අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරගයේදී නිරීක්‍ෂකයන්ගේ ඇස් වසා පෙම්වතාගේ පාපැදියේ සහායෙන් ජය කණුවට ළංවෙන්න උත්සාහ කළ තරගකාරියක තරගයෙක් ඉවත්කළ සිද්ධියක් ගම්බද ප‍්‍රදේශයක පවැති අවුරුදු උත්සවයකදී අසන්නට ලැබුණි.
විවිධ අංශවලින් සමන්විත අවුරුදු උත්සවයේ ගම හරහා දිවීමේ කාන්තා තරගයට තරගකාරියන් රැසක් එක්වී ඇත. ගමේ ලඳු කැලෑවක් හරහා වැටී තිබුණ දුෂ්කර මාවතක් මේ සඳහා තෝරාගෙන තිබිණි.
තරගය ආරම්භ වීමට කලින් තැන තැන නිරීක්‍ෂකයන්ද යොදවා තිබුණු නමුත් අවුරුදු උත්සවය ආසන්න තැනකට පත්කළ නිරීක්‍ෂකයා මදකට එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත. මේ බව දැනගත් තරගකාරියගේ සහායට ගිය පෙම්වතා තරගකාරිය පාපැදියේ නංවාගෙන එම දුර කොටස නිමාකර තිබේ. කාටත් රහසේ කළ උදවුව නිසා ජයග‍්‍රාහිකවන් දසදෙනා අතරට ඒමටද ඇයට අවස්ථාව උදාවී ඇත.
මේ අතරේ සිද්ධිය දුටු නරඹන්නකු සෙසු තරගකරුවන්ට මේ බව පැවසීම නිසා සංවිධායකින් මැදිහත්වී තරගයේ නීතිරීති උල්ලංඝනය කිරීමේ වරදට ඇය තරගයෙන් ඉවත් කැරිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දිනුම් අනේ. අපි දෙන්න කාගේත් ඇස්වහලා අවුරුදු දා ගමේ ජෝඩු දාලා බයිසිකල් පැද්දා. (නි)
අපරාදේ හොඳ කැළෑ පාරකුත් තිබිලානේ හදිසි වුණේ පළවෙනියා වෙන්න. හැංගිලා ඉදලා අන්තිමයටනේ එන්න තිබුනේ (නි)
පෙම්වතාට තිබුනේ පෙම්වතිව බසිකලේ දාගෙන යන්න නෙමෙයි. බල්ලෙක් උසි ගන්වලා අරින එකයි. එහෙම කලා නම් පල වෙනි තැනට එන්න තිබුනා.(නදී)
ආදරය කරන්න මගක් හොයාගන වැරදි නැහැ.(නදී)
අපේ ගමේ ( සේරුපිට) අවුරුදු උත්සවයේදී අපේ ලොකු මල්ලිත් ඔය වගේ පාපැදියක නැගල ඇවිත් මැරතන් එකේ පළමු ස්ථානය අරන් තෑගිත් ගත්තා. පස්සේ තාත්තාගෙන් හොඳ කනේ පාරකුත් හම්බ උනා.(නදී)
ගමහරහ දුවලා නෙමෙයි, බයිසිකල් පැදලා. ඒකත් ඩබල් දාලා. (නි)
මට පෙනෙන විදියට මේ දෙන්නටත් දවසක ගම හරහා දුවන්න වෙයි (නි)
වැඩේනම් වැරදියි තමා, නමුත් ඒකත් හොඳ වැඩේ තමයි නේද? (නි)
පෙම්වතියගේ දෙමව්පියෝ දැක්කා නම් ගම හරහාම දුවගෙන යාවි. (නි)
ඇයව තරගයෙන් ඉවත් කලාට පෙම්වතාගෙන් ඉවත් කලේ නැහැනේ.(නදී)
කවුරුවත් එයාට තරගයේ නීති පැහැදිලි කරන්න නැතුව ඇති. ඒකයි (නි)
එයාලගේ අනාගතය ගැන හිතාගන්න පුළුවන්. (නි)
පෙම්වතාගේ බයිසිකලේ නැතිව වෙන බයිසිකලේක නැග්ගනන් වැරදියි. මෙතන වැරැද්දක් නැහැ. (අ)
හරිම ආශ්වාදශීලි, නැවුම් ,හාශ්‍යමය සිත් ගන්නා සුළු අවස්ථාවක්.(නදී)
ඕක තමයි කියන්නේ බොරුවට ආයුෂ නැහැ කියලා.(නදී)
ආදරේ වැඩි උනාම එහෙම වෙනවා. ජීවන සටනට දුවන කොටත් ඔයාල දෙන්නම මෙහෙම එකිනෙකට උදව් කරගනීවි කියල මම හිතනවා. සුබ පැතුම්.(නදී)
පවුනේ. ලොකු කට්ටිය ෂෝර්ට් කට් ක්‍රම භාවිතා කරද්දී මේ ළමයටත් චාන්ස් එකක් දෙන්න තිබ්බනේ (නි)
බොරුවට ආයුෂ නැහැනේ.(නදී)