඉන්නේත් නයිජීරියාවල. (ස)