(නිකවැරටිය ප්‍රියානි මංගලිකා )
සිහිනෙන් දුටු දහ අටේ පෙම්වතා යළි සිහිනෙන් පෙනෙන තුරු දින ගණනක් රාත්‍රියේ මිදුලේ නිදාගත් 68 වියැති කාන්තාවකට සර්පයකු දෂ්ට කිරීමේ අපූරු පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය
වසර ගණනක් විදේශගතව ගෘහසේවා රැකියාවේ යෙදී සිට පැමිණ සිටි මෙම කාන්තාව 68 වන වියේ පසුවූවාය. මෙම විවාහක කත නිතර තරුණියක ලෙස හැඩවෙමින්, හැසිරෙමින්, තරුණ පෙම්වතකු ගැනද සිහින මවමින් සිටියාය.
හැත්තෑ පස් වියැති සැමියා ගැන වැඩි සැලකිල්ලක් නොදැක් වූ මෙම කාන්තාව, නිතර තරුණයන් සමග කතාබස් කිරීමටත්, ඔවුන්ට සැලකීමටත් දැඩි උනන්දුවක් දැක්වූවාය.
මෙදින රාත්‍රියේ ගමේ කොල්ලන් සූර් වී වැව් පිටියේ ගී ගයන හඬ මෙම කාන්තාවට ඇසිණි. එයින් මහත් උද්දාමයට පත් වූ කාන්තාව පැදුරක් කොට්ටයක් ද රැගෙන ගොස් නිවසේ මිදුලට වී නිදා ගත්තේ කොල්ලන්ගේ බජව්ව හොඳට ඇසෙන අයුරිනි. තරුණ කොල්ලන්ගේ ගී හඬවල් සමග අමන්දානන්දයට පත් වූ කත නින්දට වැටුණාය. ඇයට සුන්දර සිහින ද පෙනෙන්නට විය. වයස දහ අටක පමණ තරුණයකු පැමිණ ඇයට ආදරය බව ද විවාහ වීමට කැමැති බව ද සිහිනයෙන් කියා ඇත. උදෑසන අවදි වූ කත මේ ගැන අසල්වැසි කාන්තාවටත් තම සිහිනය ගැන පවසා මහත් සතුටින්, වෙනදාට වඩා මහත් උද්‍යයෝගයෙන් නිවසේ වැඩපලවල නිරත වී ඇත.
තමාට ආදරය පළ කරමින් විවාහ වීමට කැමති බව කියූ තරුණයා යළි සිහිනයෙන් දැක ගැනීමේ අටියෙන් මෙම කාන්තාව රාත්‍රියේ මිදුලට වී දින කීපයක්ම නිදාගත්තාය. සැමියාට කීවේ තමාට දාඩිය දමන නිසා එළියේ සිටින බවයි. ඇය මෙලෙස මිදුලේ නිදාගත්ත ද ඇයට පෙර සිහිනයේ තරුණයා සිහිනෙන් නොපෙනීම නිසා මහත් දුකටත්, කනස්සල්ලටත් පත්ව අසල්වැසි කාන්තාව සමග ද මේ බව කියා ඇත.
මෙදින ද ඇය මිදුලට වී අඳුරේම නිදාගත්තාය. ඒ අතර රාත්‍රියේ ගොදුරු සොයා ගිය විෂඝෝර සර්පයකු ඇයගේ කකුලට දෂ්ට කළේ ඇයද නොසිතූ අයුරිනි. ඇයගේ සැමියා වහා ක්‍රියාත්මක වී අසල්වැසියන්ද සමග එක්වී බිරිය රෝහල්ගත කිරීමට පියවර ගත්තේ ලු. දින කීපයක් රෝහල් ගත වී සිට සුවය ලබා කාන්තාව නිවසට පැමිණ ඇත. මෙම කාන්තාව යළි සිහින පෙම්වතා දකින්නට ගෙමිදුලේ නිදාගැනීම නොකළ අතර, අසල්වැසි කාන්තාව සමග වූ ආශ්‍රයද අත්හැර දැමුවා ලු.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෙම් සිහිනය යළි දකින්න මිදුලේ නිදාගත් කතට සර්පයකු ගහලා
Sarath Wednesday, 15 July 2020 06:23 AM
අනේ පව් ඔයා වගේ අයත් ඉන්නවා අප්පා.
Perera Thursday, 16 July 2020 12:45 AM
රටේ සිටින තවත් බුද්ධිමත් ඡන්ද දායක කාන්තාවක්...
tashi Friday, 17 July 2020 07:17 AM
මෙහෙමත් අය... නාකි විසේ තමයි..