කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
හොර ගමනක් ගොස් හොර වැඩක් කරන්නට උත්තේජක බෙහෙත් පෙත්තක් ගැනීමට ඔසුසලකට ගිය අයකුට බෙහෙත් පෙත්තේ නම අමතකවී අලි ජංජාලයක් වූ පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
ඔහු රජයේ විශ්‍රාමිකයෙකි. සේවය කළේ අගනුවර පළාත් පාලන ආයතනයකය. ඒ රියදුරකු ලෙසය. හැට පැන්නත් ආශ්‍රය කළේ කොල්ලන්ය.
දිනක් ඔහුට හොර ගමනක් යාමට සිත්විය. හරහට හිටියේ වයසය. කොල්ලෙක් ඊට අවශ්‍ය උපදෙසක් දුන්නේය. ඒ සඳහා යායුතු තැන පිළිබඳව ද ඔහු දැනුම්වත් කළේය.
සියල්ල සූදානම්ය. ඔහු එළියට බැස්සේය. මිනිහා ගියේ කෙළින්ම ෆාමසියටය. ෆාමසියට ගිය ඔහුට කොල්ලා කිවූ බෙහෙත් පෙත්තේ නම අමතකවී ගියේය. කෙතරම් මතක් කළත් මතක් නොවීය.
ෆාමසියේ ඇතුළේ සිටම ඔහු කොල්ලාට සිය ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගත්තේය. තැන නොතැන ඔහුට අමතක විය. ඒ අවස්ථාවේ ඔහුගේ සිතේ තිබුණේ තමා යන හොර ගමන ගැන පමණි. ඒ නිසාම දෝ “ඒයි අර බෙහෙත් පෙත්තේ නම මොකක්ද..?”යැයි ඔහු කොල්ලාගෙන් ඇසුවේ හිමින් නම් නොවේ. ඒ අවස්ථාවේ ෆාමසියේ සිටි අයටත් ඇසෙන සේය.
කොල්ලා දුරකතනයෙන් බෙහෙත් පෙත්තේ නම කිව්වේය. නම කියූ බෙහෙත් පෙත්තේ නම ඔහු හයියෙන් දෙතුන් පාරක් තමාටම කියා ගත්තේද මහා හයියෙනි. ඒ ආයෙත් එහි නම අමතකවී යාම වළක්වා ගන්නටය. බෙහෙත් පෙත්තේ නම ඇසූ ඒ පිළිබඳව දන්නා බොහෝ දෙනා මුහුණෙන් මුහුණ බලා සිනාසූණෝය. ෆාමසියේ සිටි ඔහුගේ අසල්වාසියකුට මෙය ඇසුණේය. වැඩේ පත්තුවුණේ එතැනින්ය. ඔහු නම අසා ඇත්තේ කාම උත්තේජනය වැඩි කරන බෙහෙත් පෙත්තක් ගැන බවත් එය මිලදී ගෙන ගිය හොර ගමන ගැනත් රට්ටුන් දැන ගත්තේ එදා ෆාමසියේ සිටි අසල්වාසියා ඊටත් වඩා තොරතුරු සොයා ඔවුන් දනුම්වත් කළ නිසාය.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පැන්ෂන් රියදුරාගේ හොර ගමන ෆාමසියෙන් එළිවෙලා
himal Thursday, 19 October 2023 04:14 PM
මේ අසල්වැසියා කරලා තියෙන්නේ අන්තිම පහත් වැඩක්. මොන වැඩේට ගත්තත් කෙනෙක් ගේ සෞඛ්‍ය මට්ටම කියන්නේ පුද්ගලික දෙයක්. හිතන්න කෙනෙක් සමේ රෝගයකට බෙහෙතක් අරගෙන මෙයාට හොරි කියලා ඒක තැන තැන අහන් හිටපු කෙනෙක් කියනවා නම් මොකද වෙන්නේ?
ජිනසේන Friday, 20 October 2023 01:31 PM
හොර ගමනක්ද නැද්ද අදාල නෑ සියලු පාර්ශවයන් වයස 18 ට වැඩිනම් අනිත් අය ඒ ගැන කරදර වෙන්න ඕනෑ නෑ. ඔතන තියෙන්නෙ ඉරිසියාව තමන්ට නොලැබෙන අවස්ථාවක් වෙන කෙනෙකුට ලැබෙන එක ගැන.