ත‍්‍රීරෝද රථ රියදුරකු වන ඔහු වෙනත් ත‍්‍රීරෝද නැවතුමක මිතුරෙක් හමුවී ”මචං මට හොඳ ගැහැණු ළමයෙක් සෙට් කරලා දීපන්කෝ” යැයි පැවසීය. ”මම උඹට නොම්මරයක් දෙන්නම්. කෙල්ල සෙට් කර ගන්න එක උඹේ වැඩක්. ඒ ගර්ල් ටැමිල්” මිතුරා කීය. දුරකතන අංකය ලබාගත් තරුණයා පසුව ඇමතුමක් ගත්විට මිහිරි කටහඬකින් දමිළ බසින් යාර් පේසරැදු? (කව්ද කථා කරන්නේ) යනුවෙන් ඇසිණි. මෙය තරුණයාට අණ්ඩර දෙමළයක් විය. ”හූ ඉස් ස්පීකින් ප්ලීස්” ඇය ඉංග‍්‍රීසියෙන්ද විමසුවාය.
දුරකතනය විසන්ධි කර ඔහු අසල නිවෙසක සේවය කරන මාමා යනුවෙන් හඳුන්වන පුද්ගලයා හමුවූයේ ඔහුට ඉංග‍්‍රීසි දැනුමක් ඇති බැවිනි. ”මාමා මම සිංහලෙන් කියන ඒවා ඉංග‍්‍රීසියෙන් එස්.එම්.එස්. කරලා දෙන්න පුලූවන්ද?” ඔහු විමසීය. සිම්පල්නේ, යැයි පැවසූ මාමා තරුණයා පවසන දේ ඉංග‍්‍රීසියට හරවා කෙටි පණිවිඩ මගින් තරුණියට යැවීය. ඒවාට ලැබෙන පිළිතුරු මාමා විසින් සිංහලට හරවන ලදි. දිනපතා කෙටි පණිවිඩ හතරක් පහක් තරුණියට යැවූ අතර, යවන එක් පණිවිඩයකට රුපියල් විස්සක් අවශ්‍ය බව මාමා පැවැසීය. ඒ අනුව දිනකට රුපියල් අසූවක් පමණ මාමාට ලැබිණි. ඔහු ඒවා මත්පැන් සඳහා වැය කළේය. දිනක් තරුණයා ”මාමා මගේ තාත්තා විදිහට ගර්ල්ට කතා කරලා කියන්න, මගේ ජොබ් එක මෝටර් සයිකල් පාට්ස් කඩවලට දාන එක කියලා”. ඒ අනුව මාමා තරුණයාගේ දුරකතනයෙන් ඇමතුමක් දී ඒ බව පැවැසීය. ඇමතුමකට මාමා රුපියල් සීයක් අය කළේය.
මාස තුනක් ගතවිය. දිනක් දුරකතන අංකය ලබා දුන් මිතුරා මුණගැසුණු තරුණයා, ”මචං එස්.එම්.එස්. වලටයි කෝල්ස්වලටයි දැනට මම රුපියල් පහළොස් දහකට වැඩියෙන් මාමාට දීල තියනවා” යැයි කීය. එවිට මිතුරා ”උඹ ඉංග‍්‍රීසිවලට නයිට් ක්ලාස් එකකට ගියානම් ඔච්චර සල්ලි යන්නෙත් නැහැ, මේ වෙනකොට උඹට හොඳට ඉංග‍්‍රීසි කතා කරන්නත් පුළුවන්” යැයි පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් පිස්සු වැඩ? (නි)
මොනවා වුණත් පව් නේද? ආදරේට ජාති ආගම් ප්‍රශ්නයක් නම් නැහැ. එහෙත් පරිස්සමට කල්පනාවෙන්. (නි)
ඔයා...මොබයිල් එකට මොන වියදමක් කලත් ..කබඩ් එකේ නොදා සිටීම නම් වැදගත්, ඇරත් ඒ මල්ලීට ඉන්ග්ලිෂ් නොතේරෙන නිසා සිංග්ලිෂ් වලින් කතා කළා නම් , තමා හොඳ. පව් ඒ කොලුවාගේ 15,000 /= ඉතිරි වෙනවා වගේම වැඩෙත් හරිගිහින් ශුභ අනාගතයකුත් ලැබෙනවා... (දී)
ප්‍රශ්නයක් නැහැ.දෙමළ ගැහැණු ළමයින්ට දෑවැද්ද දෙනවා වැඩියි මල්ලි. (නි)
රුපවති නංගි, ඔයාට ස්තුතියි දෑවැදි ප්‍රශ්නය ගැන අහපු එක. ද්‍රවිඩ ගැහැණු ළමයින් දීග දෙන්න බැරිවීමේ / ප්‍රමාද වීමේ ප්‍රධාන හේතුව තමයි දෑවැද්දට සල්ලි නැතිකම. මගේ ද්‍රවිඩ යාළුවො කීප දෙනෙක්ම ඔය කතාව තහවුරු කළා. මේ කතාවේ "පෙම්වතිය" ද්‍රවිඩ නේ. ඒ නිසා මං හිතුවා ඒ දරුවන්ට තියෙන සමාජ අසාධාරණය පෙන්විය යුතුයි කියලා. (නි)
උපාලි අයියේ ඇයි දෑවැද්දක් ගැන කතා කරන්නේ
අනේ ගාමිණී,මම නම් ගත්තේ අලුතෙන්මයි. මගේ යාලුවත් අරන් තියෙන්නේත් යු එස් ඩොලර් 600ක් දීලා. හැබැයි ඉතින් මං මේක කබඩ් එකේ දාලා තියෙනවා නම් කොහොමද මේ ඔයාලට ලියන්නේ. පොඩ්ඩක් මොළය මදි වගේ නේද ඔයාගේ? (නි)
චන්දි, පාවිච්චි කරන්න දන්නේ නැති කෙනෙකුගෙන් ලාබෙට ගත්තා කියලා ඔයා කිව්වේ ඔය ලැප් ටොප් එක ගැනද? (නි)
ආලය අන්ධය (නි)
තවම දෙන්න දැකලවත් නැහැ එතකොට. දැනටම 15000 ක් ගිහින්. තව බොහොම යන බව පේනවා ඉස්සහට. කොල්ලෝ, ගණන් හිලව් ලියාගෙන ඉඳලා දෑවැද්දෙන්වත් කවර් කරගන්න බලපන්. (නි)
ප්‍රශ්නයක් නැහැ. දෑවැද්දට ආපහු ලැබේවි. (නි)
මේ සිද්ධිය දැක්කම මට මතක් වුණේ මගේ යෙහෙලියෙක්. ඇය එස්.එම්.එස්. එකක්වත් යවන්න දන්නේ නැහැ. නමුත් මේ ළගදි දවසක් ලැප් ටොප් එකක් ගෙනල්ලා ලංකාවට කෝල් ගන්න කියලා.ගෙනාපු ගමන් ගොඩක් යහළුවන්ට පෙන්නලා, කෙනෙක් කියලා ඕකෙන් ලංකාවට කෝල් ගන්න ගොඩක් දේවල් කරන්න ඕනෑ කියලා. දැන් එයා ඒක කබඩ් එකේ දාගෙන ඉන්නවලු (නි)
"ආරේ ගති නෑරේ."
පටන්ගන්න කාලේ මමත් යාලුවන්ගෙන් ඔය වගේ උපකාර ගත්තා. අපේ කාලේ ඉතින් ලියුම් ගනුදෙනු විතරනේ තිබුනේ. පස්සේ නම් තනියම කරගෙන ගියා. පස්සේ කාලෙක නෝනා ඇහුවම "කෝ අර ලස්සන අදහස් කියලා" ඒ ඉතින් මමම නෙමෙයිනේ, කියලා අමාරුවෙන් ගොඩගියේ. ඒක නිසා පරෙස්සමට මලයෝ. (නි)
කෙල්ල මාමා එක්ක පැනල නොගියොත් පුදුමයි.
මාමා ඉංග්‍රීසි පන්ති කළා නම් මිටවඩා සල්ලි හොයන්න තිබුනා
අනේද කියන්නේ........ (නි)
කොහොම වුණත් එච්චර කල් කෙටි පණිවිඩ යව යවා නොදැක හිටියා නම් එයා මෝඩයෙක්ම තමයි. (නි)
මෙහෙමත් මෝඩ කොල්ලෙක් (නි)
ගාමිණී, එහෙම හිතුවොත් ඉතින් බැහැම තමා (නි)
" බැරිදේ නොකරන් අබරෝ " යන කියමන තේරුම් ගත්තොත් නම් ටිකක් හොඳා. (ස)
දැන් දෙමළ කාටද සිංහල බැරි? අනේ මේවා කාටද කියන්නේ? (නි)
අන්න වරුණ ඔයත් යන්න. එක එක්කෙනාට වැඳ වැඳ ඉංග්‍රීසි අහගන්න ඕනෑ නැහැනේ. පාසලේදී ඉගෙන ගන්න උනන්දුවක් තිනුනෙත් නැහැනේ. (නි)
මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)
මෙහෙමත් මෝඩයෙක්.සිංහල රටේ සිංහල කෙල්ලෙක් හොයා ගන්න බැරිද? (නි)