රාතී‍්‍ර කාලයේ තම පෙම්වතා සමඟ පැන යාමට සුදානම් වූ මොහොතේ ඇහැරුණු නිවසේ සිටි එකම කාන්තාව වූ මිත්තනියද ඔවුන් සමඟ යාමට සූදානම් වීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ කඳුකර ගමකිනි.
කතාව සැකෙවින් මෙසේය.
මව විදේශගතවී සිටි මේ තරුණියගේ සියලූ කටයුතු මිත්තනිය විසින් සොයා බැලූ අතර ඇගේ පියා පෞද්ගලික ආයතනයක ආරක්‍ෂක නිලධාරිවරයෙක් විය. ඔහු නිවෙසට ආවේ ඉඳහිටය.
ජංගම වෙළඳාමේ යෙදුණු තරුණයකු මේ තරුණිය සමග හාදකමක් පවත්වන බව දැනගත් මිත්තනිය එය ඉවසා සිටියේ තමාටද ඉන් වාසි සැලසුණු හෙයිනි. ආරක්‍ෂක සේවයේ නියුතු පියා මීට විරුද්ධ වුවත් දිනක් මහ රෑ මේ තරුණයා සමග මිනිබිරිය පැනයාමට සූදානම් වූ මොහෙතේ ඇහැරුණු මිත්තනිය ”මාත් එනවා නැත්නම් අර පෝරිසාදය මාව මරා දමාවි” කියා ගමනට සූදානම් වූයෙන් තරුණයාට තරු පෙනුණාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුව පැනලා ගිය පසු තාත්තා ඉන්න පැත්තේවත් එන එකක් නැහැ. තාත්තාට බඩගින්නේ මැරන්න තමයි වෙන්නේ. (නි)
කොල්ලගෙන් ආච්චිට ලැබුණු ප්‍රතිලාභ මොනවද දන්නෙ නැහැ (නි)
ආච්චිට පව් අනේ (නි)
තැලුම් තෙල් බෝතලෙත් ගෙනිච්චලු. (නි)
ඔව් ඔව් චන්ද්‍රා, ඔයා කළා වගේම බබා හම්බ වුණහම මිත්තනිය එක්ක යයි ළමයව බලාගන්න! (නි)
අර මොකද්ද සිංදුවකුත් තියෙන්නේ, ආච්චි වුනත් මොකද මච්චාන් ... (නි)
මිත්තනියව බලාගන්න ඉන්න එකම කෙනා මෙයාද දන්නෙ නැහැනේ. කෙසේවෙතත් මිත්තනියගේ සහයෝගය නම් එතරම් හොඳ නැහැ, මේවා දැක්කම හිනා යනවත් එක්ක (නි)
'බයි වන් ඇන්ඩ් ගෙට් වන් ෆ්‍රී' ද කොහෙද මේ හාදයට? (නි)
මිණිපිරිය ,කිරිඅම්මට මෙසේ කිව්වලු ...... කුඩා කාලයේ පටන් කිරි අම්මා මාව හදා වඩා ගත්තට ගොඩක් පින්.මමත් බබෙක් හදාගත්ත වහාම කිරි අම්ම ගෙනියන්න එනවා. එනවාමයි. එතකන් හොඳ බබා වාගේ , දැනට නිදා ගන්නකො!!! චෙරියෝ! (නි)
ඉතින් අන්තිමේදී මේ නරක කොල්ලා ආච්චිත් සමග පැනලා ගියාද? (නි)
හොඳ වෙලාවට සීයා හිටියේ නැත්තේ.... (නි)
හොඳ අදහස.. (ස)
හොද අදහසක් (නි)
අනේ පෙම්වතෝ, ඔයාගේ පෙම්වතියත් අනාගතයේදී මේ මිත්තනිය වගේ එයාගේ දුවගේ ප්‍රේමවන්තයා එක්ක යන්න අවසර ඉල්ලන දිනය එනවා. මේක උර චක්කර මාලේ වගේ..මේ දෝනි ගේ දොනිත් එයාගේ තාත්තට මේ දෙයම කරාවී. (නි)
කොල්ලෝ ආචීචී බොලාගේ සීයට දිල උබ කෙල්ල ගනින්. (නදී)
පවු ආච්චි ,අන්තිම කාලේවත් එයාගේ සතුට නැතිකරන හදන්න එපා. එයාවත් අරගෙන යන්න . (නි)
ඇත්තමයි ආච්චි නියමයි. බය හිතන්නැති. මන් වගේ විනෝදයෙන් ඇති.(නදී)
ආච්චිටත් පැනල ගිහිල්ල පලපුරුදු ඇති.(නදී)
පව් වයසක මිනිස්සු. එයාලගේ උගත් කමේ හැටියට හිතන විදිහ. සමහර විට එයාගේ පුතා නරුමයෙක් වෙන්න ඇති. නැත්නම් දුවත් පැනලා යන්න තීරණය කරන්නේ නැනේ. ඉතින් මේ ආච්චිත් පුතාට තියන භය නිසා යන්න හදන්න ඇති. ඒවා අපහාසයෙන් බලන්න හොඳ නැහැ. අහිංසක නුගත් මිනිස්සු දිහා අනුකම්පාවෙන් බලමු.(නදී)
ඉතින්,ඉතින් තුන් දෙනාට මොකද උනේ? සෙට් එකම පැන ගත්තාද? ආච්චිටත් මාර චාන්ස් එක නේද?(නදී)
අපරාදේ එයා මිත්තනිය නොවී තරුණියගේ අක්කා වෙන්නයි තිබුණේ. (නි)
අනේ පවු ඒක්ක යන්නනේ තිබුණේ. (ස)
මිනිපිරියගේ කලවයස එනකම් යුතුකම් ඉෂ්ට කරන්න වෙන්න ඇති (නි)
වරදක් නැහැ. (ස)
උගත් කාන්තාවක්... (ත)
මොනවා මේ ආච්චිත්? නැතුව.. නැතුව....(ස)
මිත්තනිය පවු. (නි)
දෙන දෙයියෝ ඔක්කොම දෙනවා කියන්නේ ඕකට නේ. කාර් එකක් ගත්තම බස් එකකුත් ලැබෙනවා. පින...පින... (නි)
ඉතින් මිත්තනිය දමලා ගියාද?එක්කගෙන ගියාද? (නි)
හොඳ තීරණයක්.(ස)
පව් අසරණ ආච්චි දහ දුක් විදලා පරම්පරා 2ක් හදලා තව ගුටිකන්න වෙයි කියන බය වෙන්න ඇති. අද බොහොමයක් තැන්වල මේ වගේ සිදුවීම් වෙනවා. නැත්තම් කොහේ හරි පාළු පාරක අතරමං කරලා දාලා යනවා (නි)
කොහේ ගියත් ආච්චිලා තමයි දරුවන් බලා ගන්නේ (නි)
ආච්චිටත් ඕනෑ නැති දෙයක් නැහැ (නි)
නෑ දයා අළහකෝන්, කොල්ලා වැඩේ අත් ඇරලා දැම්මලු (නි)
අපි මේ ෂෙරිෆ්වත් *****නැතුව, නැතුව.... (නි)
තනි නොතනියට මිත්තනිය.... (නි)
එහෙනම් කාර් එකත් නැහැ, බස් එකත් නැහැ. කොල්ලා පවු (නි)
මිත්තනිය පවු. තනි නොතනියට හිටිය මිත්තනිය, පස්සේ හරි එක්කගෙන යනවා නම් කොච්චර හොදද . යහපතක්ම වෙයි. (නි)
මිත්තනිය හොදට ළමයි බලලා තියෙන පාටයි (නි)
ආචිවි දැවෑද්දට තියාගනින් කොල්ලෝ..... මාමණ්ඩි එහෙම කිවුවලු.