තම පෙම්වතියගේ කාමරය යැයි සිතා ඇයගේ මවගේ කාමරයට ජනේලයෙන් පැන ගුටි කෑ පෙම්වතකු පිළිබඳව වාර්තා වේ.
ඔවුන් මුණගැසී ඇත්තේ මුහුණු පෙතෙන්. ටික කලකින් මුහුණු පොතෙන් මැසේජ් කර ඔවුන් පෙම්වතුන් වී ඇත. පසුව එකිනෙකා නොදැක සිටීමට බැරි තරමට පේ‍්‍රමය දුරදිග ගොස් තිබේ. පසුව කතිකා කරගත් පරිදි ඇය හමුවීමට දිනයක් වෙන්කර ගත්ත ද ඇයට ගෙදරින් පිටවීමට අවසර නොමැති නිසා මුණ ගැසීමට නොහැකි වී ඇත. ඇයට ගෙදරින් පිටවීමට අවසර නොදීමට හේතුවද ඇය මුහුණු පොතේ දහදොළොස් දෙනෙකු මුණ ගැසීමට ගොස් ගෙදරට අසුවීම නිසාය. ඒ වනවිටත් ඇයට මුහුණු පොතේ පිරිමි මිතුරන් හතර පස් දෙනෙක් සිටි අතර ඔවුන්ගෙන් දහ දොළොස් දෙනෙකු ඇය මුණ ගැසීමට පැමිණ තිබේ.
සිද්ධිය වූ දිනයේ ද ඇයට අමතක වී වෙනත් මුහුණු පොතේ මිතුරෙකුට ද නිවැසියන් නින්දට ගිය පසු ඉටිරෙදි ආවරණය කළ ජනේලයෙන් ඇයගේ කාමරයට එන ලෙස දන්වා තිබේ. නියමිත තරුණයා ප‍්‍රීතියෙන් ඇගේ නිවස අසලට පැමිණ ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇත. අමතක වී අද දිනයේ පැමිධෑමට පැවසූ බව මතක් වූ ඇයට දෙවියන් සිහි විය. පසුව ඇය කල්පනා කර වරද ඔහු පිට පැවරීමට සිතා ඇයගේ මවගේ කාමරයේ ජනේලය ගැන ඔහුට පවසා ඇත.
සතුටු සිතින් ඉටි රෙදි ආවරණය වූ ජනෙල් කවුළුවෙන් කාමරයට පැන පෙම්වතියගේ නිදා සිටි මව අසලට කළුවරේම පැමිණ මම ආවා යයි පවසා ඇත. එවිට පෙම්වතියගේ මව ”මෙන්න මිනි මරණවෝ” යැයි කෑ ගසා ඇත. ජනෙල් කවුළුවෙන් ආපසු පැන්න පෙම්වතා අසල වූ ලන්දකට මුවා වී සිට සිද්ධිය සංසුන් වූ පසු හිමිහිට මාරු වුණාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් ඔය ගෙදර ලිපිනය දෙන්නකෝ (නි)
කවදා වෙනකම් හොර වැඩ කරන්නද?(හේ)
අපොයි මාළු...(කෞ)
නැන්දම්මාට මම නම් කැමතියි (නි)
දැන් කාලේ කෙල්ලන්ටයි කොල්ලන්ටයි මූණු පොත ගෙන හොද පාඩමක් මේක .(කෞ)
දැන් ලංකාව මාර දියුණුයිනේ ,යන්තම් අඳුනගත්තුගමන් කෙලින්ම එන්න කියන්නේ නිදන කාමරේට ..... (කෞ)
මට පුදුම මුහුණු පොතෙන් පෙම් කරන්න තරම් තරුණ අය මෝඩද? (නි)
කතාවේ එන නරක ළමයාට ආරූඨ වෙන්නේ පිටබැද්දර ජයා නොවෙයි. අභය සඳහන් කර ඇති සෙට් එකයි.මොනවා වුනත් අභය ඇත්ත කියලා තියෙන්නේ. (බ)
මුලින්ම නැන්දම්මාගේ අවසර පැතුවද? (නි)
මට පෙන්නේ අභය නමින් ලියන්නේ ජයාද කොහෙද . නැති නම් මොකද ජයා සම්බන්ධ කාන්තා ප්‍රතිචාර වල ට අබය මෙච්චර කලබල වෙන්නේ. (බ)
පිටිගල මිලානෝ හොඳ හෝටලයකින් කන්නයි හදන්නේ. පරිස්සමින්! වෙනිවැල්ගැට ටිකක් එහෙම තම්බාගෙනම යන්න. (නි)
මටත් ඔය ගෙදර ලිපිනය දෙන්නකෝ අනේ! (නි)
ජයා කතාවේ එන කෙනාගේ චරිතයට ආරූඩවෙනවා නිරායාසයෙන්ම. හරිම කෝළමක් වෙලානේ මේක. බලාගෙන යනකොට පිටිගලත් ලෙහෙසිපහසු කෙනෙක් නොවන හැඩයි. හරි,හරි ඔහොම යමු... (නි)
චාරු, කාන්ති, ගයනි, මංජු සහ සුරනි, ඔය හතර දෙනාම පොලිස් කූඩුවේ සිටියයුතු අය හැටියටයි මම නම් දකින්නේ. (නි)
පඳුරකට පයින් ගැසුවොත් චාරුලා වාගේ අය ඕනෑතරම් විසිවෙයි අපේ රටේ. පිරිමි රහත් වූ බවක් මෙයින් අදහස් නොකරමි. (නි)
ඇති ඔයින් බේරුනා... (නි)
ජයාට නම් මොකද්ද පරණ කෝන්තරයක් තිබෙන හැඩයි කවුදෝ බවලතෙක් එක්ක. (නි)
දැන් මෙතන පිරිමි ටික චාරු ගැන කතාකරන්නේ හරියට පුවතේ තරුණිය හමුවෙන්න ආවේ පිරිමි නෙමෙයි අභ්‍යාවකාශ සත්ව කොට්ඨාශයක් වගේනේ. මේක තමයි රටේ තත්වය. මහා රාත්‍රී බවලතුන්ගේ කාමර වලට රිංගපු පිරිමි ගැන කිසි කතාවක් නැහැ. හැබැයි වැරැද්ද කළ ගැහැණු කෙනා විතරක් හංවඩු ගහනවා. (නි)
හපොයි චාරු, කොල්ලෝ කාමරේට ගෙනල්ලද හමුවෙන්නේ? (නි)
එතකොට අර මහා රාත්‍රී ගෙවල් වලට ආ පිරිමින්ට දෙන අච්චුව මොකද්ද පිටබැද්දර මහත්තයෝ? (නි)
දැන් මේක වුණේ මෙහෙමයි කියලා කවුද කියලා තියෙන්නේ? (නි)
බවලතුන් ගැන පිටබැද්දරගේ තරහා කොච්චරද කිව්වොත් ළඟදීම නහරයක් පුපුරාවිද මන්දා! දැන් අර කාමරේට රිංගන්න ආපු පිරිමි ටික මාර්ගඵල ලබලාද ජයෝ? (නි)
අබරන් ජයාගේ ලියන මහත්තයාද? (නි)
ඒ කියන්නේ චාරුත් පොලිස් කුඩුවේ. (අ)
මට නම් හිනා ගියේ, මුහුණු පොතේ පිරිමි මිතුරන් හතර පස් දෙනෙක් ඉදල, ඔවුන්ගෙන් දහ දොළොස් දෙනෙකු ඇය මුණ ගැසීමට පැමිණීම. එකා ඩබල් වෙලා. කොහොමවෙතත් මුහුණු පොතෙන් ඇති වෙන සම්බන්ද කම් ගැන හොද අදහසක් මේකෙන් ගන්න පුළුවන්. (අ)
තරුණියගේ නැහැදිච්චකමට අන්තයිනේ ජයාගේ සාමාන්‍ය දැනීම. කොල්ලෙක් එක්ක පැටලිලා හමුවෙන එකට එහෙමනම් මුළු රටේම භාගයක් ළමිස්සියන් දැන් පොලිස් කුඩුවේ ඉන්න ඕනෑ. (නි)
පොලීසියට අල්ලලා දෙන්න වටින්නේ මේ නැහැදිච්ච ගැහැණු ළමයව (නි)
කෑගසනවිටම පැනලා ගිය නිසා බේරුනා (නි)
පොලිසියට අල්ලලා දෙන්න තිබුණේ (නි)