(මහියංගන රංජිත් කරුණාවීර)
කාර්යාල පුහුණුව සඳහා ගිය තම පේ‍්‍රමවන්තිය කාර්යාලයේ තරුණයකු සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් පටන්ගැනීම හේතුවෙන් උරණ වූ මුල් පේ‍්‍රමවන්තයා කාර්යාලය තුළටගොස් නව පෙම්වතාට පහරදීමේ සිද්ධියක් මහියංගන ප‍්‍රදේශයේ රජයේ කාර්යාලයකදී පසුගියදා වාර්තා වූ අතර, ගුටි බැට හුවමාරුවෙන් නව පෙම්වතාට රෝහල් ගතවන්නට සිදුවී ඇති අතර, මේ වන විටත් ඔහු මහියංගන මූලික රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සැකෙවින් මෙසේය.
මහියංගන රජයේ කාර්යාලයේ පුහුණුව සඳහා තරුණියක් පැමිණ ඇති අතර, එසේ පැමිණෙන විටත් මිනිපේ ප‍්‍රදේශයේ තරුණයෙකු සමඟ පේ‍්‍රම සම්බන්ධයක් තිබී ඇත. ටික කලකින් ඇය කාර්යාලයේ තරුණයකු සමඟ පේ‍්‍රම සම්බන්ධයක් ආරම්භ කර ඇති අතර, මේ සම්බන්ධය ගැන පැරැුණි පේ‍්‍රමවන්තයාට වටින් ගොඩින් ආරංචි ලැබී ඇත.
මේ ආරංචිවලින් කෝපයට පත් පැරැුණි පේ‍්‍රමවන්තයා පසුගිය දින මහියංගන රජයේ කාර්යාලයට කාර්යාල වේලාව තුළදී කඩාවැදී තම පෙම්වතියගේ නව පේ‍්‍රමවන්තයාට යතුරුපැදි හෙල්මටයෙන් පහර කිහිපයක් ගසා ඇත. රණ්ඩුව බේරීමට ගිය කාර්යාලයේ අනෙකුත් කාර්යාල නිලධාරීන්ට ද ඔහු පහර දෙන්නට පටන් ගැනීම හේතුවෙන් කාර්යාල සේවකයින් එක්වී මුල් පෙම්වතාට හොඳටම පහරදී ඇත.
මෙම ආරවුල සම්බන්ධයෙන් මුල් පෙම්වතාගේ නිවසට ආරංචිවී ඇති අතර, පොලිස් නිලධාරියෙකු වූ ඔහුගේ පියා පැමිණ තම දරුවා රැගෙනගොස් ඇත.
එම කාර්යාලයේ නිලධාරීන් මහියංගන පොලිසිය වෙත සිද්ධිය පැමිණිලි කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විටත් සිදුකෙරේ.
එම කාර්යාලයේ ප‍්‍රහාරයට ලක්වූ තරුණ නිලධාරියා ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා මහියංගන මූලික රෝහලට ඇතුළත් වී ඇති අතර, පහරදීම සිදු කළ පෙම්වතා ද කාර්යාලයේ නිලධාරීන් තමාට පහර දුන් බව පවසමින් රෝහල්ගතවී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධික තණ්හාව නිසා මෝඩකම, මුලාව ඇතිවේ. මෙහි ඇත්තේ ප්‍රේමය නොව අධික තණ්හාවයි. මෙවැනි අයට ප්‍රේමවන්තයන් කීම වැරදිය.(ම)
මේ දන්නවද ? මේ දෙදෙනා ගහගන්න අතරේ පෙම්වතිය කැන්ටිමේ අලුත් "ලව් " එකක්ලු. (නදී)
කැකුලි පොජ්ජ මන්ද වෙන්න කියල කොලු පොජ්ජ මන්ගච්චනෝ නම් කොදුඉ. (ස)
යන එකාට යන්න දීල වෙන කෙනෙක් හොයාගන්න (බ)
හිත ගිය තැන මාළිඟාව (නි)
බොරුවට මරාගන්නේ නැතුව ෂෝක් එකට බේරාගන්න තිබුන ප්‍රශ්නයක්නේ (නි)
ප්‍රේමති ජායති සෝකෝ මේක සාධාරණ හැගීමක් එත් යථාර්තය තේරුම් ගත යුතුයි. ඇබිලිපිටිය සිදුවීම වලට මුල මේ මෝඩ කෙල්ලෝ අපරාදේ අහිංසක කොල්ලෝ මරාගන්නවා (ම)
කොහොමද වැඩ? (නි)
මෝඩ කොල්ලා...! (නි)
පීරිස්, ගැළපෙන්නේ නැත්නම් සාමකාමීව වෙන්වෙන එක නේද හොඳ? (නි)
මම හිතන්නේ ශාන් මේ පුවත් දකිනකොට පිටබැද්දර ජයාට නැවුම් අදහස් ජයට පහළ වෙනවා වගේ. බවලතුන්ගේ සංඛ්‍යාත දත්තත් සොයාගෙන තියෙන්නේ. (නි)
"ඒක් පූල් දෝ මාලි " කියන්නේ ඕකට තමයි. එක මලයි බමරු දෙන්නයි.(නදී)
පිටබැද්දර ජයා, ඔයා බැදලද? (බ)
" ප්‍රේමයෙන් මන රන්ජිත වේ.... නන්දිත වේ...... " කිව්වට ගුටි කන්නත් වේ.......... අහෝ ප්‍රේමය...... (ම)
මේවගේ සිදුවීමක් නිසා තමයි මේ ළඟදි උඩවලව ප්‍රදේශයේ මිනි මැරුමක් සිද්ද වුනේ (අ)
ඔය කියන පළමු පෙම්වතා දාමරික කෙනෙක් බව පේනවා නේද. එහෙම කෙනෙක් ගෙන් වෙන්වීම නේද හොඳ. ආදරය හිතේ පිරුන අය කාටත් කරුණාවන්තයි. හතුරෙක්ට වත් නපුරක් කරන්නේ නැහැ. රාගයෙන් අන්ධ වුන මෝඩයන්ව අතහරින්න හැම කෙල්ලටම ධෛර්යය ලැබේවා. (බ)
මෝඩ යක්කු... අද කාලේ කෙල්ලොන්ගේ හැටි දැනගෙන ආදරය කරාම ප්‍රශ්න නෑ.. කෙල්ලෝ නිසා ගහගන්නවා තරම් මෝඩ වැඩක් තවත් නෑ.. (ස)
දකින දකින කොල්ලෝ එක්ක යාලුවෙන අයට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. අනික ඒ අලුත් කොල්ලත් දැන ගන්න එපැයි වෙන එකෙක් දලා තමන් එක්ක ආව ගෑනි තව එකෙක් එක්ක නොයා ඉඳීයිද? (නදී)
මගේ පුංචි රෝසමලේ මමයි ඔබේ පළමු පෙම්වතා - ඔබ හීනෙන්වත් නොදකින සැබෑ පෙම්වතා. (නි)
"නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන" (නි)
මෝඩ මිනිහා, ගැහැණු හතර දෙනෙකුට එක කොල්ලයි කියල වාර්තාවක් දැක්කා. එහෙමත් එකේ යන එකාට යන්න දීල වෙන අතක් බැලුවනම් කොල්ලෝ උඹ ගොඩ ! (නදී)