ඇය පස්සර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියකි. ඔහු හසලක ප්‍රදේශයේ තරුණයෙකි.
දෙදෙනා යාළුවූයේ දුරකථනය ඔස්සේය. දුරකථන සංවාද දිනෙන් දින ආදර සංවාද බවට පත්විය. දැන් ඔවුහු පෙම්වත්හුය.
“අනේ එන්නකෝ මට ආසයි ඔයා බලන්න” පෙම්වතිය කීවාය.
“හරි මං එන්නං හැබැයි ඔයාලගේ ගෙදරට නෙමෙයි, පස්සර කිරිමණ්ඩලය ළඟට” පෙම්වතා කීවේය.
පෙම්වතිය එයට එකඟවිය. පෙම්වතා ඉකුත් දා පැමිණියේ යතුරුපැදියෙනි. ඔහු අමතර හෙල්මට් එකක්ද සහිතව පැමිණ සිටියේය. “ආ නේ....... ඔයා (දුරකථන පෙම මෙතරම් ඉක්මනින් සැබෑවනු ඇතැයි දෙදෙනාම නොසිතූහ.
“අපි යමු මුතියංගනේ වඳින්න” පෙම්වතාගේ ආරාධනයට පෙම්වතිය දෙවරක් නොසිතාම කැමති විය. කූඩුවකින් මුදාහළ කුරුලු ජෝඩුවක් මෙන් යතුරුපැදියේ නැගුණු දෙදෙනා පියඹන්නට වූහ.
බදුල්ලට ළඟාවෙද්දී “අපි තේ එකක් බීල යමු” පෙම්වතා කීවේය.
“හා........ පෙම්වතිය කැමැති වූවාය.
තේ පානය සඳහා ගියත් පෙම්වතා පෙම්වතිය කැටුව ගියේ හෝටලයේ කාමරයකටය. විනාඩි කිපයක් යනවිට සියල්ල සිදුවී අවසන්ය. කෙල්ලට කඳුළු ආවේ ඉන්පසුවය. ඔයා මාව බඳින්න ඇය ආයාචනා කළාය.
“අපෝ දැන්ම බැහැ. මට රස්සාවකුත් නැහැ” පෙම්වතා කීවේය.
වැටුණ වළෙන් ගොඩ ඒමට අමාරු බව දැනගත් පෙම්වතිය හිතට ධෛර්යය ගෙන සිනාසී හරි එහෙනම් අපි අපේ නැන්දලාගේ ගෙදර යමු” කියා. යළි පස්සර ගොස් ගෙදර නොගොස් නැන්දලාගේ ගෙදරට පෙම්වතා කැටුව ගියේය.
නැන්දලාට මේ සිද්ධිය පැවසූ පසු නැන්දා ද පෙම්වතාගෙන් ඉල්ලා සිටියේ මේ තරුණිය සමග විවාහ වන ලෙසටය.
එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ තරුණයා ආපසු හැරීයන්නට උත්සාහ කළත් එය අසාර්ථක විය. පෙම්වතිය කළ පැමිණිල්ලට අනුව පොලිසිය විසින් පෙම්වතා අත්අඩංගුවට ගෙන දෑතට විලංගු දැම්මේය. ස්ත්‍රී දූෂණය යන චෝදනාව ඔහුට එල්ලවී ඇත.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බී.යූ.පී. මානියන්ගම මහතාගේ මෙහෙවීමෙන් බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(බදුල්ලේ පාලිත ආරියවංශ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ස්ත්‍රී දුෂණ වරදක් සිදුවෙලා නැහැ නේද? (නි)
වයස 16ට වැඩි නිසා කැමැත්තෙන් වූ සම්බන්ධයකදී ස්ත්‍රී දූෂණයක් වෙන්නෑ. ඒත් අවුරුදු 18 වෙනකල් බඳින්න බෑ. රැවටීමට නඩුවක් දාලා වන්දි ගන්න පුළුවන් (බ)
රුපවති, කොළඹට කිට්ටු අය නම් ඇතුල්කෝට්ටේ හෝ පිටකෝට්ටේ යාවි. එ්ත් මේගොල්ලෝ පස්සර ඉඳලා කොහොමද පිටකෝට්ටේ යන්නේ. (නි)
තරුණියන් හැමෝම ඔහොම ගමන් ගියා නම් අද ලංකාවේ කසාද වලට වැඩිය තියෙන්න ඕන දික්කසාද . තනි අතින් අත්පුඩි ගහන්න බැරි බව තවමත් සමහරු පිළිගන්න කැමති නැහැ . මොනවා වුණත් තරුණියකට ලජ්ජා බය ආරක්ෂා කරගෙන ජිවත් වෙන පිළිවෙල කියා දෙන්න ඕන ඇගේ මවයි. (අ)
හැම කෙල්ලම ඔහොම නොහොබිනා ගමන් යන්නේ නැහැ.හැම කෙනාටම අත පත ගාන්න නොදී ආත්ම ගෞරවය රැකගෙන කුල ගෙට යන වැදගත් කුල කුමරියන් තවමත් අප රටේ පමණක් නොව පිටරවල් හැදෙන වැඩෙන ලාංකික යුවතියන් අතර පවා ඉන්න බව කියන්නට කැමැත්තෙමි. (අ)
රූපවතී, ඔයා නම් මාරයි. මට බඩ අල්ලාගෙන හිනා යනවා. (අ)
2016-09-27 06;29;15 මගේ නමින් ඇත්තේ යම්කිසි මානසික රෝගයකින් පෙළෙන්නෙකු විය හැකි හෙයින් ..එවැනි කෙමෙන්ට් එකක් මා විසින් නොඑවූ වගට මා පාඨකයින්ට කාරුණිකව දන්වමි ..! (බ)
අපිත් (ඕන කෙල්ලක්) ඔය වගේ ගමන් ගිහින් තියෙනවා. ඒත් පෙම්වතාට 'අද ඇතුල් කෝට්ටේ යන්න බැහැ රත්තරන්, හෙට යන්, අද පිට කෝට්ටේ විතරයි හොඳේ ' කියලා කියන්න පුළුවන් ආත්ම ශක්තියක් කොන්දට පනක් අපේ සෑම කෙල්ලකටම ලබා දෙන්න ඕන. (බ)
හිනාවෙන්නේ කොහෙන්ද හිතාගන්න බැරුව ඉන්නේ (නි)
වයස 17 නම් කැමැත්තෙන් ගියත් ස්ත්‍රී දූෂණය යන චෝදනාව එනවා (නි)
දැන් මෙතන එතකොට මේ ගැහැණු ළමයාගේ වරදක් ඇත්තෙම නැද්ද? කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අර දඬුමොණරේ නැගිලා ගිහින් අමාරුවේ වැටිලා. ඔය මොළය පාවිච්චි කරන්න ඕනෑ ඔහොම ගමන් යන්න කලින්. තමන් හරියට නොදත් එදාම දැකපු කෙනෙක් එක්ක සීමාව නොදැන වැඩ කරන්න කලින්. මෙහෙමත් ගැහැණු ළමයි! (නි)
වැඩේ වුනාට පස්සේ තමයි මොලේ පැදිලා තියෙන්නේ....(හේ)
මේ ළමයින්ට දෙමාපිය ගුරුවරු උවැටන් මදිනම් ..මේ පය 24 ලියවෙන පලවෙන ..පුවත්පත් වත් කියවන්න දෙන්න ඕනේ ..?එතකොටවත් හැදෙයි ..පොත පතේ දැනුම විතරයි සාමාන්‍ය සමාජ දැනීම නම් බිංදුවයි ..?(හේ)
පෙම්වතිය කැමැත්තෙන් ගිහින් තියෙන්නේ. නීතියේ හැටියට නඩු දාන්න බැහැ. මේක අපේ නීතියේ තියෙන අඩුපාඩුවක්. ඒ නිසා කොල්ලට විරුද්ධව ස්ත්‍රී දුෂණ නඩුවක් දාන්න බැහැ (නි)
ස්ත්‍රී දුෂණ චෝදනාව එල්ල කළාට ලේසි වෙන එකක් නැහැ. උඩ පැනලා ගිහින් මෝටර් සයිකලේට නැගලා මිසක් බලෙන් පටවා ගෙන ගිහින් නැහැනේ. තරුණියට ඇත්තේ බාලවයස්කාර වයසේ වාසිය විතරයි. හැබැයි වැඩ කටයුතු නම් තිහ පැනපු බවලතෙක් වත් දෙපාරක් නොසිතා නොකරන දේවල්. (හේ)
මේ වරද තරුණියගේ නොවෙයි, එයාගේ අම්මගේ. හොඳ නරක පෙන්නා දීලා යහමඟ පෙන්නුවා නම් අද මේ දරුවට මෙහෙම වෙන්නේ නැහැ. කොහෙද දැන් ඉන්න සමහර අම්මලට දුවලට ඔවදන් දෙන්න තියා ගෙදර උයා පිහා ගන්නවත් වෙලාවක් තියෙනවද, කුණු හින්දි, ලාබ කොරියන් ටෙලි බලනවට වඩා? අම්මා කෙනෙක් බුද්ධිමත් නොවුණොත් පවුලම විනාශයි. ඒ කරුමෙට වන්දි ගෙවන්න වෙන්නේ මේ වගේ දරුවන්ට (නි)
මෙතන ස්ත්‍රී දුෂණයක් වෙලා නැහැනේ. කැමැත්තෙන්මනේ එකට ඉඳලා තිබෙන්නේ (නි)
දැන් කාලයේ සමහර ලාබාල තරුණියන්ට කවුරු හරි පිරිමි පරාණයක් අල්ලාගෙන පාරේ යන්න තිබෙනවා නම් ඒත් ඇති. තමන් තවමත් පාසල් යනවාද , පෙම්වතා විවාහකයෙක්ද තමන්ගේ වයසේ දුවලා ඉන්නවාද... ඒවා අදාළ නැහැ. යන්තම් නාඩි වැටෙන තලත්තෑනි පිරිමියෙකු හරි කමක් නැහැ අතින් අල්ලාගෙන සවාරි යන්න පුළුවන් නම්. ඊටපස්සේ මුළු පිරිමි සංහතියටම දොස් කියනවා. (නි)
මේ මෝඩ තරුණිය ගැන කණගාටු වෙනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. මේ තරුණයාව බලෙන් බන්දලා දුන්නා වුණත් ඒක ප්‍රීතිමත් යුගදිවියක් වෙන්නේ නැහැ. මෙහි වරද මේ සල්ලාල තරුණයාගේ වුණාට තරුණියගේ කැමැත්ත මත සියලු දේ සිදු වූ නිසා නීතිමය පැත්තෙන් ඔහුව බරපතල චෝදනාවකට වැරදිකරු කර දඬුවම් ලබාදීමේ හැකියාව අඩුයි (නි)