IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පෙම්වතිය ‘සිහින පෙම්වතා’ සොයා මහරෑම ගෙදරින් පැනලා

(කෑගල්ල අධිකරණ – චමින්ද වැවතැන්න)
සිහිනෙන් තම පෙම්වතා දුටුවා යැයි පවසා තරුණියක ඉකුත් දිනක මධ්‍යම රාත්‍රියේ තරුණයකුගේ නිවෙසකට ගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධ පුවතක් කැගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල නගරයට මදක් දුරින් පිහිටි ගමකි. මෙම ගම්මානයේ වයෝවෘද්ධ යුවළක් තම නි​ෙවසේ පදිංචිව සිටිති. මෙම යුවළගේ දරුවන් විවාහ වී වෙන වෙනම නිවාස තනාගෙන පදිංචිව සිටින අතර මහ ගෙදර ආසන්නයේ බාල පිරිමි දරුවා බිරිඳ දරුවන් තිදෙනා සමගද පදිංචිව සිටියි.


අසල නි​ෙවසේ පදිංචි සියා ආච්චිගේ තනි නොතනියට පියාගේ කීමට අනුව 20 හැවිරිදි තරුණිය මාස කිහිපයක සිට ඔවුන්ගේ නිවසේ රැය පහන් කරන්නීය. සවසට මව උයා පිහා දෙන කෑම ටිකත් රැගෙන සීයා ආච්චිගේ නි​ෙවසට යන තරුණිය අල්ලපු ගමේ 24 හැවිරිදි තරුණයකු සමග මීට මාස කිහිපයකට ඉහතදී ගමේ කඩේ අසලදී දැන හැඳුනුම්කමක් ඇතිකර ගත්තාය. සිය ආදර සම්බන්ධතාව සීය ආච්චිටත් මව්පියන්ට හොර රහසේ පවත්වාගෙන තරුණිය පසු ගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් ලැබූ තරමක් සුරූපී තරුණියකි.


තරුණියට සිය පෙම්වතා හමුවූ මුල් කාලයේ සිටම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ දිනකට දෙතුන් වතාවක් සීයා ආච්චිගේ නිවසේ සිට ආදරය ප්‍රකාශ කරමින් දිවි ගෙවන්නට වූවාය. මෑතක සිට තරුණිය පෙම්වතාට දිනකට හත් අට වතාවක් ඇමතුම් ගෙන දුරකථනයේ එල්ලීගෙන මිනිත්තු 30 ක් 40 ක් කතා බහ කරන්නීය. තරුණිය දින කිහිපයකම සිට ආච්චි සීයාගේ ගේ දොර අතු ගා පිරිසුදු කිරීමද පසෙකලා පෙම්වතා සමග දිවාරෑ පෙම්බස් දොඩවන්නට වූවාය. තරුණයා ලද සෑම අවස්ථාවකදීම පෙම්වතියට කතා බහ කොට දුක සැප විමසන්නේය. පෙම්වතාට වඩා පෙම්වතිය ආදරයේ උච්චතම අවස්ථාවට පැමිණ සිටින අවස්ථාවේ දී ඉකුත් දිනක රාත්‍රී තරුණිය තද නින්දට වැටුණාය. නින්දේ දී තරුණිය සිය පෙම්වතා සමග දුරකථනයෙන් කතා බහ කරන අයුරු සිහිනෙන් මිනිත්තු ගාණක් තිස්සේ දුටුවාය.


සිහිනය අවසානයේ අවදි වූ තරුණිය සිය පෙම්වතාගේ දුරකථන අංකයට ඇමතුමක් ගත්තාය. ‘මට විනාඩි කිහිපයක් සිහිනෙන් අපි දෙන්නා කතා බහ කර කර ඉන්නවා පෙනුණා. මට දැන් ඔයා බලන්නේ නැතිව ඉන්න බෑ. දවස් කිහිපයකින්ම ඔයා දැක්කෙත් නෑ. මම දැන් ඔයාලාගේ ගෙදර එනවා ඔයා බලන්න. මිදුලට ඇවිල්ලා ඉන්න’ යැයි තරුණිය තරුණයාට හෙමින් පැවැසුවාය. මහ රෑ මව්පියන් දැන ගත්තොත් ඉවරයි යැයි සිතූ තරුණයාද කාමරයේ ජනේලයෙන් පැන මිදුලට පැමිණියේය.


ආච්චිටත් සීයාටත් හොරෙන් එළියට පැන ගත් තරුණිය ගුරු පාර දිගේ තරුණයාගේ නි​ෙවසට දුරකථනයේ විදුලි එළියෙන් යන්නට පිටත් වූවාය. විනාඩි කිහිපයකින් තරුණයාගේ නිවසට ගියාය. විනාඩි ගණනාවක් සිය පෙම්වතා සමග කතා බහ කළ තරුණිය ආපසු හනිකට නි​ෙවසට යාමට සුදානම් වූවාය. පෙම්වතා පසුව සිය තරුණ පෙම්වතිය අතින් අල්ලාගෙන ආච්චි සීයා පදිංචි නි​ෙවසට ගෙනත් ඇරලවා ගොස් ඇතැයි ද වාර්තා වෙයි.



අදහස් (2)

පෙම්වතිය ‘සිහින පෙම්වතා’ සොයා මහරෑම ගෙදරින් පැනලා

Bamunuarachchi Saturday, 25 September 2021 08:38 AM

මෙහෙම කරපු ආගමික නායකයෙකුත් මතක් වෙනවා ...

:       2       0

fairoos Sunday, 26 September 2021 12:02 PM

මේ සතියේ දෙයියෝ සාක්කි ඔක්කොම කෑගල්ලෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 783 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site