තම ජංගම දුරකතනයට සිග්නල් ඇති පාසලකට මාරුවීමක් ඉල්ලා තරුණ ගුරුවරියක ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතාට ලියුමක් ඉදිරිපත් කළාය. ඒ මහජන දිනයේදීය. එදින බොහෝ පිරිසක් උදෑසන සිට පැමිණ අංක රැගෙන තම වාරය එනතෙක් බලා සිටිති. මිණිපුරයට සම්බන්ධයක් ඇති තරුණ ගුරුවරියක් පැය කීපයක් පෝලිමේ සිටියාය. වාරය පැමිණි පසු තම කාරණය කටින්ද කීවාය. තමා අවිවාහක බවද වසර ගණනාවක පටන් පෙම්වතකු සිටින බවද කීවාය. තමන්ට මුල්ම පත්වීම ලැබුණේ ඉතා දුෂ්කර පෙදෙසෙකට බවද කීවාය. මෙම පාසල පිහිටි පැත්තේ දුරකතන කුලූනු නැත. එහෙයින් ජංගම දුරකතනය වැඩක්ද නැත. මේ නිසා තමන් දැඩි පීඩාවකට පත්ව ඇති බවත් තම පෙම්වතාට නිතර කතා කිරීමට අවශ්‍ය බැවින් ජංගම දුරකතනවලට සිග්නල් ඇති අවට පාසලකට තම මාරුව හදාදෙන ලෙසත් ඇය බැගෑපත් වූවාය. මෙම ඉල්ලීමට සවන් දුන් මහ ඇමැති මවිත විය. ඔහු ඒ ගුරුවරියට හොඳ පාඩමක් කියා දුන්නේය. රැකියාවක් දී ඇත්තේ දරුවන්ට ඉගැන්වීම පිණිසයි. පැය 5 ක් වැනි කෙටි කාලයක් තමන් දිනකට පාසලේ ඉගැන්විය යුතු බව කීවේය. මෙම පාසල ඇති ප‍්‍රදේශයට ජංගම දුරකතන සිග්නල් නොමැතිවීම පාසලේ දරුවන් ගේ වාසනාවක් බව ඔහු කීවේය. පාසල් කාලය තුළ අධ්‍යාපන කටයුතුවලට හිත යොමුකර දරුවන්ට උගැන්වීම තම යුතුකම හෙයින් තමන් ගුරු පත්වීම ගන්නා විට අස්සන් කළේ එක දිගට වසර 5ක් පාසලේ සේවය කිරීමට බව අමතක නොකරන ලෙසත් පාසල් කාලයේ තම පෙම්වතුන්ට කතා කිරීමට යොමුවීම සුදුසු නොවන බැවින් රැකියාව හරියට කරන්නට බැරිනම් එම අවස්ථාව තවත් අයකුට දෙන ලෙසත් මහ ඇමැති කීවේය. එවිට හිතේ හැටියට පෙම් කළ හැකි බවද ඇයට සිහිපත් කැර දුන්නේය. මෙම සිදුවීම බලා සිටි කීප දෙනකු පැවසුවේ අනේ උතුම් ගුරුකමට ගිය කලක් යනුවෙනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහින්සක ඉල්ලීමක්.... මෙහෙමද මහ ඈමති තුමාල රටේ ජනතවගෙ ප්‍රශ්න විසදන්නෙ.. ඔතන පොලිමේ ඉඩගෙන හිනාවෙච්ච අනික් අයටත් ඔයවගෙ උත්තර තමයි මේ ඈමතිතුමා දෙන්න අත්තෙ. මෙලෝ රහක් නෑ.. ඔබතුමාට ඊලග ජ්න්දෙදි ප්‍රතිඵලය ලැබෙයි..
මෙහෙම දේශපාලඥයින්ට මේවායේ දුක තේරෙන්නේ නෑ.මේ අය ආදරයේ වේදනාව අදුරන්නේ නෑ.මේ අයට මේවා කියලා වැඩකුත් නෑ
මානුෂික අවශ්‍යතාවයක් බව හිතන්න
ගුරුවරියක් වූවත් ඇය සාමාන්‍ය යුවතියක්.. ඒ නිසා ඇයට බනින එක වැරදියි..!! guru wariyak wuwath ayath samanya uwathiyak. a nisa ayata banina eka waradi.
කොළඹට කිරි අපිට කැකිරි
ඔයාල කාටහරි මේ දේට මුහුණ දෙන්න උනානම් ඔයාල මොකද කරන්නෙ..
මෙයාට පෙම්වතාව විශ්වාස නැතිකමක් තයෙනව මට නං පේන්නෙ පෙම්වතා---------------අසරණ දරුවො අනේ මන්ද--------------රටකට ගිය කල
පව් අනේ ගුරුතුමී..
ෂුවර් එකටම මේ ගුරුවරියත් දේශපාලන පත්වීමක් ලැබුන නුගත් කාන්තාවක් කියල කියන්න පුළුවන් ... එහෙම නැත්නම් මේ වගේ හේතුවක් කියාගෙන පළාතේ මහා ඇමතිව හම්බුවෙන්න යන්නේ නෑ කියලයි මට හිතෙන්නේ ..... හරියට ගුරුපත්වීමක් උත්සාහයෙන් ලබාගත් කෙනෙක් නම් වෙන හේතුවක් කියුවත් මේ වගේ මෝඩ කතාවක් නම් කියන්නේ නෑ ..... කෙසේ වෙතත් මෙයාගෙන් ඉගෙන ගන්න ළමයි ලොකු වෙද්දී මෙයා වගේම නොවුනොත් තමයි පුදුමේ ....මේක ෂුවර් එකටම දේශපාලන පත්වීමක් .....
මේ තීරණය වැරදියි.. මෙහිදී මානසික තත්ත්වය තේරැම් ගත යුතුය. ඇගේ වයසත් සමග.. ඇය මානසික වේදනාවකින් සිටින්නෙ.. මෙහෙම පන්ති වැඩ කරන්න බැහැ හරියට.. ජීවිතය කියන්නෙ රැකියාවම නෙවෙයිනෙ.. ඇයට සුදුසු පෙම්වතා මගහැරැණොත් මේ දේශපාලනඥයා වගකියනවාද?
ඇත්තටම අහිංසක ඉල්ලීමක්. ටිකක් හරි විසදුමක් දෙන්න බලන්න තිබුණා.. ඔයිට වඩා පටු හේතුවලටත් මාරැවීම් ලබා දීල තියෙනවනෙ මේ රටේ...
(මෙම සිදුවීම බලා සිටි කීප දෙනකු පැවසුවේ අනේ උතුම් ගුරුකමට ගිය කලක් යනුවෙනි.) එක් කෙනෙක් කළ දෙයක් නිසා ගුරු සංහතියම පහත්කිරීම වැරදියිනේද?
මෙහෙමයි මේ ටිචර් කසාද බන්දලා දිලා පෙමිවතා එකක් ඉන්න සලස්වන ඔන මෙයා ඉගැනිමෙන් ලමයින්ට දැනුමක් ලැබෙන එකක් නැ
මෙයාට තියෙන ජංගම දුරකථන වර්ගය බලල ඒ සමාගමෙන් දුරකථන කුළුණක් මේ පාසැල අසල දැම්මත් ඒ සමාගමට නම් පාඩු වෙන එකක් නැ. මෙයා තව අවුරුදු 5 ඉන්නවනෙ. මෙයාගෙන්ම කුලුණට ගිය ගාන හොයාගන්න පුළුවන් වෙයි. .
අනේ අසරණ ආදරේ. කෝල් කරන්න අමරුනම් s m s එකක් දාල තියන්න එතකොට පාවෙන සිග්නල් එකක් හරි ආපු වෙලවක ඒක යයි නේ.
පව් ඒ කෙල්ල..
කොහේටද ?? අපි දාන්නම් කනු ...
සිග්නල් තියෙන නෙට්වර්ක් එකකට මාරු වුණානම් වැඩේ ඉවරනේ
මොබයිල් වලට සිග්නල් නැත්නම් සැටලයිට් දුරකතනයක් ගන්න.එතකොට ලෝකේ ඕනම තැනක ඉදන් මල් කඩන්න පුලුවන්.පොඩ්ඩක් ගාණ වැඩි එක විතරයි
හොඳ සිම් එකකට මාරු වෙන්න...
හොඳ සිම් එකක් ගන්න...
අයියෝ, පොඩ්ඩක් මොළේ පාවිච්චි කරලා ඇමතිතුමාගෙන් ඉස්කෝලෙට ස්ථාවර දුරකථනයක් ඉල්ලුවා නම් ඉවරනේ
"ඇයට සුදුසු පෙම්වතා මගහැරුණොත් මේ දේශපාලනඥයා වගකියනවාද?" රැකියාවේ දුෂ්කරතා නිසා මගහරින පෙම්වතෙක් ඉන්නවානම් උගෙන් හැකි ඉක්මනින් මග ඇරෙන එක තමයි වාසනාව. අපි අවුරුදු දහයක් ආදරේ කරලා විවාහ වුනේ. අපි දෙන්නාටම ජංගම දුරකතනයක් ගන්න ලැබුනේ ඊට ගොඩක් කලකට පස්සේ. අනේ අපට නම් ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ. මේ ඉස්කෝලෙට තැපැල් සේවාවක් නැත්නම් ඔන්න ඒක ලෙඩක් කියලා පිළිගන්න වෙනවා.
මේක මහ ඇමතිට නෙමෙයි, ඔයාගේ සිම් එකේ කම්පැණියට කියන්න
මල් කඩන්න ඉස්කෝලේ එන්නේ මොකටද ?
පිස්සු නේ?
අපි දැන් වෙන්වෙලා ඉන්නේ..ඔයාල ඔයාලගේ වැඩක් බලාගන්න අනේ....
මේක ඒ ගුරුතුමියගේ අයිතිවාසිකමක්....ගුරුතුමිය හරි....
මානුශීක හැගීමක් නැති කෙනෙක්..
ගෑණු ළමයි දුර පළාත් වල තනිව දුක් විදින එක ගැන සමහරුන්ට දුකක් නෑ...
ඇයි ඒ ගුරුවරියට ආදරය කරන්න අයිතියක් නැද්ද? උගන්වන්නේ පැය කීපයයි.ඉතිරි කාලය අයිති ඇයට.
වැරැද්ද ගුරුවරියගෙවත්, මහ ඇමතිගෙවත් නෙවෙය. මේ පාසල මෙතැන හදපු කෙනාගේ! අනික ස්ථාන මාරු දෙනකොට ජංගම දුරකතනයක් පාවිචි කරනවද කියල ඒ නිලධාරීන්ට අහන්න තිබුනා. මට හිතගන්න බැරි, ඇයි පාසල පිහිටි පැත්තේ දුරකතන කුලූනු නැත්නම්, පෙම්වතාට තමගේ පැත්තේ දුරකතන කුලූනක් පාවිච්ච් කරලා මේ අසරනියට කොල් කරන්නේ නැත්තේ කියල. පෙනෙන විදියට ඔය පෙම්වතා විශ්වාස කරන්න අමරුයි! මුහුදේ එක මාලුවද ඉන්නේ...ඔන්න ඔහේ ඔය පාසැල පැත්තෙන්ම හොඳ කෙනෙක් හොයා ගන්න. එතකොට ඔය සිග්නල් නැති ප්‍රශ්නෙ විසදෙනවා.
මෙවැනි දේ වලින් ගුරු වෘත්තිය හෑල්ලු වේ
"මට නම් වැරැද්දක් පේන්නේ නෑ...." මානුෂික අවශ්‍යතාවයක් ..අවුලක් නැ ...!! මහා අමතිනේ
ඇමතිතුමාගේ කතාවේ වරදක් නැහැ එතුමා කියුව හරි. පාසැල තියෙන්නේ උගවන්න සහ ඉගන ගන්න මිසක් මල් කඩන්න නෙමේ.ගුරුවරු ඔහොම උනාම ළමයි ගැන කවර කතාද.
රැකියාවක් කරනකොට මිනිස්සුන්ගේ මානසික පැත්තත් බලන්න ඕනෙ. ආදරය කියන්නෙ කාටත් පොදු දෙයක්. මම කියන්නේ ගුරුවරියගේ මානසික අසහනය සාධාරණයි.
මොන සිග්නල්ද අගුරු කැල්ලක් අරන් දත මැද ගත්තනන් අහවරයිනේ
කෝ එන්න අපේ රුවන් බබා. හරහට දල නලවන්න........අනේ යන්න රුවන් බබෝ යන්න. ආව මෙතන නැලවෙන්න
අනේ පව් මෙම ගුරුතුමිය ආදරය හරිම සුන්දරයි මෙම ගුරුතුමියට සාධාරණයක් ඉටුවෙනවානම් හොඳයි ආදරය කරන අය විතරයි දන්නේ ආදරයේ මිහිර .මම ආදරය කරන කාලේ මගේ පෙම්වතියත් එක්ක දවසක්වත් නොදක හෝ කතා කරන්නේ නැතුව ඉන්න බැහැ . ආදරය නොදන්නා දේශපාලකයෝ ඉන්න රටක ඔහොමතමයි .
ඒගොල්ල පාසැල් එන්නෙ මල් කඩන්න තමයි ළමයින්ට උගන්වන්න නෙවෙයි ඒක අපි අත්දැකීමෙන්ම දන්න දෙයක් ඒකනෙ අපේ ළමයින්ච 1 වසරෙ ඉදලම ටියුෂන් යවන්න වෙලානියන්නෙ
ආදරේට කොහෙද නැත්තේ බාධා
වොලිව්,..මම සදහන් කලේ ලිංගික හා මානසික හිංසනයන් පිළිබද , මම ඉහත සදහන් කල සොයුරියට ඒ පාසලේ ප්‍රින්සිපල් අයුතු යෝජනා ගෙනත් තිබුන, අවසානයේ මාරුවීමක් ලැබෙන තුරු ඇයගේ මවටත් එහි නැවතීමට සිදු උනා. මම යෝජනා කරන්නේ දිස්ත්‍රික්ක මට්ටමින් ඒ පුරප්පාඩු සදහා බඳවා ගත යුතුයි කියලයි කිසි කෙනෙක් අකමැත්තෙන් සේවයේ යොදවල වැඩක් නෑ. මොකද එතකොට ඒ අය තමන්ගේ අපහසුතා, අර අහිංසක දරුවන්ට තරහ විදියට පිට කරනවා. හරියට අධ්‍යාපනයක් කෙරෙන්නේ නෑ එතකොට. ඒකයි හැමදාම ඒ පැති වල දරුවෝ නුගතුන් වෙන්නේ.
වසන්ත එතකොට විවාහක කෙනෙක් දුෂ්කර පාසලකට දාන්නද කියන්නේ එතකොට එයා අපහසුතාවයට පත් වෙන්නේ නැද්ද ගුරු පත්වීම දෙනකොට කොහෙවත් කියන්නේ නැහැ අනගාරික ජිවිතයක් ගත කරන්න කියල එත් ලංකාවේ ඕනෙම පාසලක සේවය කරන්න එයාල පොරොන්දු වෙනවා...
මාර ලව් එකක්නේ ....සිග්නල් නැත්නම් ක්ලෝගාඩ් පාවිච්චි කරන්න.නිකන් දත් නරක්කර ගන්න ඕන නෑනේ...
මහා මෝඩ උත්තරයක් නේ දීල තියෙන්නේ. කවුද කිව්වේ ඒ මනුස්සයා පාසල් වෙලාවේ call කරනවා කියල. කිසි දවසක ආදරය නොකරපු කෙනෙක් වෙන්න ඇති. ගුරු පත්වීම දෙනකොට කොහෙවත් කියන්නේ නැහැනේ අනගාරික ජිවිතයක් ගත කරන්න ඕන කියල. මාතර පැත්තේ ප්‍රබලයෙක් හම්බවෙන්න ගිය ගුරු මෙනවියකට කියල තිබුනා එහෙන් මිනිහෙක් හොයා ගන්න කියලා. මේ දේශපාලකයෝ දන්නේ නෑ අවිවාහක කෙනෙක් ඒ වගේ දුෂ්කර පළාතකට ගියාම කොච්චර අපහසුත විදිනවද කියලා.
ෆෝන් එකට සිග්නල් නැතිනම් ඉතින් ලියුම් ලියන එකනේ ඇත්තේ. මම කමතිය් ඔය ගුරුතුමියට ලියුම් ලියන්න.
ඉතිරි පැය 19 උගන්නන්නේ නෑනේ....
උතුම් ගුරුකම කරන්නෙත් මනුෂයෝ තමයි. මිනිස්සුන්ට හිතුම් පැතුම් ආශාවන් තියනවා. මොකද රහත් වෙලා නැනේ... අමිල කියන එකත් හේතුවක් වෙන්න ඇති. ඔය කාලේ මල් කැඩුවේ නැත්නම් ඉතින් කවද කඩන්නද?
එයාට පාලු ඇති .ආදරයට තහන්න්චි දාන්න බෑ
ඒ ඇමතිතුමා ආදරය ගැන දන්නේ නැතුව ඇති...අනික දේශපාලකයෝ කොහෙද ආදරේ අදුරන්නේ...
ආදරේ කරන්න පාසැල ප්‍රශ්නයක් නැ නේ
මම කියන්නෙ පදින්ච්ය අවට ස්කෝල දෙන්න බලන්න ඕන නෑත්නම් කාර්යක්ෂම නෑ.අනික පවුල් ඔක්කොම අවුල්, එකය් රජ්ය සේවයට වෙලා තියෙන්නෙ, හෑමොම මල පෑන්න ගමන් ඉන්නෙ
බය වෙන්න එපා නංගී.අපි ළඟදිම ටවර් එකක් හදන්නම්
එයා ඇත්ත කිව් නිසයි මේ වගේ පණ්ඩිත පිළිතුරක් ලැබුනේ .බොරුකාරයෝ කී දෙනෙක්ගේ ඉල්ලීම් ඉෂ්ඨකරන්න ඇද්ද ???
එයා ලොක්කෙක්ගේ කවුරුහරි වුණානම් මෙයා මේ උත්තරේම දේවිද ??
අනේ, ඇමතිතුමාට හිතක් පපුවක් නැද්ද
මම කොළඹ. අවුරුදු 10 ක් මාතර වැඩ කළා. මාතර යාලුවෝ එකම දෙපාර්තමේන්තුවේ මගේ රස්සාවටම පාන්දර රුහුණේ කොළඹ එනවා. ඒ මිනිස්සු මාරුවක් ඉල්ලුවම බැනල එලව ගන්නවා. මේ නංගි කෝල් කරන්නේ පාසල් වෙලාවේ නෙවි. ෂුවර් එකට ඒ ගමේම බෝඩ් වෙලා ඉන්නේ. මොකද සිග්නල් නැහැ කියන්නේ ඉතා පාලු ප්‍රදේශයක් වෙන්න ඕන. ඉතින් වෙන වෙලාවකවත් කතා කරන්න විදියක් නැතුව ඇති. කඳුගැට වලින් මුවා උන පෙදෙස් තියෙනවා තාමත් සිග්නල් නැති.
මල් කඩ කඩ බොරුවට දෙනවා මම ගහ හොද හැටි අදුරනවා
රට පාලනය කරන අය මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් දුෂ්කරතාවයන් අදුනන්නෑ. එයාලට ඕනේ වැඩේ වෙන්න විතරයි. ඒකෙන් ඵලදායිතාවයක් තියෙනවද කියන ඒක ඒ අයට වැඩක් නෑ. මිනිස්සුන්ගෙන් පලිගන්න දෙන පත්වීම් ඕව. ඒ ඒ දිස්ත්‍රික්ක වල ඉගෙන ගත්ත අය නැද්ද. ගාල්ලේ කෙනා අනුරාධපුරේට දානව,අනුරාධපුරේ කෙනා හම්බන්තොටට දානව. මේවගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ. නිකන් බොරුවට රටේ සල්ලි විනාශ කරනවා විතරයි.මේ ගුරුතුමියෙග පැත්තෙන් බලනකොට ඇය සාධාරණයි. ඒත් කරලා තියෙන්නේ බොලද වැඩක්. ඇයගේ අපහසුතාවට ඔයිට වඩා හොද විසදුම් තියෙනවා. ඔය දේශපාලුවෝ ගාවට යන්නැතුව. පුදුමයි ස්ථාන මාරුව දෙන්නං අහවල් තැනට එන්න කිවුවෙ නැති ඒක. සාධාරණව හිතන්න ඔය හැම කෙනෙක්ම ටිකක්.
ටිකක් සානුකම්පිතව බැලුවා නම් හොදයි නේද? ගුරුතුමිය ඇත්තම කියලනේ
ඉතින් මේ ගුරුවරියට රෑට කතා කරන්න බැරුව ඇති ලගනේ බෝර්ඩ් වෙලා ඇත්තේ
මහා ඇමති තුමා නිසා අවුලක් නැ
මට නම් වැරැද්දක් පේන්නේ නෑ.උදාර පරම වනිතාවක්
කවුද මේ වගේ අයට පත්වීම් දුන්නේ.....
සමහරුන්ට ඔහොම වෙනවා ... ඇමතිතුමා හරි...
බාල වයස්කාර දැරියන් කෙළෙසන දේශපාලන අධමයන් ආදරයක තරම දන්නෙහිද? සියලු දුෂ්කර පත්වීම් මෙන්ම සේවා මාරු කිරීම් මානුෂීය වූයේනම් මීට වඩා ඵලදායී මෙන්ම කාර්යක්ෂම සේවාවක් ලබා ගත හැකි බව නොතේරෙන නූගත් පාලකයින් සිටිනා රටක ඉපදීමද පවකි.
මමනම් දන්න තරමින් කයිට්ස් දූපත් වලටත් ෆොන් වලට සිගිනල් තියනවා.හැම දුරකථන සේවාවන්ම මුළු දිවයිනම ආවරණය කරලනේ තියෙන්නේ...
අපිට කිව්වනම් අපි සිග්නල් හදල දෙනවනේ...අපි හැමතැනම ආවරණය කරනවා ?