(සුජීව එදිරිසිංහ)
තම පෙම්වතියගෙන් චොකලට් එකක් තෑගි ලැබුණ පසු ඒ වෙනුවෙන් ඇයට කෙසෙල් ගෙඩි ඇවරියක් ඔතා දීමේ පෙම්වතකු පිළිබඳ පුවතක් මධ්‍යම පළාතෙන් වාර්තා විය. මෙකී පුද්ගලයා වෙළෙඳසලක සේවය කරන අයෙකි.
ඔහුගේ පෙම්වතිය සෑම දිනම පාහේ මොහුට යම් යම් දේවල් තෑගි ලෙස ලබා දෙන්නේ ඇය යමක්කමක් ඇති පවුලක තරුණියක් නිසාය. එහෙත් මෙම තරුණයා වෙළෙඳසලක සේවය කරන නිසා ඔහුට ඇයට තරම් මුදල් තිබුණේ නැත.
මොහු අත මුදල් නොමැතිම අවස්ථාවක සිය පෙම්වතිය ඔහුට තරමක් ලොකු චොකලට් එකක් තෑගි ලෙස ලබා දුන්නාය. නමුත් මෙම අවස්ථාවේ මෙකී තරුණයා අත මුදල් නොමැතිවීම නිසා තමා සේවය කළ වෙළෙඳසලේ තිබූ හොඳින් ඉඳුණු ඇඹුල් කෙසෙල් ගෙඩි ඇවරියක් කපා යහමින් ඔතා තරුණියට පරිත්‍යාග කළේය. ඇය ද සිත සතුටින් පෙම්වතා දුන් ත්‍යාගය රැුගෙන ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජෝඩුව ආදරය කළාට හරියට දෙන්නට දෙන්නා අඳුරන්නෙ නැහැ වගෙයි පෙනෙන්නේ. නැත්නම් ගැහැණු ළමයා චොක්ලට් දෙන්නෙත් නැහැ. පිරිමි ළමයා කෙසෙල් දෙන්නෙත් නැහැ. දෙන්නට දෙන්නා දෙන්නගෙ තත්වය දන්නවා නම් දෙන්නම ඔය බොරු තෑගි හුවමාරුව පැත්තක දාලා කීයක්හරි ඉතුරු කරගන්නයි බලන්නේ. මේ මඟුල හරියන එකක් නෙමෙයි. (නි)
කෙසෙල් චොක්ලට් වලට වඩා මොනතරම් ගුණ දෙයක්ද? (නි)
අන්න නියම ජෝඩුවක් (නි)
අපෝ! බාලම එක්කෙනා ගැන කියපු දේවල් නම් සහතික ඇත්ත. මගේ නෝනාගේ නංගි ඔය වගේ. එයාට ඉස්තරමින් හැම දෙයක්ම ඕනෑ. බලන්නෙම ලෙහෙසියයි පහසුවයි. ගෙදර වැඩට පුදුම කම්මැලිකමක්. බොහොම අමාරුවෙන් අපි විවාහයක් කරලා දුන්නා. බැඳපු දවසේ ඉඳලා අද වෙනකන් චුරු චුරුව. අයියෝ අපිට එපාවෙලා තියෙන්නේ. (නි)
දැන් කසාද බඳින්න ගැහැණු ළමයෙක් හොයන එක තම අරුමේ. පළවෙනියට තියෙන්නේ නායකත්ව හුරුව, දෙවෙනියා හිතුවක්කාරී , තුන්වෙනියා බොහෝවිට ..... (ඒ ගැන කතාකරලා වැඩක් නැහැ),බාලම ළමයා හරිම කම්මැලියි. (නි)
ඒක හොදයි.(හේ)
නිහාල්, සුද්දෝ මල් දෙන්නේ එයාල ගාව ගඳ හින්ද . (ස)
චන්න කියපු කතාව සහතික ඇත්ත. මගේ බාලම නැගණිය ගෙදර ඉන්න දවස්වල මෙලෝ වැඩක් කරන්නේ නැහැ.දැන් ළමයි තුන් දෙනෙක් ඉන්නවා. කොහොම කොහොම හරි කරගෙන ඔය ඉන්නේ. (හේ)
සමහර පෝසත් කෙල්ලෝ දුප්පත් කොල්ලන්ගේ ආදරේ අරන් එයාලව දාල යනවා. (බ)
මේ වගේ දේවල් වෙන එක පුදුමයක් නොවේ.(ම)
ලේසියෙන් නඩත්තු කරන්න පුළුවන් නෝනා කෙනෙක් ගත් කෙනා දිනුම්. සමහර නෝනලාට මොනවා දීලත් සතුටු කරන්න බැහැ. මම පොඩි රහසක් කියන්නම් බඳින්න ඉන්න තරුණ මල්ලිලාට. විවාහ වෙනකොට පවුලේ බාලම ගෑනු ළමයා බඳින්න තෝරා ගන්නකොට දෙපාරක් හිතන්න. ලංකාවේ සාමන්‍යයෙන් පවුලේ බාලම ගෑනු ළමයා උදේ තේ එකේ සිට අතට දීලා හැමදෙයක්ම ඉල්ලු සැණින් ලැබිලා පුරුදු වුණ කට්ටිය. එහෙම කෙනෙකුට ගෙදරක වගකීම ගන්න පුරුදු වෙන්න කල් යනවා. හැමදෙටම් ඔරොත්තු දෙන ගෙදරක වගකීමෙන් හිටපු ගැහැණු ළමයෙක් තෝරාගත්තා නම් ගොඩේ ගොඩ. (නි)
පෙම්වතාට යමක් තේරිලා ! (නි)
තෑගී භෝග දීලා පුරුදුකරගෙන රඟේ තේරෙන්නේ බැන්දාට පසුව. ඊළඟට හැම මාසෙම සාරි, සපත්තු, අත් බෑග් විතරක් නෙවෙයි මඟදී තේ එකක් බොන්න ගියත් හිල්ටන් එකෙන්ම ඒකත් ඕනෑ. අපේ යාලුවෙකුට වෙච්ච දෙයක් මේ. මම නම් තෝරාගත්තේ අද හිල්ටන් එකෙන් කාලා හෙට සයිවර් කඩෙන් කන්න සූදානම් නෝනා කෙනෙක්. (නි)
මාර අදහස්නේ දාන්නේ අපේ කට්ටිය. ඇත්තටම කාට වුණත් යමක් ඉගෙනගන්න පුළුවන් දෙයක් ලියන එක ගැන ස්තුතියි. (නි)
රස්සාවක් එහෙම හොයාගෙන සල්ලි ටිකක් හම්බකරගෙන ඕවා කරගත්තම ජීවිතේ හරි සුන්දරයි. ඒ එකක්වත් නැතුව මඟුල විතරක් කරගත්තම ජීවිතේ හරිම අසුන්දරයි. දෙන්නට දෙන්නත් එපා වෙන්නේ නැති වැරදි පේන්නෙ එතකොට තමයි. (නි)
කිසියම් ස්ථාවරයක් හදාගෙන ආදරය කරන්න ගත්තා නම් මීට වඩා කොන්ද කෙළින් තියාගෙන ආත්ම ගෞරවයත් රැකගෙන ආදරය කරන්න තිබුනා. තරුණ ළමයි තමන්ගේ වටිනාකම තමාටවත් තේරන්නෙ නැති කාලේ ආදර පොරොන්දු දීලා විහින් අමාරුවෙ වැටෙනවා. (නි)
පෙම්වතිය දෙමාපියන්ගේ මුදල් වලින් චොක්ලට් තෑගි කළා නම් වැඩක් නැහැ.පෙම්වතා කෙසෙල් ඇවරිය දුන්නේ මුදලාලිට හොරෙන් නම් ඒ තෑග්ගෙනුත් ඇති වැඩක් නැහැ. (නි)
අවංක ආදරය හා අවංක හදවත් ගැන පමණක් හිතලා ආදරය කරලා බැඳපු මඟුල් තමයි ඉක්මනටම කැඩෙන්නේ. ඒනිසා ආදරය අවංක වියයුතුයි. ඒ වගේම ගැළපෙන්නත් ඕනෑ. නැත්නම ප්‍රශ්න ඇතිවීම වළක්වන්න බැහැ. (නි)
අවංක ආදරය ඇතිවන්නේ අවංක හදවත් තුළයි. දෙන තෑග්ග අනුව ආදරය මනින්න නොහැකියි. (නි)
සුද්දෝ දෙන්නේ නම් මල් පොකුරු. (නි)
යාළුවෙලා ඉන්න කාලේ කෙසෙල් ගත්තාට ඕවා තමයි බැන්දට පස්සෙ ප්‍රශ්න වෙන්නෙ. නොගැළපෙන දීග කරගන්න එක දුප්පත් පොහොසත් දෙපැත්තටම නරකයි. තවත් එක් නඩත්තු හෝ දික්කකසාද නඩුවක් එකතු නොකර දැන්මම ගැළපෙන අතක් බලාගන්න කියලා තමයි පුතේ කියන්න තියෙන්නේ. මේවා කියන්නේ අත්දැකීමෙන්. (නි)
සොපී, තරුණ කාලේ ආදරය කළා නම් ඔහොම කියන්නේ නැහැ. වැඩිහිටි වුණාම නම් වෙනස්. අජිත් කිව්වා වගේ එකක් "සුද්දිලාගේ කතා" වේ තියෙනවා. (නි)
මම නම් ඒ කාලේ තෑගි දෙනවට කැමතිම නැහැ. අතේ සතේ නැහැනේ. ඒ ආදරය හරිම රසවත්. (නි)
චොක්ලට් හෝ කෙසෙල් හෝ වැදගත් වෙන්නේ නැහැ.ඒවා නිකම් තුටුපඩුරු පමණි. වැදගත් වෙන්නේ අවංකවූත් අකලංකවූත් ප්‍රේමය පමණි!! (නි)
පෙම්වතිය හොඳ මනුෂ්‍ය දුවක් වගේ.දෙන ලද තෑග්ග සතුටින් රැගෙන ගියා කියන්නේ ........? අද කාලේ අහන දකින දේවල් වල හැටියට, අද සමහරු කෝටිපතියන් වුණත් දරුවන්ට ආදරය කරන ගැහැණියක් ,පිරිමියෙක් නොවේ සොයන්නේ.මුල් තැන දෙන්නේ දෑවැද්දට.දෑවැද්ද තියනවා නම් ඕනෑම කුණුගොඩක් කරගහන උදවියත් ඕනෑතරම් ඉන්නවා (නි)
විටමින් පිරි තෑග්ගක් දීලා තියෙන්නේ (නි)
මට මතක් වෙනවා මම ආදරය කරපු කාලේ, මම ගැහැණු ළමය බලන්න යනකොට සීනි කිලෝ එකක් ගෙනියනවා. ඉතින් එනකොට රුපියල් විස්සකුත් දීල තමි එන්නේ මොකද ලියුම් එවන්න මුද්දර ගාස්තු. අපේ කාලේ mobile තිබුනේ නැහැනේ sms එවන්න. හරිම රසවත් ලිපි කියවනකොට. දැන් ලමින්ට ඒ අත්දැකීම ලැබෙන්නේ නැහැ. විනය, සන්ග්යමය, ලජ්ජා බය, කවිය, පදවහර වගේ දේවල්.
තෑග්ගක වටිනාකම තියෙන්නේ එහි මුල්‍යමය වටිනාකම නොවේ. දෙන හා ගනු ලබන අයගේ සිතේ ඇතිවන ප්‍රබෝධයයි. (ර)
දුප්පත් කොල්ලෙක්ට පෝසත් කෙල්ලෙක්ට ආදරය කරන්න මේ එක මිනුම් දණ්ඩක්වත් අදාළ නැහැ , හොඳ හිත මිසක (බ)
තමන්ගේ ආර්ථික තත්වයට ඔරොත්තු දෙන සහකාරියක් තෝරාගත්තේ නැති නම් මේ වගේ දේවල් හැමදාම සිද්ධ වෙන්න පුළුවන්. (බ)
උඩ අතු අල්ලන්න ගියාම ඉතින් මෙහෙම අපහසුතා ඇති වෙනවා. . (ම)
විටමින් පිරි තෑග්ගක් දිලා තියෙන්නේ (ම)