වැසිබර සැන්දෑවක් වූ එදිනද නගරයේ සති පොළ දිනයක් වූ බැවින් නගරාන්තර මගී සේවා බස්රථවල පොල් පැටවූවාක් මෙන් අතුරුසිදුරු නොමැතිව මගීහු පිරී ඉතිරී සිටියහ. නගරයට ආසන්න ගම් නියම්ගම්වල වෙසෙන ජනයා නගරයේ සතිපොළ කරා පැමිණ තම තමන්ට අවැසි කරන බඩු බාහිරාදිය රැගෙන යාම කවදත් කෙරෙන සිරිතක් බැවින් දෑතින්ම බඩුමළු රැගත් මගී ජනයා බස්රියට ගොඩවී වහින්නට පෙර තම නිවෙස් කරා යාමට යුහුසුළු වූ බවක් දක්නට ලැබුණි.
බස්රථයේ පාපුවරුවේ පවා තදබද වී සිටි මගීන් රිය තුළට නංවා ගත් කොන්දොස්තරවරයා සීනුව හඬ නැගුමෙන් බස්රිය ගමනාරම්භ විය. අතරමගදී දිගින් දිගටම හමුවෙන බස්රථ ගාල්වල මගීන් බස්සවා තරමක වේගයෙන් බස්රිය ධාවනය වන අතරතුර මාර්ගය හරහා දඩාවතේ යන බල්ලෙක් පැනීම නිසා ඌ බේරීමට රියදුරා තිරිංග තද කළේ බස්රථයේ වේගය අඩු කරන පිණිස කිසිවෙක් බලාපොරොත්තු නොවූ ලෙසිනි.
මෙම හදිසි ‘‘බ්‍රේක් පාර’’ නිසා හිටගෙන අඩමානෙට සිටි මගීන් වාඩිවී සිටි මගීන්ගේ ඇඟට වැටුණ අතර පිටුපස දොරටුව අසල රැඳී සිටි තරුණියකගේ අත අතහැරී බස්රියෙන් ඉවතට විසිවීමට ‘‘ඔන්න මෙන්න’’ කියා සිටියදී ඇය අසල සිටි තරුණයෙක් ඇගේ අතින් තරයේ අල්ලා ඇය බස්රිය තුළට ඇදගත්තේ බලවත් ආයාශයෙනි.
ඒ සමගම එම තරුණයාගේ කම්මුල හරහා එහි සිටි තවත් තරුණයෙකුගෙන් ‘‘චටාස්’’ ගා වැදුණ කනේ පාරෙන් එම තරුණයාගේ දෑස් නිලංකාර විය. තම පෙම්වතිය බසයෙන් නොවැටී අනූනවයෙන් ඇය බේරාගත් තරුණයාට ඔහු පැවසුවේ වනචරකමට තම පෙම්වතියගේ අතින් ඇල්ලූ බවකි.
පෙම්වතා එසේ පවසන විට අසල සිටි මගීන් තදබල ලෙස ඔහුට බැන වදින්නට වීම නිසා ඔහු ඇයත් ඇදගෙන ඊළඟ බස් නැවතුමෙන් බැස ගියේය.
මතුගම පියසේන දොඩන්ගොඩ
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෙම්වතියෙග් ජීවිතය බේරාදුන්නාට පෙම්වතාගෙන් කනේ පහරක්
SRI1 Wednesday, 11 October 2023 09:17 AM
දරුවන් ලැබෙන්න වෙෙද්‍ය හමුවකට ගිය දවසක වෙෙද්‍ය තුමෙක් නම් ඔහුට නම් ජීවිතයම අමතක නොවන සිදුවීමක් සිදුවිය හැක...