(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි පොලිස් නිලධාරියෙකු පැමිණිලිකරුගේ බිරියගෙන් රුපියල් දෙදහසක් ඉල්ලා එය නොලැබුණු තැන ඔවුන්ගේ වෙළෙඳ සලෙන් පැපොල් ගෙඩියක් හා මඤ්ඤොක්කා අල දෙකක් රැගෙන ගොස් මුදල ඉල්ලුවේ විහිළුවට බව පැවසූ පුවතක් කොළඹට නුදුරු පොලිස් වසමකින් පසුගියදා වාර්තා විය.
විශාල දේපළක් හිමි රෝගී අවිවාහක කාන්තාවකගේ දේපළ ආරවුලක් සම්බන්ධයෙන් පසුගිය පළමුවැනිදා කරන ලද පැමිණිල්ලකි. පැමිණිල්ල විභාගයට පැමිණියේ දින දහ හතරකට පසුය. පැමිණිලිකරු නිවසේ නොවීය. පොලිස් නිලධාරියා කරුණු විමසුවේ පැමිණිලිකරුගේ බිරියගෙනි. ඇය සිටියේ එළවළු හා පලතුරු වෙළඳාමේ නිරත වෙමිනි.
රුපියල් දෙදහසක් ඕනෑ. ඔහු කාන්තාවට කීය. සල්ලි දැන් අතේ නැහැ. ඇය කීවාය. නිලධාරියා ආපසු ගියේ විශාල පැපොල් ගෙඩියක් හා මඤ්ඤොක්කා අල දෙකක් රැගෙනය.
නිවසට ආ සැමියා හා දියණිය මේ බව දැනගත් පසු පොලිස් නිලධාරියාට දුරකතන ඇමතුමක් ගෙන මුදල් ලබා ගැනීමට ආරාධනා කළෝය. ඇමතුම පටිගත කෙරිණි. දියණිය තොදොල් වෙමින් මේ බව පවසද්දී ඔහු විහිළුවට යැයි කියා ඇඟ බේරා ගැනීමට උත්සාහ ගත්තේය. ඒ වුණාට ඔයා එළවළු පලතුරු අරන් ගියානේ කියද්දී ඔහු ඒ බව පිළිගත්තේය. මෙසේ ඇමතුම් කීපයක් හුවමාරු විය.
අනෙක් පාර්ශ්වයෙන් කළ පැමිණිල්ල විභාගයට පළමු දිනයේම පැමිණීමත් තමන්ගේ පැමිණිල්ල විභාගයට පැමිණීමට දින දහ හතරක් ගතවීමත් ගැනද ප්‍රශ්න කෙරිණි. කොරෝනා නිසා ප්‍රමාදවූ බව පොලිස් නිලධාරියා කීය. අන්තිමේ මේ සියලු සිදුවීම් සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරින්ට දන්වන බවට කෙරුණු ප්‍රකාශයකින් පසු පොලිස් නිලධාරියා නිහඬවී ඇත.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පැමිණිල්ලක් විභාග කරන්න 2000ක් ඉල්ලලා