IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පොම්පකරුට කොකා පෙන්වා පැදිකරු ෆුල් ටෑන්ක් ගහගෙන

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සම්මත ජාතික කිව්.ආර්. කේතයට දෙන  සීමිත ඉන්ධන ප්‍රමාණය වෙනුවට පොම්පකරුට අලි ගැටයක් ගසා සිය යතුරු පැදියේ ඉන්ධන ටැංකිය මුළුමනින්ම පුරවා ගත් අයකු පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


කිව්.ආර්. කේතයට අනුව සීමිත තෙල් ප්‍රමාණය අසීමිතව ගසන මේ පොම්පකරු පිළිබඳව ඔහුට දැනගන්න ලැබෙන්නේ හිතවතුන්ගේ මාර්ගයෙනි. අත යට ගාණක් දෙන්නේ නම් මේ පොම්පකරු කිව්.ආර්. කේතයේ සීමිත තෙල් ප්‍රමාණයට වඩා ලබාදෙන බවද ඔහුට සැලවිය.


 එදා ඔහු සිය යතුරුපැදියට තෙල් ගසා ගැනීමට ගියේ ඔහු  ළඟටය. ඒ සිය ජංගම දුරකතනයේ ගබඩා කර ඇති කිව්.ආර්. කේතය ඉන්ධන පිරවුම් පොළේ ජංගම දුරකතනයකින් සටහන් කිරීමෙන් අනතුරුවය. 


මද සිනහවකින් ඔහු පිළිගත් පොම්පකරු මහත්තයා ඕන නම් ඉතින් ටැංකිය පිරෙන්නම තෙල් ගහලා දෙන්නම්, දන්නැද්ද ඉතින් මේවා අපේ වැඩනේ ඉතින් කීවේය. මේ සඳහා තමාට කීයක් හරි දෙන්න යයි  නොකියා පොම්පකරු ඔහුගෙන්  ඉල්ලු‍වේය.


හා ඒක කොච්චර හොඳ දැයි ඔහු කීවේ පොම්පකරුගේ යටි අදහස තේරුණා සේ හැසිරෙමිනි. පොම්පකරු ඔහුගේ යතුරු පැදියේ ටැංකිය පිරෙව්වේ ඔන්න වැඩේ හරි මහත්තයා කියමිනි.


ඉන්ධන ගසා ගත් ඔහු රුපියල් 5000 නෝට්ටුව දික් කළේ ඒ සඳහා අවශ්‍ය මුදල ගෙවීමටය. ඉතුරු මුදලෙන් රුපියල් පන්සීයක් අඩු බව දුටු ඔහු පොම්පකරුගෙන් මේ පිළිබඳව විමසුවේය.


ඇයි මහත්තයා ටැංකිය පුල් කළානේ ඉතින්. අපටත් කීයක් හරි ඕනනේ, ඒකයි එහෙම කළේ යයි පොම්පකරු කීවේය.


ඒක හරියන්නේ නැහැ, මට මගේ ඉතුරු සල්ලි ටික දෙනවා. මගේ ටැංකියට ගහපු වැඩි තෙල් ටික තමුසේ ගන්නවා යයි ඔහු කීවිට පොම්පකරුට හීන් දහඩිය දැම්මේ වෙන කෙනකුට ටැංකිය පුරවා ගාණක් හොයාගන්න තිබූ අවස්ථාව මේ යකා නැති කළා යයි සිතමිනි.


වැඩිය කතා කළොත් පෝලිමේ ඉන්න අයට ඇසේ යයි සිතූ පොම්පකරු ඔහුට ඉතුරු සල්ලි හරියටම දුන්නේ මේ වගේ අමාරුකාරයකුට අහුවුණාමයි සිතමින්ලු‍.

 



අදහස් (0)

පොම්පකරුට කොකා පෙන්වා පැදිකරු ෆුල් ටෑන්ක් ගහගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 786 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site