දරුවන්ගේ නැණ පහස සැලසීම පැවරී සිටි ප‍්‍රධානියකු තිස් වසරක සේවයෙන් විශ‍්‍රාම ගැනීම නිමිත්තෙන් සුහද හමුවක් පැවැත්විණි.
විශ‍්‍රාම යන ප‍්‍රධානියා විසින් සූදානම් කර තිබූ මෙම සුහද හමුවට ඔහුගේ තරාතිරමේ මෙන්ම ඉහළ හා පහළ නිලදරුවන් රැසකට ද ආරාධනා කර තිබිණි.
පිරිසට රස මසවුලෙන් සංග‍්‍රහ කෙරිණ. පිරිස අතරේ විනෝද කතා බහ රැව් පිළිරැව් දෙන්නට විය.
විශ‍්‍රාම ලැබූ ප‍්‍රධානියාගේ සමකාලීනයකු වූ අධ්‍යක්‍ෂවරයකු විශ‍්‍රාමික සගයා හමුවට ගියේය. ඔහු අත කේක්, බිස්කට් සහිත දීසියක් තිබිණ.
”අද විශ‍්‍රාම ගන්නා ඔබට මගෙන් සංග‍්‍රහයක් විස්කෝතුවක්, කේක් කෑල්ලක් හපන්න. අධ්‍යක්‍ෂවරයා” ඉල්ලා සිටියේය.
”අනේ සර්.... මට බිස්කට් කන්න බැහැ” ඔහු කීවේ යටහත් පහත්වය.
”අනේ අනේ වැඩ කරපු තැන් තුනක්ම අපූරුවට කාපු තමුසෙට බිස්කට් එකක් කන එක කජ්ජක් ද” ඇසුවේ පිරිස සිනහ ගන්වමිනි.
ඔහුගේ සේවා කාලය තුළ රාජකාරි කළ ස්ථාන තුනක්ම වසා දමන තත්ත්වයට පත්වූ බව පිරිසට සිහිපත් වූයේ අධ්‍යක්‍ෂවරයාගේ කතාවෙන් පසුවය. විශ‍්‍රාමිකයා සුහද හමුව අවසන් වන තුරුම කිසිවකු හා කතාවෙන් තොරව කල් ගත කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙලින් කතා හොඳා (අ)
අර පරණ කචල් කාරයෝ මෙතනට ඒන්න බලනවා දිය බොර කරන්න. වීනිතව ඉඳිමු.(නදී)
”අනේ අනේ වැඩ කරපු තැන් තුනක්ම අපූරුවට කාපු තමුසෙට බිස්කට් එකක් කන එක කජ්ජක් ද” ඇසුවේ පිරිස සිනහ ගන්වමිනි" නියම කතාව (දී)
නියම වැඩේ...... නියම වැඩේ (දී)
කෙලින් කියපු එක හොදයි(දිල්)
ඔහ්හෝ.., එහෙමද ...? එහෙනම් අර උඩින් තියෙන්නේ ‘‘ඒ උනාට චන්දි සද්ද නැතුවම ඉන්නත් හොද නෑ කියලා‘‘.(නදී)
මම ප්‍රතිචාර දාන්නේ කතාවට අදාලව විතරයි (අ)
ඔයා හරි චන්දිම.., ඒත් මම කිවේ අනුන්ගේ ඕපා දුප සොයන අය ගැන ඒ වෙලාවට අනවශ්‍ය දෙයක් මේ මනුස්සය කරලා තියෙන්නේ, ඕනෑම දේකට වෙලාවක් තියෙනවා , එහෙම නේද චන්දිම...!! (අ)
අසෝකා ඔයාට විතරයි නියම ඇත්ත වැටහුනේ. ඔයාට අතීන්ද්‍රිය දැනුම තියෙනවා. (අ)
ඒ උනාට චන්ඩි සද්ද නැතුවම ඉන්නත් හොඳ නා. එච්චර අපරාදයක් කොයි විදියට හරි එලියට දැම්මම අනිත් මිනිස්සු හැදෙනවා. ඒක කාටත් හොඳයි.(නදී) .
සිංහලයාගේ පුරුද්දක්නේ අනුන්ගේ ඇද කුද සෙවීම.......නේද..? (නදී)
මට හිතෙන්නේ මේ බිස්කට් දීපු කෙනාම වෙන්න ඇති මේ මනුස්සයාගේ නම යන්න ඒ තැන් තුනම විනාශ කරන්න ඇත්තේ.(අ)
ඉහළින් ඉන්න ප්‍රධානීන් මෙයට වගකිව යුතුයි.(නදී)
නිලූ ඔයාට කවියක් ලිව දැක්කේ නැද්ද මන්ද... ..? මේ ලියපු ඉන්දු ගැන ගොඩක් දුක හිතුනා.(නදී)
වැහුණු ස්ථාන තුනේම අධ්‍යක්ස වරයා ඔහුද (අ)
හැම සිංහලයම අක්ක වගේ නැහැ අක්කේ (අ)
ඒ මහතා හිතන් ඇති කලේ ලොකු හපන් කමක් කියලා. නිකන් හරි අර මනුස්සයට දුකට පපුවත් හිර වුනානම් මොන දෙයියන්ට කියන්නද?.අප කරන හොද නරක විතරයි අපි අවසානෙට ගෙනියන්නේ මිනිසුනේ.(නදී)
එයාටත් යනකොට ලැබෙයි. (නදී)
හිත හොඳින් විශ්‍රාම යන්න දෙන්නේ නැතුව පරණ දේවල් අවුස්සලා ප්‍රයෝජනක් තිබේ ද ? (නදී)