ජනේලයක් ළඟට වී පෙම්බස් දොඩමින් සිටි පෙම්වතා, පෙම්වතියගේ කරේ තිබූ මාලය කඩාගෙන පැනගිය පුවතක් නගරයකට ආසන්න ගමකින් වාර්තාවෙයි. සිද්ධිය සැකෙවින් මෙසේයි. ඇය මෑතදී පාසල් හැරගිය තරුණියකි. නාඹර තරුණ වියට පා තබන ඇයට පෙම්වතකුගේ අවශ්‍යතාව තදින් දැනී තිබිණි. මේ බව ඉවෙන් මෙන් වටහාගත් තරුණයෙක් ඇය සමඟ හාදවිය. දෙදෙනාට තනිව කතා බහට තැනක් අවශ්‍ය විය. යෝජනාව තරුණියගේය. රෑට මගේ කාමරය ළඟට ඇවිත් ජනේලයට තුන්වරක් තට්ටු කරන්න. තරුණයා ක‍්‍රියාත්මක විය. රාත‍්‍රි දහය පසුවූවා පමණි. තුන්වරක් තට්ටුකළ විට ජනේලය විවෘත විය. තරුණිය ඇතුල් පැත්තේය. තරුණයා පිට පැත්තේය. දෙදෙනාම පෙම් ලොවේ පසුවෙති. මේ අතර තරුණියගේ කරේ තිබෙන වටිනා මාලය තරුණයාගේ නෙත ගැටිණි. ඔහුට පේ‍්‍රමය අමතක විය. පුරුද්ද ඉස්මතු විය. රහසක් කියන්නට ඇය ළඟට කැඳවාගෙන හාදුවක් දෙන අතර මාලය කඩාගෙන කළුවරේම අතුරුදන්විය. ඇයට පෙම්වතාත් නැත. මාලයත් නැත. කියන්න කෙනෙකුත් නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඇයට පෙම්වතාත් නැත. මාලයත් නැත. කියන්න කෙනෙකුත් නැත." නම් මේ අපි දන්නෙ කොහොමද? බොරුනෙ මල්ලි...
මොඩ කෙල්ල
මෝඩ කොල්ලෙක්.කාමරේ ළගටම ඇවිත් අරන් තියෙන්නේ මාලේ විතරනේ
ආදරය භයානකයි
රෑට ගෙදර අයට හොරෙන් ගෙදරට එන්න කියන්නෙ හොඳ කෙල්ලො නෙම්. අපරාදෙ මාලෙ විතරක් කැඩුවෙ.
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා ...........
මෙතන ආදරයක් තිබිලා නෑ වගේ..... නැත්තම් ඔහොම වෙයි ද? ඕක තමයි කියන්නේ ඉක්මන් කොටයි කියලා .... දැන්වත් පාඩමක් ඉගෙන ගන්න ...........
පෙම්වතා ඔයාට නෙමේ ආදරේ, ඔයාගේ මාලෙට
පෙම්වති ඔයාට නෙවෙයි ආදරය කරල තියෙන්නේ ඔයාගේ රත්තරන් වලට.
අනේ ඒකනම් ඇත්ත තමයි ජයාන්. ඔයා කිව්ව දේ තමයි හරි. මේ දේවල් අපේ ජීවිත වලටත් හොද පාඩමක් කරගන්න එකයි අපි කරන්න ඕන. එහෙම නැතිව අනුන්ට හිනා වෙන එක නෙමෙයි.
හොද වෙලාවට මාලෙ විතාරක් කඩාගෙන ගියේ
ජනේලය ළගට ඇවිත් ඔහොම නම් කාමරය ඇතුළට ආව නම් මොනවා වෙයිද? මෝඩ කෙල්ලෝ
මොනව උනත් ආපේම සිංහල ලේ තියන සහෝදරියකය නරකක් කරන්න එපා.අපේ කෙනෙක්ට එහෙම වෙනවට අපි කැමති නෑ වගේ තමයි එයාලත්....
නංගි දිළිසෙන සියල්ල රත්තරං නොවේ . දැන්වත් දැනගත්තද ? ජනේලෙට යකඩ ග්‍රිල් තිබ්බ නිසා ඔයින් බේරුනා.නැත්නම් දඹුලු ගිහින් තලගොයිත් මරානෙයි යනනේ............
රන් මාලා ගොතා ගෙලේ පලදන්නමි මා.......... ප්‍රේම සුදෝ... කිරි සයුරේ පෑයු පෙමිවත්තු.
ඔව් මන්ජුල ඔයා හරියටම හරි.
ඇති මාලෙන් බේරුණා
ඇති ඔයින් ගියා වෙන දෙයක් කඩාගෙන ගියානම් ඡිව්තයම අනාතයි... කිසිවක ඇලි ගැලි ඡිවත් නොවන්න මන්ද සියල්ල නැසෙන සුළුය ශේෂ වන්නේ අප තුළ වන සාරධර්ම පමණි මනුස්ස කම පමණි බදුන්ගේ දහම එයයි
නියමයි...හොඳ වැඩේ...මෝඩ කෙල්ල...
ආයිනම් ජීවිතේට ජනේලෙන් ප්‍රේම කරන එකක් නෑ
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට මේව හොඳ පාඩම්......!!!!!!!!!!!!!!!!!!