කරන්දෙණිය එම්. සුසිල් පි්‍රයන්ත
සිය පෙම්වතියගේ මවගේ කැමැත්ත ගැනීමට නිවෙසට පළමු ගමනම අවසාන ගමනත් කර ගත් පෙම්වතකු පිළිබඳ අපූරු පුවතක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
මේ මවත් දුවත් වාසය කළේ මිතුරියන් දෙදෙනකු පරිද්දෙනි. දෙදෙනාම හරියට දිස් වූයේ අක්කා නගෝ මෙනි. දුවව පරයා යන සේ මව රූ සපුව පවත්වාගෙන යාම නිසා දුවත් අම්මාත් දෙන්නාම පෙනුණේ හෙට අනිද්දා දීගෙට යන ගැටිස්සියන් මෙනි.
දුව නගරයේ ගැටයකු සමග හාදකමක් පවත්වන බව මව දැන ගත්තේ කටකතා මාධ්‍යයෙනි. දුවගෙන් එය සාක්ෂාත් කරගත් මව් තුමිය ඇයගේ පෙම්වතාට නිවසට එන්න යැයි ඇරියුම් කළේ තමාත් ප්‍රේම සම්බන්ධයකින් දීග කන්න ආ බව පසක් වීමෙනි.
මවගේ මෙම ආරාධනයෙන් පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිය දුව මේ ගැන සිය පෙම්වතාට දැන්වූවාය.
සිය නිවෙසට ඒමට අදිමදි කළ පෙම්වතා කෙසේ හෝ සිය නිවෙසට ගෙන්වා ගැනීමට ඇය නිරන්තර උත්සාහයක යෙදුණාය. එය මල් පල ගන්වමින් පෙම්වතා ඇයගේ නිවෙසට ඒමට දිනයක් දුන්නේය. මේ දිනය එන තෙක් දියණිය සිටියේ අතේ ඇඟිලි ගැන ගැනය.
ඒ අනුව පෙම්වතා සිය අතිජාත මිතුරකු සමග දඩු මොනරා පිටෙන් පෙම්වතියගේ නිවෙසට ඒමට පිටත් විය.
සිය පෙම්වතා එන පෙරමගට ගිය පෙම්වතිය ඔහුත් මිතුරාත් පිළිගත්තේ ඉතා උණුසුම් අයුරෙනි. මව නිවෙසේ නොසිටි නිසා ඔවුන් දෙදෙනාටම වාඩි වීමට අවසර ලැබුණේ නිවසේ ඉස්තෝප්පුවේ පුටු දෙකකය.
කෝ අම්මා යැයි පෙම්වතා ඇසූ සැනින් පෙම්වතිය කීවේ අනාගත බෑනාට රසට කන්න කෙටි කෑම ගේන්න කඩ පිලට ගිය බවය.
දුර තියාම අම්මා එනු දුටු දුව අන්න ඔයා බල බල හිටිය නැන්දම්මා එන බව පෙම්වතාට කීවාය. ඒ දෙසට දෙනෙත් යොමු කළ පෙම්වතාත් ඔහුගේ මිතුරාත් කලබලයට පත් වූහ.
මේ අපට හදිසි ගමනක් දැන් යන්න තියෙනවා යැයි කියමින් ඔවුන් දෙදෙනා යතුරු පැදියේ නැගී ගියේ පෙම්වතියද් අන්දුන් කුන්දුන් කරවමිනි.
දුවේ කවුද අරුන් දෙන්නා යයි පිම්මේ යතුරු පැදියෙන් ඉගිලෙන තරුණයන් දෙදෙනා දුටු මව ඇසුවාය.
අම්මේ අර ඒ එයාලා තමයි කී දුවට තවත් කතා කරන්න ඉඩ නොදුන් අම්මා ඒ ඔයාගේ එයා ද? නියම බඩුව මට පාරෙ දී කැත විහිළු කරලයි දෙන්න ආවේ. මම එනකන් හිටියනම් දෙනවා කොසු පහර... යයි මව කීවේ ඔය සම්බන්ධය ඔතැනින්ම නතර කර ගන්න යැයි දුවට අවවාද කරමිනි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෙම්වතියගේ ගෙදර එන අතරේ පෙම්වතා අම්මාටත් ලයින් දාලා