පාසල් වියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා තම පෙම්වතාගේ මුදලින් ඉගෙන ගෙන රජයේ රැකියාවක් ලැබුණු පසු තමාගේ පෙමට තිත තබා අලුත් පෙම්වතෙකු සොයා ගත් රජයේ සේවිකාවකට පැරැණි පෙම්වතා විසින් රැගෙන දුන් දත් ඉදිරියට ඒම සඳහා දමා තිබූ ප්ලේට් එක ගලවා පොළවේ ගැසූ සිද්ධියක් දඹුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ස්ථානයකින් වාර්තා වේ.
මෙම රාජ්‍ය නිලධාරිනියට සාමාන්‍ය පෙළ විභාගයේ සිට සියලු විය හියදම් දරා ඇත්තේ පරණ පෙම්වතාය. මෙයට ප්‍රධාන හේතුව රාජ්‍ය නිලධාරිනියගේ පවුල ඉතා අඩු ආදායම්ලාභීන් වීමයි. ඇය පාසල් අධ්‍යාපනයෙන් පසු විශ්වවිද්‍යාලයට ගොස් උසස් අධ්‍යාපනය හදාරමින් සිටින අවදියේදී ඇයගේ දත් ඉදිරියට නෙරාගෙන එන අයුරු දුටු පෙම්වතා ඇය අවලස්සන වේයැයි සිතා ඇය විශේෂඥ වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් දත් පෙන්වා එය ඉදිරියට ඒම වැළැක්වීමට අවශ්‍ය උපදෙස් ලබාගෙන ඇත.
වෛද්‍යවරයා පවසා ඇත්තේ මේ සඳහා තමන් ළඟ දත් ඉදිරියට ඒම වැළැක්වීම සඳහා ප්ලේට් වර්ග තිබෙන බවත් රුපියල් 20,000 සිට 60,000 දක්වා වන මිල ගණන්වලට ඒවා ලබාගත හැකි බවත් පෙන්වා ඇත. පරණ පෙම්වතාගේ ආදරේ වැඩිකමත් ඉදිරි අනාගතයේ තමන්ගේ සහකාරිය ලස්සනට තබා ගැනීමට සිහින මැවූ පෙම්වතා රුපියල් 50,000 ක් වටිනා ප්ලේට් එකක් දත්වලට දමා ඇත.
අනතුරුව ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කර රජයේ රැකියාවකට ගොස් ඇත. එහිදී අතර මගදී මුණගැසුණු තරුණයකු සමඟ පෙමින් බැඳී ඇත. අනාගතයේදී ඔහු විවාහ කර ගන්නා බවට පොරොන්දුවක්ද දී ඇත. මේ අයුරින් දින සති ගෙවී යද්දී පැරැණි පෙම්වතාට තම ආදරවන්තිය වෙනත් තරුණයෙකු සමඟ පෙමින් වෙලී ඇති බව ආරංචි විය.
කෝපයට පත් ඔහු ඇය මුණගැසීමට පැමිණ ඇත්තේ ඇය සේවය කරන කාර්යාලයේ සේවයට පැමිණි පිරිස සේවය අවසන් කර නිවෙස්වලට යන අවස්ථාවේදීය. තම පෙම්වතිය දුටු ඔහු එම අවස්ථාවේ සියල්ල ඉදිරියේ සියලු දේ පවසා කටේ දත් ඉදිරියට ඒම වැළැක්වීමට දමා තිබෙන ප්ලේට් එක තමා අරන් දුන් එකක් බව පිරිස ඉදිරියේ කෝපයෙන් පවසා තමුසෙට ජීවිතයේ කවදා හරි දෙයියෝ බලයි, මම යනවා කියා පරණ පෙම්වතා යන්නට ගියේය.
කෝපයට පත් ඇය කට ඇර දත් ප්ලේට් එක ගලවා පොළවේ ගසා ඇත්තේ තම යහළුවන්ද ඉන්නා බව අමතක කරමින්ය.
දේවහුව ප්‍රසාද් ජයකොඩි
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෙම්වතාට තෑගි කළ ‘දත් වහල්ල’ පෙම්වතිය පොළොවෙ ගහලා
Pradeep Saturday, 25 July 2020 04:16 PM
මේ වගේ අවස්ථාවාදී ගැහැණියකගෙන් ගැලවීමට ලැබුණු එක ගැන අර තරුණයා සතුටු විය යුතුයි. ඇය වපුරාගත් බීජවල අස්වැන්න ඇය විසින් දවසක භුක්ති විඳිනු ඇත.
Pradeep Saturday, 25 July 2020 04:16 PM
මේ වගේ අවස්ථාවාදී ගැහැණියකගෙන් ගැලවීමට ලැබුණු එක ගැන අර තරුණයා සතුටු විය යුතුයි. ඇය වපුරාගත් බීජවල අස්වැන්න ඇය විසින් දවසක භුක්ති විඳිනු ඇත...