(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
පන්සල් වත්තේ හොරෙන් පොල් කඩන්න ගොස් නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණදීමට සිදු වී නායක හාමුදුරුවන්ගේ අතටම හසුවූ අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ.
පන්සල් වත්තේ වපසරිය අක්කර පහකි. වත්ත පුරාම තිබුණේ පොල් වගාවය. විහාර ගෙයි අවට මෙන්ම විහාරස්ථානයේ අනෙත් වන්දනීය ස්ථාන අවට ද පොල් වගාව ව්‍යාප්තව තිබිණ. ඒ පන්සල් වත්ත පොල් වගාවට යෝග්‍යය යැයි අවබෝධ කරගත් නායක හාමුදුරුවෝ තිබූ පොල් ගස්වලට අමතරව අලුතින්ද පොල් පැළ දැමූහ.
මේ නිසාම මෙකල පන්සල් වත්ත පොල් වත්තක් සේ දිස් වෙමින් තිබුණි. ඒ විතරක්ම නොවේ හැම පොල් ගහකම කරටිය පිරෙන්න පොල් වලුවලින් බර වී තිබුණි. ඒ පොල් වගාවට හොඳ සාත්තු ලැබ තිබූ හෙයිනි. කරටිය පිරෙන පිරෙන තරමටම බර වූ පොල් වලුවලට නිල නොලත් අයිතිකරුවෝ ද වැඩි වූහ. ඒ රාත්‍රී කාලයටය. මේ අය නිසා පන්සලට නියම පොල් අස්වැන්න ලබා ගැනීමට නොහැකි වුවත් නායක හාමුදුරුවෝ කිසිසේත්ම කලබල නොවූහ. ඒ ගැන සොයා බැලීමක්ද උන්වහන්සේ නොකළහ.
පන්සල් වත්තේ බය නැතිව රෑට රෑට හොරෙන් පොල් කඩන්න ඇත්තේ ගමේ නැති බැරි එකාලා යයි නායක හාමුදුරුවෝ සිතූහ. දනට පිනට බොහෝම ලැදි උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් හිත් හදාගෙන තිබුණේ අනියමාර්ථයෙන් හෝ තමන් වහන්සේ නැති බැරි එකාලාට දානයක් දෙතැයි සිතාය.
එදා පිරිතකට වැඩිය නායක හාමුදුරුවෝ පන්සලට වැඩියේ පාන්දර හතරට පමණය. ඒ සිය විහාරස්ථානයට එන ප්‍රධාන ගේට්ටුවෙන් නොව තාප්පයෙන් නොවැසුණු හොරෙන් පොල් කඩන අය එන විකල්ප පාරකිනි. මේ වේලාවට සුව සේ නිදන ඇබිත්තයා ඇහැරවා ගේට්ටුව විවෘත කර ගැනීමට උන්වහන්සේ කැමති නැති වීම එයට ප්‍රධාන හේතුව වී තිබුණි.
පන්සල් වත්ත දිහාවෙන් ශබ්දයක් ඇසූ නිසාම උන්වහන්සේ විදුලි පන්දම නොදල්වාම ශබ්දය ආ දෙසට වැඩියහ. ඒ වන විටත් පොල් ගස්වල නිල නොලත් අයිතිකරුවන් දෙදෙනකු ඵලදාව නෙලමින් සිටිනු උන්වහන්සේ දුටුවේ කළුවරේමය. එකෙක් පන්සලේ ගේට්ටුව දෙස නෙත් යොමාගෙන ඔත්තු බලමින් සිටියේය. පොල් ගහ උඩ සිටි අනෙකා කඹයක් ආධාරයෙන් කැපූ පොල් වල්ලක් බිමට බාමින් සිටියේය.
නායක හාමුදුරුවෝ වඩින ශබ්දය ඇසී පොල් ගහ යට සිට ඔත්තු බැලූ කෙනා පස්ස නොබලාම දිව ගියේ කවුද එනවා කවුද එනවා කියමිනි. මේ සමඟම ගහ මුදුනේ සිටි එකාද කලබල වී ගහෙන් පහළට රූටා ආවේ පොල් බෑමට ගහේ මුදුනේ බැඳ තිබූ කඹය ද නොලිහාය.
ගහ මුලට පැමිණෙන තැනැත්තා කළුවරේම හඳුනා ගත් ගහේ සිටි පුද්ගලයා පොල් ගහෙන් තුන් කාලක් පමණ දුරට පැමිණ බිමට පැන්නේ ඉක්මණින්ම එතනින් මාරු වී යාමටය. එහෙත් සිදුවූවේ අනෙකකි. ගහෙන් පැන්න ඔහු පොල් වලු බෑමට යොදාගත් බිමට එල්ලි එල්ලී තිබුණු කඹේ ගැටයක ඔහුගේ කකුල හිරවූවේ ඔහුට දිව ගැනීමට බැරිවන ලෙසිනි.
අතේ තිබූ විදුලි පන්දම් එළියෙන් පන්සල් වත්තේ රෑට රෑට හොරෙන් පොල් කඩන එක හොරෙකු ලොකු හාමුදුරුවන් හඳුනා ගත්තේ කඹේ පැටලී එයින් මිදීමට දඟලන ඔහු එයින් ද මුදවා ගනිමින්ය. ‘අනේ සමාවෙන්න හාමුදුරුවනේ...’ කියමින් හාමුදුරුවන්ගේ දෙපා අල්ලා වැන්ද ඔහු එතනින් දිවගියේ පොලිසියටවත් ගමේ අයටවත් මේ ගැන කියන්න එපා යැයි කියමින් වැඳ වැඳය.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පන්සල් වත්තේ පොල් හොරා කඹේ ගැටේට කොටුවෙලා