වෙසක් දිනය නිමිත්තෙන් වන්දනාවේ ගිය නඩයකි. නඩයට ආච්චිලාද සීයලාද, අම්මලා තාත්තලාද පේ‍්‍රමවන්තයෝද සහභාගි වී සිටියහ.
හෝමාගම සිට වන්දනා නඩය අනුරාධපුරයට ගියේ බස් රථයකිනි. අනුරාධපුරයට කිට්ටුවනවාත් සමග කැලෑබද පෙදෙසකදී බස් රථය කාර්මික දෝෂයක් නිසා නැවතුණි.
දැන් සියල්ලෝම කට්ට කරුවලේය. අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගැනීමට සිතූ එක් පෙම්වතෙක් බස් රථයේ ඉදිරි අසුනක සිට හෙමින් හෙමින් පිටුපස අසුනට ගියේ ආච්චි සමග පිටුපස අසුනේ වාඩිවී සිටි තම පෙම්වතියගෙන් හාද්දක් ගැනීමටය. වැඬේ වැරදුණි. පෙම්වතිය යැයි සිතා පෙම්වතා හාද්ද දුන්නේ ආච්චිටය. කලබල වූ ආච්චි මොකාද බොල මගේ මූණ පහුරු ගාන්නේ යැයි දත් නැති කටින් ඇහුවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ නරක වැඩ කරනවට.(ස)
හෝමාගම යමපල්ලෝ කෙල්ලන්ගේ අතින් අදිනකොට කොල්ලෝ ආච්චිලා ඉඹිනවා, මොකක්ද හෝමගම අයට වෙලා තියෙන්නේ, කැළණිය තව හොඳයි. (ස)
හි හි ...උපාලි නියමයි කතාව. (ස)
ආච්චිගෙන් හාදු දෙන හැටි ඉගෙන ගන්න තිබුනා ඉක්මන් උනා වැඩියි.(නදී).
ඔයාලට වෙන ප්‍රවෘත්ති නැද්ද (අ)
මල ජුලියයි. සීයටත් ආරංචි වෙලාද අයියේ? (නි)
වෙසක් බලනකොටවත් රාගය පසුපස දිවිමෙන් වැළකිලා ඉන්න බැරි උන්මත්තකයන් සිටින රටකි මෙය.... (නි)
උපාලිගේ කතාව නම් මල් හතයි (නි)
අනේ කලේ වනේ වාසේ කිව්වලු කොල්ලට ආච්චි කෙල්ල අදුරගන්න බැරි උනාද ??? හොද වෙලාවට මුහුණ ඉම්බේ. (ත)
සමහරවිට මෙයා ඉඹින්න යන්න ඇත්තේ ආච්චි වෙන්න ඇති,අර කොටකෙතන පැත්තේ වුණු දේවල් මතකයිනේ? (ත)
දෙන්නගෙම අවාසනාව කවදාද ආයේ එන්නේ. (නදී)
ආච්චි වුනත් මොකද හොඳට ලව් කරනවානම්..... (නි)
මොකෑ බොල තටමන්නේ, හරියට ඉඹපන්කෝ...කියලා ආච්චි කිවුවලු (නි)
ඉම්බෙ කම්මුල්ද ? දොතොල්ද? (නි)
මේවා ගොතන කතා කියල මට හිතෙනවා. (දී)
කලකට පස්සේනේ ආච්චිත් ජොලියෙන් ඉන්න ඇති නේද ? (ස)
ඔය කීවට ආච්චි සතුටින් ඉන්න ඇති.(ස)
අපරාදේ ආච්චි වෙනුවට අම්මයි ඉන්න තිබුණේ (නි)
ඕක මොකද්ද අපේ රටේ සමහර පිරිමින් කරන දේවල් දිහ බැලුවහම (ත)
විද්දේ මුවාට නමුත් වැදුනේ පඳුරට, හාදුව දුන්නේ කෙල්ලට අයියෝ රිදුනේ ආච්චිට. (නි)
"කවදද කොල්ලෝ අපි ආයේ අනුරපුරේ යන්නේ. සුදානම් කොරපන්කෝ තව ට්‍රිප් එකක්" (නි)
දැන් කාලේ පිරිම් තරුණ බාල මහලු බලන්නේ නැහැ ගෑණු කවුරුත් එකයි ආච්චිට දෙයියන්ගේම පිහිටයි.(නදී)
මේ වගේ නොහොබිනා දේවල් කරන උන්ගේ අවයවයක් කපලා දාන නීතියක් ගේන්ට ඕනෑ (නි)
හාදුව පහුරුගෑමක් වූ ආච්චිට ,එකල්හි පහුරු ගෑම කුමක් වූවා වැනිද? (නි)
පෙම්වතා බොරුව කලේ. ආච්චි බව දන්නවා. ආච්චි ලස්සනයි. (නි)
අපේ රටේ පෙම්වතුන්ට වෙනම පාර්ක් හදන්න ඕනා. එතකොට ආච්චිලා ඕවයේ රිංගන්න එන්නේ නෑ. එතකොට බස් වල ඔය වගේ දේවල් වෙන්නේ නෑ.(නදී)
ලංකාවේ සාරිය නිතිය නැති නිසා මෙහෙම වෙන්නේ. සෞදි වගේ නීති තිබුනානම් මෙහෙම වෙන්නේ නෑ. ඉක්මනට මෙහෙට ගේන්න ඕන නීති.(නදී)
මොහොමඩ් මල්ලී, සෞදි අය ගැන මෙහෙන් ඒ රටට යන ගෑනුන්ගෙන් අහලා දැනගන්න.වැඩේට අකමැති වුනාම ආපහු එන්න වෙන්නේ එක්කෝ ඉදිකටු ඇණගෙන නැත්නම් පෙට්ටියෙන් (නි)
ආච්චිගේ මුණ ඉබපු එක හොදයි. ආච්චි පවු (නි)
නෝටි කොල්‍ලා... (නි)
පිස්සුද මන්දා.ඕනෑකමින් කළාද දන්නේ නැහැ.දෙයියෝ තමා දන්නෙ ඇත්ත (නි)
ලංකාවේ හැදෙන ළමයින්ට වඩා ඉතාලි ළමයි මොන තරම් සීලාචාරද? මෙහෙටම ඇවිත් බලන්න ඕනෑ ඒ අය මොන තරම් විනයගරුක අයද කියආ. බටහිර රටාවන්ගේ නරකම පැත්ත විතරයි අපේ ළමයි අරගන්නේ. (නි)
අච්චිටි බොරුවට බනින්න ඇති. මර පෙම්වතෙක්. (දී)
ආච්චිට පහුරු ගානවා වගේ නේ දැනිලා තියෙන්නේ. ආ.? (ස)
ආච්චිටත් තරුණ කාලේ මතක්වෙන්න ඇති නේද ? (ස)
කිරි අම්මේ...... කැරපොත්තෙක් දුවනවා ඇති. (ස)
සොරි ආච්චි. අයි විල් සි යු හෙට. (නි)
වේලාසනින් කෙල්ලව ළඟට ගෙනත් තියාගන්න තිබුණානේ. (ස)
ආච්චියේ පෝච්චියේ වතුර නටනවා .. ආච්චිගේ මූණ කන්න පූසි අඩනවා. (නි)
හොඳට රැවුල කපල හිටියනම් ආච්චි එහෙම කියන එකක් නැහැ.(ස)
සුද්දෙකුයි, ජර්මන් කාරයෙකුයි කෝච්චියේ යනවා එක සීට් එකේ ළඟ ඉඳගෙන. ඉස්සරහ සීට් එකේ මේ ගොල්ලන්ගේ ආසනයට මුහුණලා ඉඳගෙන හිටියේ ආච්චි කෙනෙකුයි තරුණියකුයි. කෝච්චිය බිංගෙයක් මැදින් ගියා ලයිට් නැතුව කළුවරේ. චටාස් ගාලා තද කම්මුල් පාරක සද්දයක් ඇහුනා. ඊට පස්සේ සියල්ල නිශ්ශබ්දයි. ආච්චි හිතනවා 'මුන් දෙන්නගෙන් එකෙක් කෙල්ලව ඉඹින්න ගිහින් හොඳ කම්මුල් පාරක් කන්න ඇති' කියලා. තරුණිය හිතනවා 'මුන් දෙන්නගෙන් එකෙක් මාව කියලා ආච්චිව ඉඹින්න ගිහින් හොඳට කෑවා' කියලා. සුද්ද හිතනවා 'මේ ජර්මන් කාරයා කෙල්ලව ඉඹින්න ගිහින් කෙල්ල ඌට ගහපු පාර අහක හිටපු මටයි වැදුනේ' කියලා. ජර්මන් කාරය හිතනවා 'හිටපන්කෝ ආයෙත් බිංගෙයක් එනකල්. සුද්දෝ අපට කෝචෝක් දානවට දෙන්නම් උඹේ අනික් කම්මුලත් ඇදවෙලා යන්න' කියලා. (නි)
මම හිටන්නේ අර හාද්ද දීපු කොල්ලගේ මුනේ කුරුලෑ ඇති. ඒකයි ආච්චිට පහුරු ගානවා වගේ දැනිලා තියෙන්නේ. සුමුදු සමකින් හාද්ද දුන්නා නම් ආච්චිත් ඔහේ ඉන්නවා. කවුද අකමැති හාදු වලට? (නි)
එහෙනම් රැවුල කපලත් නැතිව ඇති එකනේ පහුරු ගානවා වගේ දැනිල තියෙන්නේ. (ස)
අම්මේ අම්මේ පුසා බඩ උඩ කිවුවලු ... කමක් නැහැ පුතේ ඒ ආදරේට, අම්ම කිවුවලු (නි)
අයියෝ කොල්ලෝ (දී)
වෙලාවට ආච්චි ඉඹලා තියෙන්නේ...කෙල්ල ඉම්බා නම් වැඩේ දෙල් වෙන්න තිබුනා..... :) (නි)
කෙල්ල වැඩි කල් ලව් කරන එකක් නැතිවෙයි. මොකද පහුරු ගාන හාදුවලට කව්ද කැමති? (නි)
හොද වෙලාවට හාද්දක් ගන්න විතරක් හිතුනේ වෙන මොකක් හරි හිතුනනම් මල ජුලියයි නේද වෙන්නේ ඒ අයියට?(ස)
මූණ ඉඹල විතරද? පව් කොල්ලා.පොඩි එකානේ... (නි)
කපන්න රැව්ලක් තීන්න ඕනෑනේ.දැන් හැදෙන කොල්ලන්ට රැවුල වැවෙනවද? (නි)
මේ කෙනා ඉඹල ඇත්තේ කම්මුල. එයාට දෙන්න තිබුනේ කිස් එකක් ආච්චිගේ දත් නැති කටට. (නි)
අහෝ සෙනරත්! දත් නැති කට මට පෙන්නාලා....අපේ ආච්චි හිනාවෙලා...අපේ ආච්චි හැඩකාරි...සෙනරත් අඩවාවී// සෙනරත් නළවාවී....// අපේ ආච්චි... (නි)
ආච්චි පහුරුගානවා කියලා තියෙන්නේ ලජ්ජාවට අනේ (නි)
ආච්චි එහෙම අහද්දී කොල්ලා හිමින් සීරුවේ මාරු වුණාලු (නි)
ආච්චිට පන්සිල් පදයක් ගැන මතක් වුණාලු. ඒක බොහොම අමාරුවෙන් අමතක කළාලු (නි)
ආච්චි නියම විදියට කෙල්ලව ආරක්ෂා කරලා තියෙනවා. නියමයි ආච්චියෙ ඔයා (නි)
අපේ ගමට අවමන් කරන්න එපා. හෝමාගම කියන්නේ ලංකාවේ හොදම ගමක්. (නි)
වෙසක් කාලෙට හද හොදටම ආලෝකමත්ව තියනවා. ඉතින් කැලේ නෙමේ කොහේ ගියත් හොදට පේනවා. අනික අද හැමෝම ලග ජංගම දුරකටන තියනවා . දුරකටන වලින් යව්වනයෝ මුණු පොතේ හැම වෙලාවේම ඉන්නේ .මට හිතාගන්න බැහැ දෙන්නව කොහොම මාරු වුනාද කියලා.(ස)
ආච්චිගේ මුහුණ ඉඹිනවා කෙල්ල දකිනවා ආච්චි දකින්න ඇති. ඒක වෙන්න ඇති කෑ ගැහුවේ (නි)
මේ කොලුවා මෝඩ පෙම්වතෙක් වගේ. චෝකලට් කටේ සුවඳයි බුලත් හපේ දුන්කොල කටේ සුවඳයි අඳුන ගන්න බැරි පෙම්වතෙක්. මට දුකයි අර කෙල්ල ගැන.බලාගෙන නගෝ රැව්ල තිබුනට පවුල අඳුන ගන්න බැරි බාලයෙක් මේකා. යවන්න හෝඩියේ පන්තියටම. (නි)
ගොරෝසු හමක් තියෙන ආච්චිටත් පහුරු ගානවා වගේ දැනුනා නම්, අහිංසක කෙල්ලට මොනවා වගේ දැනේවිද? මු (නි)
පිටිගල ලොක්කෝ පිස්සු කතා කරන්න එපා. (ස)